සංචාරක මාර්ගෝපදේශකයින්ගේ දැනුම හා කුසලතාව වර්ධනය කිරීම සඳහා මාර්ගගත ක්‍රමවේදය  ඔස්සේ වෘත්තීය සංවර්ධන පාඨමාලාවක්  හඳුන්වා දීමට ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පියවර ගනියි. මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයින්ට ශ්‍රී ලංකාව පිළිබඳ නිවැරදි තොරතුරු ලබා දීම මෙහි ප්‍රධාන අරමුණයි. ජනාධිපති ගෝඨාභට රාජපක්ෂ මහතාගේ සෞභාග්‍ය යේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව එය ආරම්භ කර ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

මෙරටට පැමිණෙන සංචාරකයන්ට මෙරට පුරාවිද්‍ය හා ඓතිහාසික වටිනාකම් ඇති ස්ථාන වල තොරතුරු ලබා දීමේ දි ඇතැම් සංචාරක මාර්ගෝපදේශකයන් වැරදි තොරතුරු ලබාදෙන බවට විවිධ පැමිණිලි ලැබී තිබේ. මේ තත්ත්වය සැලකිල්ලට ගනිමින් සංචාරක මාර්ගෝපදේශකයන් පුහුණු පාඨමාලා ආරම්භ කෙරුණු බව  ඇමතිවරයා සදහන් කරයි. කොවිඩ් වසංගතයෙන් පසුව ලබන සැප්තැම්බර් මාසය පමණ වන විට මෙරට සංචාරක ව්‍යාපාරය යථා තත්ත්වයට පත්වෙනු ඇතැයි රජය අපේක්ෂා කරන බවත් ඒ අනුව පූර්ණ සුදානමක් ලෙස මෙම වැඩපිළිවෙල ද ආරම්භ වු බව රණතුංග මහතා පවසයි.

සංචාරක සංවර්ධන අධිකාරියේ බලපත්‍රලාභී මාර්ගෝපදේශකයින් සඳහා පැවැත්වෙන මෙම පුහුණු පාඨමාලාව සඳහා විවිධ ක්ෂේත්‍රයන් නියෝජනය කරන ප්‍රවීණයින්ගේ දායකත්වය ලබා ගැනීමට නියමිතය. විශේෂයෙන් විද්‍යාව, සංස්කෘතිය, තිරසාර සංචරණය, ආකර්ෂණීය ස්ථාන, ස්වභාවික සෞන්දර්යය පිළිබඳ විශේෂත්ව දැනුම ඇති ප්‍රවීණයින් මේ සඳහා එක් වේ.

මේ වන විට සංචාරක සංවර්ධනබ අධිකාරියේ ලියාපදිංචි සංචාරක මාර්ගෝප්දේශකයන් සංඛ්‍යාව 3,943 කි. ඉන් 1,580 ක් ජාතික සංචාරක මාර්ගෝපදේශයන් ලෙසත් 1,336 ක් සංචාරක මාර්ගෝපදේශ රියදුරන් ලෙසත්, 934 දෙනෙක් පළාත් සංචාරක මාර්ගෝපදේශයන් ලෙසත්, 93 දෙනෙකු ස්ථානීය සංචාරක මාර්ගෝපදේශයන් ලෙසත් සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදීංචි වී තිබේ. මෙතෙක් ලියාපදංචි වී නොමැති සංචාරක මාර්ගෝපදේශකයන්  කඩිනමින් ලියාපදිංචි කර ගැනීමේ වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මක කර ඇතැයි ඇමතිවරයා වැඩිදුරටත් සදහන් කරයි.

සංචාරක සංවර්ධන අධිකාරියේ වෙබ් අඩවිය හරහා මෙම පාඨමාලාව පිළිබඳ වැඩිදුර විස්තර ලබා ගැනීමටත් අයදුම්පත සම්පූර්ණ කර එවීමටත් පහසුකම් සලසා ඇත.

සංචාරක පුවත්

4th Meeting of the BIMSTEC Network of Tour Operators – July 2026

Sri Lanka successfully hosted the 4th Meeting of the BIMSTEC Network of Tour Operators on 21–22 July 2026 at the Sheraton Colombo

Continue Reading

Sri Lanka Convention Bureau’s Roadmap for a Knowledge-Driven MICE Sector

During the first half of 2026, the Sri Lanka Convention Bureau (SLCB), through its Research, Development & Training Division, successfully implemented a series of capacity-building initiatives aimed at strengthening Sri Lanka's Meetings, Incentiv

Continue Reading

ඉදිරි වැඩසටහන්

Exit
දිස්ත්‍රික්කය