කොවිඩ් වසංගතය හේතුවෙන් පීඩාවට පත් සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි මාර්ගෝපදේශකයන් හා රියදුරන්ට සහන සැලසීම සඳහා මේ වන විට රුපියල් මිලියන 81.64 ක මුදලක් වැය කර ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. මේ අනුව සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි සංචාරක මාර්ගෝපදේශකයන් හා රියදුරන් 4746ක් සඳහා රුපියල් 20,000 බැගින් හා රුපියල් 15,000 බැගින් ගෙවා ඇතැයිද ඇමතිවරයා කියයි.

සංචාරක ක්ෂේත්‍රයේ නියුතු ලියාපදිංචි සංචාරක මාර්ගෝපදේශකයන්ට හා සංචාරක රියදුරන්ට අඳාල දිමනාව ලබාදීම සඳහා රුපියල් මිලියන 186ක මුදලක්  සංචාරක සංවර්ධන අධිකාරිය මගින් වෙන් කෙරිණ. ඒ අනුව මේ වනවිට අධිකාරියේ  ලියාපදිංචි ජාතික මට්ටමේ හා පලාත් මට්ටමේ මාර්ගෝපදේශකයන් 2510ක් සඳහා රුපියල් 20,000 දීමනාව ලබා දී ඇත. ඒ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 47.10කි.පසුගිය ජූනි මස 30වනවිට මෙම පිරිස සඳහා අඳාල ගෙවීම් සිදුකර තිබේ. ඊට අමතරව පසුගිය ජූනි මස 30වන දින වනවිට ලියාපදිංචි සංචාරක රියදුරන් 2236කට රුපියල් 15,000 බැගින් වූ දීමනාව ලබාදී ඇති අතර ඒ වෙනුවෙන් වැය කල මුදල රුපියල් මිලියන 34.54කි.

කොවිඩ් වසංගත තත්වය මධ්‍යයේ වුවද සංචාරක ක්ෂේත්‍රය යලි නංවාලීම සඳහා රජය පියවර ගනිමින් සිටින බව පවසන ඇමති ප්‍රසන්න රණතුංග මහතා කොවිඩ් වසංගතය හේතුවෙන් පීඩාවට පත් ප්‍රධාන කර්මාන්තයක් වන සංචාරක කර්මාන්තයට සහන රැසක් ලබාදීමට රජය කටයුතු කල බවද පෙන්වා දෙයි. ඒ අනුව සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි සංචාරක ආයතන වල ලියාපදිංචි ගාස්තු කපා හැරිණ. සංචාරක හෝටල් වල නිරෝධායන පහසුකම් හා අතරමැදි සහන මධ්‍යස්ථාන පහසුකම් සැලසීම සඳහා කටයුතු කෙරුණු අතර සංචාරක ක්ෂේත්‍රයේ නියුතුවූවන්ට ණය සහන හා ලීසිං සහන ලබාදීමත් විදුලි හා ජල බිල්පත් පියවීම සඳහා සහන ක්‍රමවේද හඳුන්වා දීමටත් කටයුතු කෙරිණ.

සංචාරක ක්ෂේත්‍රයේ නියුතු බොහෝ දෙනෙකු සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි වී නොසිටීම නිසා මෙම සහන ලබාගැනීමේදී ඇතැමුන්ට විවිධ ගැටලු මතුවූ බව පෙන්වා දුන් ඇමති ප්‍රසන්න රණතුංග මහතා ගැටලු මතුවූ අවස්ථා වලදී හැකි උපරිමයෙන් ඒවා විසඳීමට ද තමන් කටයුතු කල බවද අවධාරණය කලේය. කොවිඩ් වසංගතය හමුවේ සංචාරක ව්‍යාපාරය යලි නංවාලීම ලෝකයේ හමුවේ ඇති ප්‍රබල අභියෝගයක් බවද එම අභියෝගය ජය ගැනීම සඳහා ශ්‍රී ලංකාව සිය උපරිමයෙන් කටයුතු කරමින් සිටින බවද ඇමතිවරයා සඳහන් කලේය.

සංචාරක පුවත්

Sri Lankan Travel Documentary Wins Top Honor at Global Media Awards 2026 in London, UK

Sri Lanka’s storytelling excellence took centre stage at the Inspire Global Media Awards 2026, held recently in London, United Kingdom with a packed room of media glitterati. The Sri Lankan travel documentary produced by Mark Julian Edwards won the p

Continue Reading

Media Networking session and Roadshow (B2B) & Networking Evening | 05th – 06th April 2026 | Dhaka, Bangladesh

Sri Lanka Tourism Promotion Bureau , (SLTPB ) in coordination with the High commission of Sri Lanka in Bangladesh , organized the first-ever Media Networking Session and Roadshow (B2B) & Networking Evening in Dhaka, Bangladesh, on 05th & 06t

Continue Reading
Exit
දිස්ත්‍රික්කය