• මේ වසරේ ගෙවුණු මාස 09 ට ඇමෙරිකානු ඩොලර් මිලියන 101.44 ක සංචාරක ආයෝජන අනුමැතියට...
  • ඇමෙරිකානු ඩොලර් මිලියන 92.176 සංචාරක ආයෝජන අනුමත කර අවසන්....
  • කොවිඩ් වසංගතය අතරතුරත් මෙරට සංචාරක ආයෝජනය සදහා මෙලෙස යෝජනා ඉදිරිපත් විම ඉතා හොද ප්‍රවණතාවයක් බව ඇමති ප්‍රසන්න රණතුංග කියයි.

මේ වසරේ ජනවාරි මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා ගෙවුණු මාස 09 තුළ ඇමෙරිකානු ඩොලර් මිලියන 101.44 ක සංචාරක ආයෝජන අනුමැතිය සදහා ඉදිරිපත් වෙයි. ඉන් ඇමෙරිකානු ඩොලර් මිලියන 92.176 සංචාරක ආයෝජන අනුමත කර ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. එම කාලය තුළ අනුමැතිය සදහා සංචාරක අයෝජන 33 ක් ඉදිරිපත්ව ඇති අතර ඉන් 22 කට අනුමැතිය ලබාදී තිබේ. කොවිඩ් වසංගතය අතරතුරත් මෙරට සංචාරක ආයෝජනය සදහා මෙලෙස යෝජනා ඉදිරිපත් විම ඉතා හොද ප්‍රවණතාවයක් බව ඇමතිවරයාගේ අදහසයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍ය යේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව මෙරට සංචාරක ක්ෂේත්‍රයට අදාළ නව ආයෝජන අවස්ථා පුළුල් කිරිමට වැඩි අවධානයක් යොමු කර ඇත. ඒ අනුව විනෝදාස්වාදය පදනම් කරගත් උද්‍යාන, කේබල් කාර් ව්‍යාපෘති, පාවෙන ආපනශාලා, දිය යට කලාගාර වැනි ආයෝජන සදහා අනුමැතිය ලබා දි තිබේ. ආගමික, සංස්කෘතික ජාතික උරුමයන්, ත්‍රාස්‍යජනක ක්‍රීඩා, ආයුර්වේද යන ක්ෂේත්‍ර වලට අදාළ ව මෙම යෝජනා ඉදිරිපත් ව තිබේ.

වත්මන් රජය බලයට පත්වීමෙන් පසුව සංචාරක ආයෝජන සදහා අනුමැතිය ලබාදිම කඩිනම් කෙරිණ. ඒ සදහා ශ්‍රි ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ආයෝජන සබදතා ඒකකයක් ද ස්ථාපනය කර තිබේ. මෙම ඒකකය ස්ථාපිත කර ඇත්තේ ආයෝජන අනුමත කරලීමේ ක්‍රියාවලියේ සංකීර්ණතාව, රේඛීය ආයතන සංඛ්‍යාව බහුල වීම සැලකිල්ලට ගෙනයි. ආයෝජන අනුමත කිරීමේ ක්‍රියාවලිය පහසු කිරිම සහ කඩිනම් කිරිම මෙම ඒකකයට සම්පුර්ණයෙන් ම පවරා ඇත. ඒ අනුව  ඊට අදාළ රාජ්‍ය ආයතන 43 ක් සමග අවබෝධතා ගිවිසුම් වලට අත්සන් කිරිමට ද කටයුතු කෙරුණු අතර මේ වන විට අදාළ ආයතන රැසක් සමග අවබෝධතා ගිවිසුම් අත්සන් කර ඇතැයි ද ඇමතිවරයා සදහන් කරයි.

විදේශ සංචාරක ක්ෂේත්‍රය මෙරට ප්‍රධාන ආදායම් මාර්ගයකි. එම ක්ෂේත්‍රය දියුණු කෙරෙන ආකාරයේ ආයෝජන සම්පන්ධයෙන් රජය පාර්ශවයෙන් විශේෂ අවධානයක් යොමු කර ඇති අතර ශ්‍රී ලංකාවට සංචාරක ආයෝජන ලබා ගැනීම සදහා විශේෂ අවධානයක් යොමු කර ඇති බව ද ඇමති ප්‍රසන්න රණතුංග මහතා කියයි. සංචාරක ආයොජනයන්හි දි පරිසර හිතකාමි සංචාරක ව්‍යාපෘතීන් පිළිබද වැඩි අවධානයක් යොමු කෙරේ.

ලබන වසර වනවිට මෙරටට ඉදිරිපත් වන සංචාරක ආයෝජන සංඛ්‍යාව වැඩි වනු ඇතැයි අපේක්ෂා කෙරේ. කොවිඩ් හේතුවෙන් බිද වැටුණු සංචාරක කර්මාන්තය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් තිබීම ඊට හේතුවයි. ඉදිරියේ දී මෙරටට පැමිණෙන සංචාරකයන් සංඛ්‍යාව වැඩිවනු ඇතැයි ද අපේක්ෂා කරන බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කරයි.

සංචාරක පුවත්

Sri Lanka Tourism Expands Its Presence in the South Korean Market Through the Successful Busan Mega Roadshow 2026

The Sri Lanka Tourism Promotion Bureau (SLTPB), in collaboration with the Embassy of Sri Lanka in the Republic of Korea, successfully concluded the Sri Lanka Mega Roadshow 2026 at the prestigious Signiel Hotel Busan, reaffirming Sri Lanka's commitmen

Continue Reading

Sri Lanka’s Participation at the Let’s Travel International Tourism Forum 2026, Moscow, Russian Federation

The Sri Lanka Tourism Promotion Bureau (SLTPB) successfully participated in the 6th Let’s Travel International Tourism Forum (ITF) 2026, held from 10–14 June at the VDNH Exhibition Complex in Moscow, the largest outdoor exhibition venue in the city.

Continue Reading

ඉදිරි වැඩසටහන්

Exit
දිස්ත්‍රික්කය