• සංචාරක ක්ෂේත්‍රයේ නියුතු වුවන්ට බලපාන කම්කරු නීති ලබන වසර තුළ සංශෝධනය කෙරේ...
  • සංචාරක ක්ෂේත්‍රයේ නිරත වූවන්ට සමාජ රක්ෂණ ක්‍රමයක්....
  • හෝටල් පාසල ලබන වසරේ දි උපාධි ප්‍රදානය කරනු ලබන උසස් අධ්‍යාපන ආයතනයක් බවට පත් කෙරේ...

- සංචාරක හෝටල් කළමණාකරණ පුහුණු පාසලේ 41 වන ඩිප්ලෝමා ප්‍රදානෝත්සවයේ දි ඇමති ප්‍රසන්න රණතුංග කියයි.

 

සංචාරක ක්ෂේත්‍රයේ නියුතු වුවන්ට බලපාන කම්කරු නීති ලබන වසර තුළ සංශෝධනය කිරිමට අපේක්ෂා කරන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ කම්කරු අමාත්‍යාංශය සමග ද සාකච්ඡා කර ඒ සදහා අවශ්‍ය කටයුතු සිදු කරන බවයි.

ශ්‍රී ලංකා සංචාරක හෝටල් පුහුණු කළමණාකාරණ ආයතනයේ 41 වන වාර්ෂික ඩිප්ලෝමා ප්‍රදානෝත්සවයට එක්වෙමින් ඇමතිවරයා මේ බව සදහන් කළේය. කොළඹ ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ දී පසුගිය දා (27) මෙම ඩිප්ලෝමා ප්‍රදානෝත්සවය පැවැත්විණ. කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් 2019 වසරේ ඩිප්ලෝමා ප්‍රදානය සිදු කිරිමට නොහැකි වු නිසා මෙවර 2019 සහ 2020 යන වර්ෂ දෙකේම ශීෂ්‍ය ශිෂ්‍යාවන්ට ඩිප්ලෝමා ප්‍රදානය සිදු කිරීම විශේෂත්වයකි.

මෙහි දි වැඩි දුරටත් අදහස් දැක්වු ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙසේ ද කීවේය.

“සංචාරක ව්‍යාපාරය මේ වන විට තිබෙන්නේ ඉතාමත් තීරණාත්මක අවස්ථාවක. කොවිඩ් වසංගත තත්ත්වය නිසා මේ ක්ෂේත්‍රයේ නිරත බොහෝ පිරිස් මේ වන විට දැඩි පීඩාවකට පත්ව සිටිනවා. ලෝකයේ බොහෝ රටවල් කොවිඩ් වසංගතයෙන් පස්සේ ක්‍රමානුකුලව විවෘත කරමින් තිබෙනවා. අපේ රටත් මේ වන විට සංචාරකයන්ට විවෘත කරලා සංචාරක ව්‍යාපාරය ක්‍රමානුකුලව හිස ඔසවමින් තිබෙන වෙලාවක්.

අපේ රටේ සංචාරක ව්‍යාපාරයෙන් සෘජු හා වක්‍රව යැපෙන සංඛ්‍යාව ලක්ෂ 30 ක් විතර. මේ ක්ෂේත්‍ර යේ ඉන්න අය රැක ගැනීම අපේ වගකීමක්. අපි කටයුතු කරමින් සිටින්නේ ඒ සදහායි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය යේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඉතා පැහැදිලිව සදහන් වෙනවා සංචාරක ව්‍යපාරයේ මානව සම්පත් කළමණාකරණය පිළිබදව. ඒ අනුව ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමණාකරණ ආයතනය උපාධි ප්‍රදානය කරනු ලබන උසස් අධ්‍යාපන ආයතනයක් බවට පත් කීරිමට අපි කටයුතු කරගෙන යනවා. ඒ සදහා කැබිනට් අනුමැතියත් අපි ලබාගත්තා. ඒ වෙනුවෙන් දැනට ක්‍රියාත්මක වන 2005 අංක 38 දරණ පණත සංශෝධනය කිරිමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ සදහා දැනටමත් නීති කෙටුම්පත් අංශය වෙත යොමු කරලයි තියෙන්නේ. අපි විශ්වාස කරනවා උපාධි හෝ උසස් අධ්‍යාපන පාඨමාලා හදුන්වා දීම තුළින් කළාපීය රටවල මේ සදහා කැමැත්තක් ඇති අයටත් ඒ අවස්ථාව ලබාදෙන්න. අපි බලාපොරොත්තු වෙනවා ලබන වර්ෂයේ මුල් කාර්තුව තුළ මේ සදහා අවශ්‍ය කටයුතු කරන්න.

