ශ්‍රී ලංකාව කොරෝනා වෛරසයෙන් ආරක්ෂිත රටක් ලෙස සංචාරකයන් අතර ප්‍රවර්ධනය කිරීමේ වැඩපිළිවෙළක් සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ මූලිකත්වයෙන් ආරම්භ කර තිබේ.ඒ අනුව  සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සහ  විදේශීය රටවල සිටින මෙරට තානාපතිවරු හා මහ කොමසාරිස්වරු අතර සාකච්ඡාවක් (zoom) තාක්ෂණය ඔස්සේ පැවැත්විණි.සියලු පුද්ගලයින් එන්නත් කිරීම  සඳහා මේ දිනවල රජය වැඩි අවධානයක් යොමු කර ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස සැප්තැම්බර් මාසය වන විට රට සම්පූර්ණයෙන්ම විවෘත කිරීමට හැකි වේ යැයි විශ්වාස කෙරේ.එන්නත්කරන වැඩපිළිවෙල සාර්ථකවීමත් සමඟ කෝවිඩ් වසංගතය ඇතිවීමට පෙර පැවැති තත්ත්වයටම සංචාරක ව්‍යාපාරය   නැවත ගෙන ඒම සංචාරක අමාත්‍යංශයේ අරමුණයි.මෙරටට පැමිණෙන සංචාරකයන්ට විශේෂ සහන පැකේජ හඳුන්වාදීමට නියමිතව ඇති අතර මේ වනවිටත් ගුවන් සේවා සමාගම් සමග ඒ පිළිබඳව සාකච්ඡා ආරම්භ කර ඇති බවත් අමාත්‍යවරයා දැනුම් දුන්නේය.මෙරටට පැමිණෙන සංචාරකයන් පිළිගැනීමටත්, සුපුරුදු පරිදි ආගන්තුක සත්කාර සඳහාත්, දිස්ත්‍රික්ක මට්ටමින් රට සූදානම් කරමින්  ඇතැයිද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

එන්නත්කරන වැඩපිළිවෙළට සමගාමීව සෞඛ්‍ය අංශ සමග එක්ව  සෞඛ්‍යය මාර්ගෝපදේශ ලිහිල් කිරීමටද කටයුතු කෙරෙයි.සංචාරක ආකර්ෂණය සහිත නව ස්ථාන හයදහසක් පමණ හඳුනාගෙන  සංචාරක ගමනාන්ත ලෙස සංවර්ධනය කිරීමටද සංචාරක අමාත්‍යාංශය හා සංචාරක සංවර්ධන අධිකාරිය පියවර ගෙන තිබේ.කොවිඩ් වසංගත තත්ත්වය සමඟ සෑම රටකම සංචාරක ගමනාගමනය සීමා වූ අතර එන්නත්කරනය සමඟ සෑම රටක්ම තරගකාරීව සංචාරක ආකර්ෂණය දිනා ගැනීම සඳහා ගෙන යන වැඩපිළිවෙළ අතරේ ශ්‍රී ලංකාවට වැඩි ආකර්ෂණයක් දිනා ගැනීම සිය අරමුණ බවද අමාත්‍යවරයා මෙහිදී පැහැදිලි කළේය.

ඒ සඳහා දේශීය මෙන්ම විදේශීය ප්‍රවර්ධන කටයුතු කඩිනම් කළ යුතුව බැවින් විදේශීය ප්‍රවර්ධන කටයුතු සඳහා තානාපතිවරුන්ගේ සහය අවශ්‍ය බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.විදේශීය මාධ්‍ය ආයතන, අන්තර්ජාල, සමාජ මාධ්‍ය, බ්ලොග්කරුවන්ගේ සහාය මෙන්ම තමන් නියෝජනය කරන රටේ සංචාරක ක්ෂේත්‍රයට අදාළ ආයතන සමඟ සාකච්ඡා කර මෙරට සංචාරක ව්‍යාපාරය නැංවීමේ කාර්යට දායකත්වය සපයන ලෙසද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.කොවිඩ්වලින් තොර රටක් ලෙස ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීම සඳහා හැකි සෑම පියවරක්ම ගන්නා බව මෙහිදී තානාපතිවරු සහ මහ කොමසාරිස්වරු අමාත්‍යවරයා සමග සඳහන් කළහ.

රටවල් 150 සඳහා  මෙරටින් පත් කෙරුණු තානාපතිවරු සමඟ පැවැති මෙම සාකච්ඡාවට සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති අධිකාරිය සභාපති කිමාලි ප්‍රනාන්දු සහ සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ධම්මිකා විජේසිංහ මහත්මිය ද එක් වූහ.

217951937 6458564420835686 1566334591788123984 n

සංචාරක පුවත්

Launch of the National Tourism Strategic Planning Consultancy (2026–2031) and Global Promotional Campaign Road Map Consultancy 31 August 2026

Sri Lanka today marked a major milestone in its tourism development agenda with the official launch of two nationally significant consultancy assignments supported under the World Bank’s Grant Facility for Project Preparation (GFPP). The event was of

Continue Reading

4th Meeting of the BIMSTEC Network of Tour Operators – July 2026

Sri Lanka successfully hosted the 4th Meeting of the BIMSTEC Network of Tour Operators on 21–22 July 2026 at the Sheraton Colombo

Continue Reading

ඉදිරි වැඩසටහන්

Exit
දිස්ත්‍රික්කය