රාවණා ඇල්ලෙන් ඇද වැටී තුවාල ලබා ප්‍රතිකාර ලබන ඊශ්‍රායල් තරණියගේ සුවදුක් බැලීමට සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අද (29) ඇය ප්‍රතිකාර ලබන කොළඹ පෞද්ගලික රෝහලට ගියේය.

සිය පෙම්වතා සමග මීට සති කීපයකට පෙර මෙරටට සංචාරයක් සදහා පැමිණි EDEN SIRI (23) නැමැති ඊශ්‍රායල ජාතික තරුණිය සැප්තැම්බර් 15 වන දා රාවණා ඇල්ල බැලීමට ගොස් ඇත. ඇල්ලේ ඉහළ ගලකට නැගීමකට යාමේ දී ඇය ලිස්සා ඇද වැටී තිබේ. ඇයව බදුල්ල රෝහලට ඇතුළත් කර ඇති අතර දින කීපයක් කොමා තත්ත්වයෙන් පසු වී ඇත. සංචාරක සංවර්ධන අධිකාරිය මැදිහත් වී අවශ්‍ය සම්බන්ධිකරණ කටයුතු සිදු කර කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුලත් කිරීමට කටයුතු කර තිබේ. ශල්‍යකර්ම කීපයකින් පසු ඇය මේ වන විට සුව වෙමින් සිටින අතර එම තරුණියගේ මව හා පියා දිවයිනට ගෙන්වා ගැනීමට ද එම අධිකාරිය මැදිහත් වු බව සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක ජෙනරාල් ධම්මිකා විජේසිංහ මහත්මිය පවසයි.

අද උදෑසන එම තරුණිය ප්‍රතිකාර ලබන රෝහලට ගිය ඇමති ප්‍රසන්න රණතුංග මහතා ඇයගේ සුවදුක් විමසා බැලීය. හෙට ඇය දිවයිනෙන් පිටව යාමට අපේක්ෂාවෙන් සිටින අතර ඒ සදහා අවශ්‍ය පහසුකම් සැලසීමට ද ඇමතිවරයා පියවර ගත්තේය. තමන් ශ්‍රී ලංකාවට දැඩිව ඇළුම් කරන බවත් සම්පූර්ණයෙන් ම සුව වී නැවත ශ්‍රී ලංකාවට පැමිණිමට අපේක්ෂා කරන බවත් එම තරුණිය එහි දී සංචාරක ඇමතිවරයාට කියා සිටියාය.

b017fea0 fd89 4bf8 b8b3 7070822367e8

සංචාරක පුවත්

No news available

ඉදිරි වැඩසටහන්

No events available

Exit
දිස්ත්‍රික්කය