කෝවිඩ් වසංගතය පාලනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා අතරේම ආර්ථිකය නංවමින්  රටේ කටයුතු ඉදිරියට ගෙන යාම රජයේ  අපේක්ෂාව යැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

එම නිසා සංචාරකයින්ට සහ ආයෝජකයින්ට සංචරණය ඇඳිරි නීතිය බලපන්නේ නැති බවත්  සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ කටයුතු කිරීමට අවසර ලැබෙන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ , අමාත්‍යාංශයේ දී ජපන් නියෝජිතයින් පිරිසක් සමඟ පැවැති සාකච්ඡාවකදීය.

ගුවන්තොටුපල සහ ගුවන් සේවා සමාගමේ A පැකේජය ක්‍රියාත්මක කරන  කොන්ත්‍රාත් සමාගම්වල මව් සමාගම නියෝජනය කරන මෙම ජපන් නියෝජිත පිරිස සමඟ එම ව්‍යාපෘති වල වත්මන් තත්ත්වය සම්බන්ධයෙන්  අමාත්‍යවරයා දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්වීය.

 මේ වන විට රට තුළ ක්‍රියාත්මක මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති අධික්ෂණය සදහා විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති අතර මුදල් අමාත්‍යාංශය හරහා එම ව්‍යාපෘතිවල  ප්‍රගතිය අධීක්ෂණ කොට කැබිනට් මණ්ඩලය දැනුවත් කිරීමට කටයුතු කෙරෙයි.

ඒ අනුව කටුනායක ගුවන් තොටුපළේ  දුරස්ථ යාත්‍රාංගණය හා බැහැරුම් පථ ඉදිකිරීම් වලින් සමන්විත පැකේජ A සහ B  ව්‍යාපෘතියේ වැඩ කටයුතු සම්බන්ධයෙන් ද මේ වන විට  විශේෂ අවධානයක් යොමුව ඇතැයි  අමාත්‍යවරයා ඡපන් නියෝජිතයින්ට පෙන්වා දුන්නේ ය.

ගුවන්තොටුපළ පැකේජ B ව්‍යාපෘතියේ 93.85% ක් මේ වන විට අවසන් කර තිබේ.

 ව්‍යාපෘති අවසන් කිරීම සම්බන්ධයෙන් මෙරට ව්‍යාපෘතියේ කටයුතු කරගෙන යන කොන්ත්‍රාත් සමාගම හා සාකච්ඡා කර ඊට අදාළ ක්‍රියාමාර්ග ගනු ලබන බව ද  ඔවුහු සඳහන් කළහ.

මෙම ව්‍යාපෘතිය සදහා ජපන් යෙන් 1,152,273,761 සහ ශ්‍රී ලංකා රුපියල් 4,456,377,248  ක මුදලක් යොදවා තිබේ.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේ දි මෙහි ඉදිකිරීම් සදහා මූලික සැලසුම් සැකසුණ ද මෙහි ඉදිකිරීම් ආරම්භ වුයේ 2017 වසරේදියි.

වසර දෙකහමාරකින් එහි ඉදිකිරීම් අවසන් කිරීමට නියමිතව තිබුණ ද පසුගිය රජයේ නිසි අධික්ෂණයක් නොමැතිවීමෙන් එහි කටයුතු ප්‍රමාද විය.

කටුනායක ගුවන් තොටුපළ පැකේජ A ව්‍යාපෘතිය යටතේ නව මගී පර්යන්තයක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය ද 2014 වසරේ දි හිටපු ජනාධිපති වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේ ආරම්භ කෙරුණකි.

එහි ඉදිකිරීම් ද පසුගිය යහපාලන රජය විසින් ප්‍රමාද කළ අතර එය නැවත ආරම්භ කෙරුණේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිධුරයට පත්වීමෙන් අනතුරුවයි.

 ඒ සදහා වැය කෙරෙන මුදල ජපන් යෙන් 41,553,891,286 ක් හා ශ්‍රී ලංකා රුපියල් 35,135,843,333 කි. මෙහි ඉදිකිරීම් කටයුතු ද මේ වන විට ක්‍රියාත්මක ව පවතී. එහි ඉදිකිරීම් කාලය වසර 03 කි.

සංචාරක පුවත්

Sri Lanka Tourism Expands Its Presence in the South Korean Market Through the Successful Busan Mega Roadshow 2026

The Sri Lanka Tourism Promotion Bureau (SLTPB), in collaboration with the Embassy of Sri Lanka in the Republic of Korea, successfully concluded the Sri Lanka Mega Roadshow 2026 at the prestigious Signiel Hotel Busan, reaffirming Sri Lanka's commitmen

Continue Reading

Sri Lanka’s Participation at the Let’s Travel International Tourism Forum 2026, Moscow, Russian Federation

The Sri Lanka Tourism Promotion Bureau (SLTPB) successfully participated in the 6th Let’s Travel International Tourism Forum (ITF) 2026, held from 10–14 June at the VDNH Exhibition Complex in Moscow, the largest outdoor exhibition venue in the city.

Continue Reading

ඉදිරි වැඩසටහන්

Exit
දිස්ත්‍රික්කය