ශ්‍රී ලංකාවට වැඩි වශයෙන් සංචාරකයන් ගෙන්වා ගැනීම සඳහා ප්‍රධාන රටවල් 05ක් ඉලක්ක කර ගනිමින් විශේෂ ප්‍රවර්ධන වැඩසටහනක් කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා බලධාරීන්ට උපදෙස් දෙයි. ඒ අනුව ප්‍රංශය, බ්‍රිතාන්‍ය, ජර්මනිය, ඉන්දියාව, රුසියාව යන රටවල මෙම ප්‍රවර්ධන කටයුතු සිදුකෙරේ. ඊට අමතරව කසකස්තාන‍ය, යුක්රේනය සහ මැදපෙරදිග කලාපයේ ද ප්‍රවර්ධන කටයුතු කඩිනමින් ආරම්භ කරන ලෙස ද ඇමතිවරයා සංචාරක ප්‍රවර්ධන කාර්යංශයට උපදෙස් දුන්නේය.

සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ අධ්‍යක්ෂක මණ්ඩලය සහ ප්‍රධානීන් සමග අද (25) අමාත්‍යංශයේ පැවැති සාකච්ඡාවකදී ඇමතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේය. ශ්‍රී ලංකාවට සංචාරකයන් ගෙන්වා ගැනීම සඳහා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති ගෝලීය ප්‍රවර්ධන වැඩසටහනට අමතරව මෙම විශේෂ ප්‍රවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදන ලෙස ද ඇමතිවරයා මෙහිදී වැඩිදුරටත් උපදෙස් ලබා දුන්නේය.

 ඒ අනුව ඉදිරි මාස කිහිපය තුල එම රටවල සංචාරකයන් ඉලක්ක කර ගනිමින් කෙටි කාලීන හා දීර්ඝ කාලීන ප්‍රවර්ධන වැඩසටහන් සංවිධානය කෙරෙනු ඇත. සංචාරක නියෝජිත හමු මාධ්‍ය හා සමාජ මාධ්‍ය උපයෝගී කර ගනිමින් විශේෂ ප්‍රවර්ධන වැඩසටහන් මේ යටතේ ක්‍රියාත්මක කෙරේ. මෙරට සංචාරක නියෝජිත ආයතන සහ අදාල රටවල සංචාරක නියෝජිත ආයතන සමග මුහුණට මුහුණ සාකච්ඡා සංවිධානය කොට මෙරටට සංචාරකයන් ආකර්ෂණය කර ගැනීම සඳහා කටයුතු කරන ලෙස ඇමතිවරයා මෙහිදී උපදෙස් දුන්නේය. මෙම ප්‍රවර්ධන කටයුතු වලදී ශ්‍රී ලංකාව කොවිඩ් එන්නත්කරණය සාර්ථකව සිදුකල රටක් ලෙස පුළුල් ප්‍රචාරයක් ලබාදීමට ද ‍මෙහිදී තීරණය කෙරිණි.

ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහිදි අවධාරණය කලේ ඉදිරි මාස දෙක තුල මෙරටට සංචාරකයන් වැඩි වශයෙන් ගෙන්වා ගැනීම සංචාරක සංවර්ධන අධිකාරියේ ඉලක්කය විය යුතු බවයි. ආයතනයේ සියලු කටයුතු ඒ මත පදනම්ව ක්‍රියාත්මක කල යුතු බවද ඇමතිවරයා කීවේය. නිර්මාණශීලි අදහස් ඔස්සේ ඒ සඳහා නැවුම් වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය බව ද ඇමතිවරයා පෙන්වා දුන්නේය.

පසුගිය ජනවාරී මාසයේ සිට ඔක්තෝම්බර් 24 වෙනිදා දක්වා මෙරටට සංචාරකයන් 54,768 පැමිණ තිබේ. පසුගිය සැප්තැම්බර් මාසයේදී සංචාරකයන් 13547ක්  මෙරටට පැමිණ ඇති අතර ඔක්තෝම්බර් මාසයේ 01 වෙනිදා සිට මේ දක්වා සංචාරකයන් 16,451 දෙනෙකු පැමිණ ඇතැයි මෙම සාකච්ඡාවේදී අනාවරණය විය. ඉන්දියාව, එක්සත් රාජධානීය, පාකිස්ථානය, රුසියානු සමූහාණ්ඩුව,  ජර්මනිය, මාලදිවයින, කැනඩාව , ප්‍රංශය, ඇමරිකාව, ඉන්දුනිසියාව  යන රටවල් 10යෙන් මෙම පිරිස පැමිණ තිබේ.

සංචාරක පුවත්

Adventure with Confidence in Sri Lanka: Introducing Adventure Plus Insurance

Sri Lanka is a paradise for adventure seekers. From riding world-class waves along the southern coast and trekking through misty mountain trails to white-water rafting, diving, cycling, and wildlife safaris, the island offers unforgettable experience

Continue Reading

Sri Lankan Travel Documentary Wins Top Honor at Global Media Awards 2026 in London, UK

Sri Lanka’s storytelling excellence took centre stage at the Inspire Global Media Awards 2026, held recently in London, United Kingdom with a packed room of media glitterati. The Sri Lankan travel documentary produced by Mark Julian Edwards won the p

Continue Reading

ඉදිරි වැඩසටහන්

Exit
දිස්ත්‍රික්කය