මෙරට සංචාරක හා ගුවන් සේවා ක්ෂේත්‍ර දියුණු කිරිම සදහා ඉන්දියාව සිය පුර්ණ සහාය පළ කරයි. ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ සහ සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග යන  මහතවරුන් සහ මෙරට ඉන්දිය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා අතර පැවති සාකච්ඡාවක දි මේ බව අවධාරණය කෙරිණි.

කටුනායක ගුවන්තොටුපළේ විශේෂ අමුත්තන්ගේ පර්යන්තයේ දි පැවති මෙම සාකච්ඡාවේ දි ඇමති ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දුන්නේ ඉන්දියාව මෙරටට සංචාරකයන් වැඩි වශයෙන් පැමිණෙන රටවල් අතර ප්‍රමුඛ ස්ථානයේ සිටින බවයි. මේ වන විට මෙරට බහුතර ජනතාව කොවිඩ් එන්නත ලබාගෙන ඇති බවත්, මේ වන විට පාසල් දරුවන්ට ද කොවිඩ් එන්නත ලබාදීමට රජය කටයුතු කරන බව පෙන්වා දුන් ඇමතිවරයා ඉදිරියේ දි ශ්‍රි ලංකාවට පැමිණෙන ඉන්දීය සංචාරකයන්ගේ වැඩිවීමක් අපේක්ෂා කරන බව ද කීවේය. විශේෂයෙන්ම ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර ඇති ආගමික සබදතාවයන් මත දෙරට අතර සංචාරක ව්‍යාපාරය ඉහළ නැංවිමේ හැකියාව පිළිබද ව වැඩි අවධානයක් යොමු ව තිබේ. ශ්‍රී ලාංකික බෞද්ධ බැතිමතුන් දඹදිව වන්දනා සදහා සහභාගී වන අතර ඉන්දිය බැතිමතුන් රාමායන ආශ්‍රිත ස්ථාන නැරඹීම සදහා වැඩි වශයෙන් මෙරටට පැමිණේ. මේ තත්ත්වට සැලකිල්ලට ගෙන දෙරට අතර ආගමික, සංස්කෘතික හා පුරාවිද්‍යාත්මක සංචාරයන් දියුණු කිරීමේ ඒකාබද්ධ වැඩසටහනක් ක්‍රියාත්මක කළ යුතු යැයි ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහි දී යෝජනා කළේය. ඊට එකගත්වය පළ කළ මෙරට ඉන්දිය මහකොමසාරිස්වරයා‍ කියා සිටියේ දැනටමත් ඒ සම්බන්ධයෙන් අවධානය යොමුව ඇති බවයි.

දෙරට අතර ගුවන් සේවාවන් පුළුල් කිරිමට ද මෙහි දි සාකච්ඡා කෙරුණු අතර යාපනය චෙන්නායි ගුවන් ගමන් යළි ආරම්භ කිරිම සම්බන්ධයෙන් ද අවධානය යොමු කෙරිණි. ඇමති නාමල් රාජපක්ෂ  මහතා මෙහි දි කියා සිටියේ ඉන්දියාව මෙරට සමාජ ආර්ථික කටයුතු වෙනුවෙන් දක්වන සහයෝගයට ශ්‍රී ලංකා රජයේ ප්‍රසාදය පළ කරන බවයි.

ඡායාරූපය - මෙරට ඉන්දිය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ, ඇමති නාමල් රාජපක්ෂ, ඇමති ප්‍රසන්න රණතුංග, රාජ්‍ය  අමාත්‍ය ඩි.වි.චානක, යන මහත්වරුන්  අතර ඇති වු සාකච්ඡාව.

82894d82 143b 49d7 a499 b874968c36c8 1

සංචාරක පුවත්

Sri Lanka Tourism Showcases Progress Across Key Sectors – July 2026

Sri Lanka Tourism continues to strengthen its global presence through a series of impactful initiatives and achievements across wellness, marine, cultural, educational, and business tourism. The Sri Lanka Tourism Promotion Bureau (SLTPB) has recently

Continue Reading

Sri Lanka Recognized Among World’s Best Travel Destinations for 2026

Sri Lanka has continually proven its potential as a top travel destination, maintaining a strong global image despite challenges such as the Easter attacks, the COVID-19 pandemic, the economic crisis, and the recent Ditwah disaster. Demonstrating res

Continue Reading

ඉදිරි වැඩසටහන්

Exit
දිස්ත්‍රික්කය