දිය මත ලිස්සා යාමේ වැඩසටහන( surfing) ජාත්‍යන්තර වශයෙන් ප්‍රවර්ධනය කිරීම තුළින් අරුගම්බේ සංචාරක කලාපය කෙරෙහි ලොව පුරා සංචාරකයින්ගේ ආකර්ශණය සහ අවධානය දිනාගැනීමේ වැඩසටහනක් ආරම්භ කෙරේ.

 ඒ අනුව  දිය මත ලිස්සා යාමේ පුහුණු සැසි පැවැත්වීම, දියමත ලිස්සා යාමේ  තරඟ පැවැත්වීම සහ ඒ පිළිබඳව ලෝකය පුරා ප්‍රචාරණය කිරීම  වැනි ප්‍රවර්ධන වැඩසටහන්  ක්‍රියාත්මක කිරීම තුළින් අරුගම්බේ සංචාරක කලාපය  පිළිබඳව දෙස් විදෙස් සංචාරකයින්ගේ අවධානය යොමු කර  ගැනීමට අපේක්ෂා කෙරෙන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේය.

දිය මත ලිස්සා යාමේ වැඩසටහන් පවත්වන්නන් දිරිගැන්වීම සඳහා   පුහුණු  වැඩමුළු පැවැත්වීම ඇත්ළු වැඩසටහන්  ක්‍රියාත්මක කිරීම කෙරෙහිද රජයේ අවධානය යොමුකර ඇති අතර නව ප්‍රවර්ධන වැඩසටහන තුළින් එම ක්ෂේත්‍රයේ නියැලී සිටින පුද්ගලයින්ගේ ජීවන මට්ටම ඉහල නැංවීම මෙන්ම සමස්ථයක් ලෙස ආරුගම්බේ සංචාරක කළාපය සංචාරකයින්ගෙන් බහුල කළාපයක් බවට පත්කිරීමට අපේක්ෂා කෙරෙන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා  සඳහන් කළේය.

කොවිඩ් වසංගතයෙන් ආරක්ෂිත කළාපයක් ලෙස ආරම්භ කෙරෙන ඉදිරි සංචාරක ප්‍රවර්ධන ක්‍රියාදාමය යටතේ අරුගම්බේ ප්‍රදේශය ලොව පුරා සංචාරකයින්ගේ ආකර්ශනය දිනාගත් ප්‍රමුඛතම ස්ථානයක් ලෙස සංවර්ධනය කෙරෙයි. නැගෙනහිර පළාතේ සංචාරක කර්මාන්තය සංවර්ධනය කිරීම උදෙසා රජය රුපියල් මිලියන 300ක මුදලක් වෙන් කොට ඇති අතර එහිදී ආරුගම්බේ සංචාරක කළාපයේ සංවර්ධනය කිරීම පිළිබඳව වැඩි අවධානයක් යොමු කර තිබේ.

නව සංචාරක කලාපයක් ලෙස ගැසට් කිරීමත් සමගම  එම ප්‍රදේශයේ යටිතල පහසුකම් සංවර්ධනය  කිරීම සඳහා ආයතන ගනනාවක නියෝජිතයින්ගෙන් සමන්විත ඒකාබද්ධ කමිටුවක් පත්කොට තිබේ.

  ප්‍රවාහන අමාත්‍යංශය, සංචාරක අධිකාරිය, වනජීවී හා වන සම්පත් දෙපාර්තමේන්තුව, මාර්ග සංවර්ධන අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය, පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය, විදුලි බල මණ්ඩලය වැනි ආයතන වල  නියෝජිතයන්ගෙන් මෙම කමිටුව  සමන්විත වේ.

ඒ යටතේ යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන ආරම්භ කර ඇති අතර සංවර්ධනය විය යුතු ක්ෂේත්‍රයන් පිළිබඳව හඳුනා ගැනීම සහ සැලසුම් ගත කිරීම අවසන් කර තිබේ.

මීට අමතරව ආරුගම්බේ සිට ප්‍රාදේශීය සංචාරක ගමනාන්ත දක්වා විශේෂ ප්‍රවාහන සේවයක් ආරම්භ කිරීමට ද පියවර ගෙන ඇත.

අරුගම්බේ සංචාරක කලාපයට ආසන්න මුහුදු මහා විහාරය ,පොතුවිල් ,පානම, කුමන කුරුළු අභය භූමිය වැනි සංචාරක ස්ථාන සහිත ප්‍රදේශ සංවර්ධනය කිරීම සඳහා හඳුනාගෙන තිබේ.

අරුගම්බේ වෙරළ තීරය ලොව ප්‍රකට වී තිබෙන්නේ ජල මත ලිස්සා යාමේ පාරාදීසයක් ලෙසයි. ජුනි මස සිට ඔක්තෝම්බර් නොවැම්බර් දක්වා විහිදෙන අරුගම්බේ සංචාරක කාල සීමාව  තුළ ලොව නන්දෙසින් දේශීය සහ විදේශීය සංචාරකයින් දහස් ගණන් මෙම වෙරළ තීරයට ඇදී ඒම  සිදුවුවත් කොරෝනා වසංගතයත් සමග වෙනස් වූ එම තත්වය නැවත යථාවත් කිරීමට කඩිනම් පියවර ගන්නා බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත්සඳහන් කළේය.

සංචාරක පුවත්

4th Meeting of the BIMSTEC Network of Tour Operators – July 2026

Sri Lanka successfully hosted the 4th Meeting of the BIMSTEC Network of Tour Operators on 21–22 July 2026 at the Sheraton Colombo

Continue Reading

Sri Lanka Convention Bureau’s Roadmap for a Knowledge-Driven MICE Sector

During the first half of 2026, the Sri Lanka Convention Bureau (SLCB), through its Research, Development & Training Division, successfully implemented a series of capacity-building initiatives aimed at strengthening Sri Lanka's Meetings, Incentiv

Continue Reading

ඉදිරි වැඩසටහන්

Exit
දිස්ත්‍රික්කය