සංචාරක ව්‍යාපාරය නගාසිටුවීම සඳහා ගෙන යන වැඩපිළිවෙළ යටතේ කටුනායක ගුවන්තොටුපළ ආශ්‍රිතව පිහිටුවන ලබන  නවීන පී.සී.ආර් පරීක්ෂණාගාරය එලැබෙන 20 වැනිදා විවෘත කෙරේ.පැයකට පී.සී.ආර් පරීක්ෂණ 500 බැගින්  දිනකට පී.සී.ආර් පරීක්ෂණ 7000ක්  මෙම පරීක්ෂණගාරය තුළ සිදුකිරීමට නියමිතයි.එම පරීක්ෂණාගාරය නිරීක්ෂණය කිරීම සඳහා  අද(14) පෙරවරුවේ  සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සහභාගී වූ අතර මෙරටට පැමිණෙන සංචාරකයින්ට පැය තුනක් වැනි කෙටි කාලයක් තුළ  පී.සී.ආර් පරීක්ෂණ වාර්තාවක් නිකුත් කිරීම මෙමඟින් සිදුකෙරේ.

ඒ අනුව ගුවන්තොටුපළ ආශ්‍රිතව ඉදි කෙරුණු පී.සී.ආර් පරීක්ෂණාගාරයේ වාර්තාව නෙගටිව් වන, එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ඇති සංචාරකයින්ට  බාධාවකින් තොරව ශ්‍රී ලංකාවේ නැරඹුම් ස්ථාන කරා යා හැකිය.පී.සී.ආර් පරීක්ෂණාගාරය නිරීක්ෂණයට එක් වූ අමාත්‍යවරයා  එහිදී මෙසේ පැවසීය.

මේ පරීක්ෂණාගාරය අපි ලබන 20දා විවෘත කරනවා. සමාගමක් මෙහි ආයෝජනය කර තිබුනත් පරීක්ෂණාගාරයේ සම්පූර්ණ අයිතිය තියෙන්නෙ ගුවන් සේවා සහ ගුවන්තොටුපල සමාගමටයි. වසර දෙකක කළමණාකරන ගිවිසුමක් යටතේ පරික්ෂණාගාරය ක්‍රියාත්මක වෙනවා. මේ පරීක්ෂණාගාරය සංචාරකයින්ගෙන් මුදල් අය කරලා පී.සී.ආර් කරන්නෙ. ඩොලර් 40 ක මුදලක් අය කරන්න නියමිතයි. පහුගිය කාලේ අපි යුක්‍රේනයට ගියා. යුක්රේනයේ  ඩොලර් අනූවක් පී.සී.ආර් පරීක්ෂණයකට අය කරනවා. යුරෝපයේ  ඩොලර් 60 ක් අය කරනවා.

 ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සම්බන්ධයෙන් මෙතෙක් ක්‍රියාත්මක වූ සාමාන්‍ය ක්‍රමවේදය ක්‍රියාත්මක වෙනවා. ඉදිරියේදී අවශ්‍ය නම් ශ්‍රී ලාංකිකයින් කැමතිනම් යම් මුදලක් නියම කරලා මේ පරීක්ෂනාගාරයෙන් පී.සී.ආර් කරගන්න අවස්ථාව හදන්න පුළුවන්.

පසුගිය දිනවල සංචාරක අමාත්‍යවරයා සහභාගී සහභාගි වූ සංචාරක ප්‍රවර්ධන වැඩසටහන සම්බන්ධයෙන් මෙහිදී මාධ්‍යවේදීන් විමසූ අතර ඊට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ " ඒ රටවල සෞඛ්‍ය නීතිරීති ක්‍රියාත්මක වෙන ආකාරය අපි දැක්කා. රටක් විදිහට අපිට කොන් වෙන්න බැහැ. ඒ රටවල සංචාරකයින් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන සෞඛ්‍ය නීතිරීති සම්බන්ධයෙන් අපේ සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ අපි සාකච්ඡා කරනවා. දිනකට සංචාරකයින් 1500ක් කියන ඉලක්කය සපුරා ගැනීමට අපි උත්සාහ කරනවා " යි  පැවසීය.

912 1

912 2

912 3

සංචාරක පුවත්

Sri Lankan Travel Documentary Wins Top Honor at Global Media Awards 2026 in London, UK

Sri Lanka’s storytelling excellence took centre stage at the Inspire Global Media Awards 2026, held recently in London, United Kingdom with a packed room of media glitterati. The Sri Lankan travel documentary produced by Mark Julian Edwards won the p

Continue Reading

Media Networking session and Roadshow (B2B) & Networking Evening | 05th – 06th April 2026 | Dhaka, Bangladesh

Sri Lanka Tourism Promotion Bureau , (SLTPB ) in coordination with the High commission of Sri Lanka in Bangladesh , organized the first-ever Media Networking Session and Roadshow (B2B) & Networking Evening in Dhaka, Bangladesh, on 05th & 06t

Continue Reading
Exit
දිස්ත්‍රික්කය