සංචාරක කර්මාන්තය සංවර්ධනය කිරිම සඳහා ජල සංචාරක නිවාස සහ ජල බංගලා සඳහා අනුමැතිය ලබා ගැනීමට සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කර තිබේ.

 සංචාරක අමාත්‍යංශය මගින් ඉදිරිපත් කර තිබෙන මෙම අමාත්‍ය මණ්ඩල සංදේශය මඟින් කල්පිටියේ පිහිටි දූපත් ආශ්‍රිතව මෙම ජල සංචාරක නිවාස හා ජල බංගලා ඉදිකිරීම සඳහා යෝජනා කරයි.මේ වන විට මාලදිවයින, ඉන්දුනීසියාව, වියට්නාමය, මොරිෂස්, මෙක්සිකෝව, කාම්බෝජය, ෆීජි සහ යුරෝපයේ ප්‍රංශය, ස්විස්ටර්ලන්තය ඇතුළු රටවල් ගණනාවක සංචාරකයින්ගේ වැඩි ආකර්ශනයක් දිනා ගනිමින් මෙම ජල සංචාරක නිවාස හා ජල බංගලා ක්‍රමවේදය ක්‍රියාත්මක වෙයි. 

දූපත් ආශ්‍රිත නොගැඹුරු මුහුදු සීමාවේ ජලාශ්‍රිතව ගොඩනැගිලි ඉදිකර නවමු අත්දැකීමක් ලබා ගත හැකි ආකාරයෙන් පරිසර හිතකාමීව ජල සංචාරක නිවාස සහ ජල බංගලා ඉදිකරනු ලැබේ. 

ශ්‍රී ලංකාවේ කල්පිටිය සහ උතුරු අර්ධද්වීපය වැනි ස්ථානවල එවැනි ජල සංචාරක නිවාස හා ජල බංගලා ඉදිකර ප්‍රවර්ධනය කිරීමේ හැකියාව ඇති බව මේ වන විට හදුනාගෙන ඇත.

සංචාරක පුවත්

No news available

ඉදිරි වැඩසටහන්

No events available

Exit
දිස්ත්‍රික්කය