දිවයිනට පැමිණ සිටින විදේශික සංචාරකයන් හට සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ජෛව ආරක්ෂක බුබුළු ක්‍රමවේදය යටතේ  සංචාරය කිරීමට හැකි  බව සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක ජෙනරාල් ධම්මිකා විජේසිංහ මහත්මිය පවසයි. ඇය පෙන්වා දෙන්නේ මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්වරයා සහ පොලිස්පතිවරයා දැනුවත් කර ඇති බවයි.

ඒ අනුව මේ වන විට සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ මෙරටට පැමිණ සිටින සංචාරකයින්ට ජෛව ආරක්ෂක බුබුළු ක්‍රමවේදය ඔස්සේ පළාත් අතර සංචරණය කළ හැකි බව අධ්‍යක්ෂක ජෙනරාල්වරිය කියයි. කෙසේ වෙතත් සංචාරක ජෛව බුබුළු ක්‍රමවේදය ඔස්සේ සංචාරකයන් රැගෙන යාමේ දි සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි ලෙස අනුගමනය කිරීමට කටයුතු කරන්න යැයි සංචාරකයින් ගෙන්විමට කටයුතු කර ඇති ආයතන හා පුද්ගලයින්ට දැඩි ලෙස උපදෙස් දී ඇති බවත් එලෙස කටයුතු නොකරන පුද්ගලයන් හා ආයතන සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත් ඇය පෙන්වා දෙයි.

සංචාරක කර්මාන්තය අපනයන කර්මාන්තයක් ලෙස හදුනාගෙන ඇති අතර එය අපනයන සංවර්ධන ජාතික සැලසුමට ද ඇතුළත් ය. රට සංචාරකයන්ට නැවත විවෘත කිරීමෙන් පසු මෙරටට සංචාරකයන්ගේ පැමිණීම ක්‍රමානුකූලව වර්ධනය වෙමින් තිබිණි. කොවිඩ් තුන්වන රැල්ල ආරම්භ වුයේ ඒ අතරතුරයි. ඒ සමගම රට තුළ දැඩි සංචරණ සීමා පැනවීමත් සමග සංචාරක ජෛව බුබුළු ක්‍රමවේදය ඔස්සේ මෙරටට පැමිණි සිටි සංචාරකයන්ට සංචරණයේ දී විවිධ බාධා එල්ලවන බවට තොරතුරු ලැබී ඇතැයි අධ්‍යක්ෂක ජෙනරාල්වරිය කියයි. ඒ පිළිබද ව සෞඛ්‍ය හා ආරක්ෂක අංශ දැනුවත් කිරීමෙන් පසු දිවයිනට පැමිණි සිටින විදේශීය සංචාරකයින්ට ජෛව ආරක්ෂක බුබුළු ක්‍රමවේදය යටතේ බාධාවකින් තොරව නිෂ්චිත ස්ථාන කරා ගමන් කිරීමට ක්‍රමවේදයක් සකස් කර ඇති බව ඇය වැඩිදුරටත් සදහන් කරයි.

සංචාරක පුවත්

Sri Lanka successfully host 3rd BIMSTEC working group meeting in Colombo

BIMSTEC (Bay of Bengal Initiative for Multi Sectoral, Technical and Economic Cooperation) as a regional corporation was initiated to bring together the countries in the Bay of Bengal to discuss and work in collaboration to develop major sectors in a

Continue Reading

Appointment Ceremony for Members of the Tourism Advisory Committee

Colombo, Sri Lanka – The Ministry of Foreign Affairs, Foreign Employment & Tourism proudly hosted the official appointment ceremony for the newly formed Tourism Advisory Committee under Section 32(1) of the Tourism Act No. 38 of 2005. The event,

Continue Reading
Exit
දිස්ත්‍රික්කය