ලංකා ඉතිහාසයේ දැවැන්තම එන්නත්කරන වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ සුවිශේෂී කාලසීමාවකට අප එළැඹ ඇතැයි ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

සංචාරක ක්ශ්‍රේෂ්ත්‍රයේ නියුතු ලක්ෂ 5කට අධික  පිරිසකට එන්නත්කරණය කිරීමේ වැඩසටහන ආරම්භ කිරීමේ  අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

අද පෙරවරුවේ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සහ සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ සංචාරක හෝටල් සේවක සේවිකාවන් 500 දෙනෙකු, සංචාරක මාර්ගෝපදේශකයින්, සංචාරක රියැදුරන් සහ සෆාරි රියදුරන් 150 ඇතුළුව දහසක පමණ පිරිසකට සයිනොෆාම්  එන්නත ලබාදීම ස්ථාන හතරක දී සිදු කෙරිණි.

මෙම අවස්ථාවට එක් වූ නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේ ලංකා ඉතිහාසයේ දැවැන්තම එන්නත් කරන වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ සුවිශේෂී කාලසීමාවකට අප එළඹ ඇති බවයි. " කොරෝනා වසංගතය නිසා වැහුණ රට නැවත විවෘත කර ආර්ථික, සමාජීය ස්ථාවරත්වය සකස් කරන වැඩ පිළිවෙල ආරම්භ කරලා තියෙනවා. එහිදී ප්‍රමුඛතම කාර්ය වන්නේ සහ ලෝකය ම විශ්වාස කරනු ලබන කාර්යය වන්නේ එන්නත්කරන වැඩපිළිවෙළ තුළ රට විවෘත කිරීමට හැකි වන බවයි. දකුණු ආසියානු කලාපයේ මේ වසංගතය පාලනය කර සාර්ථකම රට ශ්‍රී  ලංකාවයි.

ඒ වගේම බුබුළු ක්‍රමය හරහා සංචාරක ව්‍යාපාරය දකුණු ආසියාතික රටක් විදියට ප්‍රථමයෙන්ම ආරම්භ කළේ අපි. පසුගිය වසරේ එල්. පී. එල් තරගාවලිය ජෛව බුබුළු ක්‍රමය යටතේ  ආරම්භ කලා. අපෙන් ලැබූ ආභාෂය මතයි පසුව දකුණු ආසියාතික රටවල් ජෛව බුබුළු ක්‍රමය හරහා ක්‍රීඩා තරග පවත්වන්න කටයුතු කළේ."

ක්‍රමක්‍රමයෙන් ලෝකය සංචාරකයින්ට විවෘත වෙන අවස්තාවේදී ඊට සූදානමක් හැටියට ලෙස එන්නත් කරන වැඩපිළිවෙළ සාර්ථව ක්‍රියාත්මක කිරීමට ආන්ඩුවට හැකි වීම සතුටට කාරනයක් බව මෙහිදී සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

" මේ රට සංචාරකයින්ට සුරක්ෂිත රටක් බවට  ලෝකය පිළිගන්නා ආකාරයෙන් අප කටයුතු කළ යුතුයි. සංචාරකයින් ලංකාවට පැමිණීම තුළින් අපේ රටේ ජීවත්වන ජනතාවට ප්‍රශ්නයක් ඇති නොවන ආකාරයෙන් කටයුතු කරන්නත් අවශ්‍යයි.   ඉදිරි සති කිහිපය තුළ සංචාරක ක්ෂේත්‍රයේ නියැලෙන සියළු දෙනාටම සහ ඒ අයගේ පවුල්වල අයටත් එන්නත් ලබාදීමේ වැඩපිළිවෙළ අද අපි ආරම්භ කරලා තියෙනවා. අවුරුදු 30ට වැඩි සියලුම පුරවැසියන්ට එන්නත ලබාදීම දීම රජයේ අරමුණයි.වසර අවසාන වන වන විට මේ රටේ ජනගහණයෙන් සියයට හැටකට එන්නත් ලබාදීමට කටයුතු කරනවා. එවිට රටක් හැටියට අපට සුරක්ෂිතභාවයත් ජනතාව තුළ ඇති කිරීමට හැකියාව ලැබෙනවා.මේ රට වසංගතයෙන් ආරක්ෂා කරගෙන ඉදිරියට ගෙන යාම තමයි ජනාධිපතිවරයා ගේත් අග්‍රාමාත්‍යවරයාගේත් සමස්ත රජයත් අරමුණ වන්නේ.

 සංචාරක ක්ෂේත්‍රයට සහන ලබාදීමට කටයුතු කරමින් උපරිමය එකසිය පනහකට පමණ සහභාගිත්වයෙන් හෝටල් වල විවාහ උත්සව පැවැත්වීමට දැන් අවස්ථාව ලබා දීලා තියෙනවා..

 FO4A8095 FO4A8161 

 

සංචාරක පුවත්

Hon. Deputy Minister of Tourism Prof. Ruwan Ranasinghe Inaugurates Sri Lanka Pavilion at Outbound Travel Mart (OTM) Mumbai 2026

Sri Lanka Tourism Promotion Bureau, in collaboration with the Sri Lankan High Commission in India, participated at the prestigious Outbound Travel Mart (OTM), India’s leading outbound travel trade exhibition, generating strong momentum for Sri Lanka

Continue Reading

Showcasing Sri Lanka’s Extraordinary Wildlife & Nature: Visit of Belgian RTBF TV crew to Sri Lanka

Sri Lanka Embassy in Belgium in collaboration with the Sri Lanka Tourism Promotion Bureau has facilitated a special edition of Belgian wildlife documentary Le Jardin Extraordinaire (the Extraordinary Garden) to be filmed in Sri Lanka, with the object

Continue Reading
Exit
දිස්ත්‍රික්කය