ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදීමට අපේක්ෂා කරන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. මෙම ඉදිකිරීම් බාරව කටයුතු කරන්නේ නාවික හමුදාවයි. නාවික සෙබළුන් 70 ක් පමණ මේ වන විට අදාළ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් සදහා යොදවා තිබේ.

ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ ඉල්ලීම පරිදි බස්නාහිර පළාත් සභාව මෙහි මුලික ඉදිකිරිම් සදහා රුපියල් මිලියන 10 ක් වෙන් කර තිබේ. ඉදිකිරීම් සදහා  අවශ්‍ය ගල්, වැලි, සිමෙන්ති, යකඩ බට, කම්බි හා වෙනත් භාණ්ඩ දානපතින්ගෙන් ලබා ගැනීමට ද අවශ්‍ය කටයුතු යොදා ඇතැයි ඇමතිවරයා කියයි. දින 10 ක් තුළ ඇදන් 10,000 ක් මෙරට සෞඛ්‍ය පද්ධතියට ලබාදීමේ ව්‍යාපෘති යටතේ මෙම අතරමැදි රෝහලට අවශ්‍ය ඇදන් 2000 ලබා දීමට ආර්ථික පුනර්ජීවන කමිටු සභාපති බැසිල් රාජපක්ෂ මහතා එකග වී තිබේ.

මෙම අතරමැදි රෝහල් ඉදිකිරීම් කටයුතු පසුගිය සිකුරාදා (07) අමාත්‍ය නාමල් රාජපක්ෂ හා ප්‍රසන්න රණතුංග යන අමාත්‍යවරු නිරීක්ෂණය කළහ. මෙහිදී ඇමති නාමල් රාජපක්ෂ ඇමතිවරයාට කීවේ ඉතා ඉක්මණින් මෙම රෝහල ඉදිකර සෞඛ්‍ය අංශ වෙත භාරදීමට අපේක්ෂා කරන බවයි. ඉදිකිරීම් භාරව සිටින නාවික හමුදාව මේ සදහා සති දෙකක පමණ කාලයක් ගතවනු ඇතැයි සදහන් කරන බවද ඔහු කීවේය. මෙහි ඉදිකිරීම් කඩිනම් කිරීම සදහා යෞවන සමාජ තරුණ තරුණියන්ගේ දායකත්වය ලබාදීමට හැකි බව කී ඇමති නාමල් රාජපක්ෂ මහතා ඊට අමතරව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු අනුබද්ධ සංවිධානවල ද සහාය ලබා දෙන බව කීවේය.

දින 10 ක් තුළ ඇදන් 10,000 ක් මෙරට සෞඛ්‍ය  පද්ධතියට එකතු කිරීමේ වැඩපිළිවෙල යටතේ නයිවල වේයන්ගොඩ ප්‍රදේශයේ ඇදන් සකස් කෙරෙන ආකාරය නිරීක්ෂණයට ද ඇමතිවරු දෙදෙනා සහභාගී වූහ.

 WhatsApp Image 2021 05 09 at 11.02.05 WhatsApp Image 2021 05 09 at 11.02.05 1 

සංචාරක පුවත්

Sri Lanka Tourism Expands Its Presence in the South Korean Market Through the Successful Busan Mega Roadshow 2026

The Sri Lanka Tourism Promotion Bureau (SLTPB), in collaboration with the Embassy of Sri Lanka in the Republic of Korea, successfully concluded the Sri Lanka Mega Roadshow 2026 at the prestigious Signiel Hotel Busan, reaffirming Sri Lanka's commitmen

Continue Reading

Sri Lanka’s Participation at the Let’s Travel International Tourism Forum 2026, Moscow, Russian Federation

The Sri Lanka Tourism Promotion Bureau (SLTPB) successfully participated in the 6th Let’s Travel International Tourism Forum (ITF) 2026, held from 10–14 June at the VDNH Exhibition Complex in Moscow, the largest outdoor exhibition venue in the city.

Continue Reading

ඉදිරි වැඩසටහන්

Exit
දිස්ත්‍රික්කය