ඒ වගේම සංචාරක කර්මාන්තය කියන්නේ මේ වන විට අවධානම් සහගත කර්මාන්තයක් බවට පත්වෙලා තියෙන්නේ. ගංවතුරක් ගැලුවත්, සුනාමියක් ආවත්, බෝම්බයක් පිපුරුණත් දැන් අපි මේ මුහුණ දීලා ඉන්න කොවිඩ් වගේ ගෝලීය වසංගතයත් ආවත් අවධානමට පත්වෙන ක්ෂේත්‍රයක් තමයි සංචාරක ව්‍යාපාරය. මේ වන විට මේ තත්ත්වය සැලකිල්ලට ගෙන අපි කටයුතු කරමින් ඉන්නවා සංචාරක ක්ෂේත්‍ර යේ නියුතු වුවන් වෙනුවෙන් සමාජ ආරක්ෂණ වැඩපිළීවෙලක් හදුන්වා දෙන්න. අපේ අරමුණ තමයි මෙවැනි ආපදා අවස්ථාවන්හිදි මේ ක්ෂේත්‍ර යේ නිරත වුවන්ගේ රැකියා සුරක්ෂිතතාව තහවුරු කිරීම.

මේ ක්ෂේත්‍ර යේ නිරත වෙලා ඉන්න සේවකයන්ගේ රැකියාව අඛණ්ඩව පවත්වාගෙන යාම සහ අනෙකුත් වෘත්තීය අයිතිවාසිකම් ආරක්ෂා කිරිම සදහා ඔවුන්ට බලපාන කම්කරු නීති සංශෝධනය කරන බව ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සදහන් වන තවත් වැදගත් කරුණක්. පසුගිය කාලේ කොරෝනා තත්ත්වයත් එක්ක අපිට මේ සම්බන්ධ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නොහැකි වුණා. ලබන වසර වන විට කම්කරු අමාත්‍යාංශය සමග ද සාකච්ඡා කොට ඒ පිළිබද ව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට අපි අපේක්ෂා කරනවා.

අද මේ ක්ෂේත්‍රයට අලුතින් පිවිසෙන ඩිප්ලෝමාධාරි ඔබ සැමට අපි එක සහතිකයක් ලබාදෙනවා. මේ රටේ සංචාරක ව්‍යාපාරය කොවිඩ් වලට පෙර තිබු තත්ත්වයටත් වඩා දියුණු කිරිම සදහායි අපි මේ කටයුතු කරමින් ඉන්නේ. ගෝලිය වසංගතය හරහා අපිට විවිධ බාධාවන් එල්ල වුණත් අපි ඒ සදහා කටයුතු කරනවා.

සංචාරක අමාත්‍යාංශ ලේකම් එස්.හෙට්ටිආරච්චි, සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති කිමාලි ප්‍රනාන්දු, සංචාරක හෝටල් කළමණාකරණ පුහුණු ආයතනයේ අධ්‍යක්ෂක ජෙනරාල් නදීකා වටලියද්ද යන මහත්ම මහත්මීහු ද මෙහි දි කථා කළහ.

1 2

සංචාරක පුවත්

Sri Lanka Mega Roadshow 2026 Achieves Remarkable Success In Seoul, Strengthening Tourism, Cultural And Buddhist Ties Between Sri Lanka And South Korea

The Sri Lanka Tourism Promotion Bureau (SLTPB), in collaboration with the Embassy of Sri Lanka in the Republic of Korea, successfully concluded the Sri Lanka Mega Roadshow 2026 at the prestigious Lotte Hotel Seoul on 08 June 2026, further strengtheni

Continue Reading

The Embassy of Sri Lanka in the Republic of Korea hosted Pulse of Sri Lanka – A Celebration of Dance and Heritage on 5 June 2026 at the Kkumbit Theater, Seongbuk Media Culture Maru, Seoul, presenting a vibrant showcase of Sri Lanka’s cultural traditi

Continue Reading

ඉදිරි වැඩසටහන්

Exit
දිස්ත්‍රික්කය