මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළට නව ගුවන් සේවා ආකර්ෂණය කර ගැනීම සදහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කෙරේ. ඒ අනුව මෙරටට පැමිණෙන සියලුම ගුවන් සේවා සමග මත්තල ගුවන් තොටුපළට ගුවන් ගමන් ආරම්භ කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කළ බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. වත්මන් කොවිඩ් තත්ත්වය පාලනය වීමෙන් පසු ඒ සම්බන්ධයෙන් ඉදිරි කටයුතු ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව ද ඇමතිවරයා සදහන් කරයි.

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ සදහා පැමිණෙන ගුවන් යානා සහ ගුවන් මගීන් ආකර්ෂණය කර ගැනීමේ උපක්‍රමයක් ලෙස සැලසුම් කළ ගුවන් සමාගම් (Scheduled Air lines) සදහා වසරක ගොඩබැස්සවීමේ සහ නවතා තැබීමේ ගාස්තු නිදහස් කර තිබේ. ගොඩබැස්සවීමේ බදු( Embarkation Tax) වසර දෙකක් සදහා නිදහස් කර ඇත. මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළට නව ගුවන් ගමන් ආරම්භ කිරීම සම්බන්ධයෙන් ලොට් පොලිෂ්, ලයන් එයාර්, එයාර් අස්ථානා, යුක්රේන් එයාර් ලයින්, ඉන්ඩිගෝ, එලායින්ස් එයාර්, එයාර් ඉන්ඩියා, එමිරේට්ස්, එයාර් විස්තාරා, මෝල්ඩිවියන් එයාර්, සලාම් එයාර් වැනි ගුවන් සමාගම් සමග මූලික සාකච්ඡා අවසන් කර ඇතැයි ඇමතිවරයා සදහන් කරයි. එහි ප්‍රතිඵලයක් ලෙස ගුවන් සමාගම් 08 ක් වරින් වර නව ගුවන් ගමන් මත්තල ගුවන් තොටුපළ හරහා සිදුකර තිබේ. ස්කැට්, එයාර් අස්තානා, මෝල්ඩිවියන් එයාර්, යුක්රේන් එයාර්, ඉන්ඩිගෝ එයාර්, සලාම් එයාර්, එමිරේට්ස් එම ගුවන් සමාගම් වේ. පසුගිය මාර්තු 31  වන විට මත්තල ගුවන් තොටුපළින් ගුවන් ගමන් වාර 687 ක් ක්‍රියාතමක වු අතර 33,450 කට අධික ගුවන් මගීන් සංඛ්‍යාවක් ඉන් ගුවන් ගමන් පහසුව ලබාගෙන ඇතැයි ද ඇමතිවරයා සදහන් කරයි.

විදේශයන්හි පැවැත්වෙන ගුවන් සමාගම් සමුළු සදහා සහභාගී වී මත්තල ගුවන් තොටුපළ ප්‍රවර්ධනය කිරීමට ද සැලසුම් කර තිබූ බව ඇමතිවරයා කියයි. එහෙත් පැවැති ගෝලීය වසංගත තත්ත්වය නිසා එම සමුළු සදහා සහභාගී වීමට නොහැකි වු බව පවසන  ඇමතිවරයා ඉදිරියේ දී ඒ සදහා සහභාගී වි මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ ප්‍රවර්ධනය කරන බවද සදහන් කරයි.

මත්තල ගුවන් තොටුපළ සංවර්ධනය සදහා පස් අවුරුදු සංවර්ධන සැලැස්මක් ද සකස් කර තිබේ. ගුවන් ගමන් වාර වැඩි කිරීම, මගී භාණ්ඩ පර්යන්ත හා ගුදම් වල පහසුකම් වැඩි දියුණු කිරීම, ගුවන් යානා නඩත්තුව සහ අලුත්වැඩියා කිරීමේ පහසුකම් ඇති කිරීම ඒ අනුව සිදු වේ. තීරැ බදු සහිත සාප්පු සංකීර්ණයක් ද මේ වන විට මගී පර්යන්තයේ ස්ථාපිත කර තිබේ. එහි පහසුකම් වැඩි දියුණු කිරීම සදහා තවදුරටත් කටයුතු කරන බව ද ඇමතිවරයා සදහන් කරයි.

සංචාරක පුවත්

The Embassy of Sri Lanka in the Republic of Korea hosted Pulse of Sri Lanka – A Celebration of Dance and Heritage on 5 June 2026 at the Kkumbit Theater, Seongbuk Media Culture Maru, Seoul, presenting a vibrant showcase of Sri Lanka’s cultural traditi

Continue Reading

Sri Lanka Tourism Wins Four Prestigious International Awards at SITF 2026 in South Korea

Sri Lanka Tourism achieved outstanding international recognition at the 41st Seoul International Travel Fair (SITF 2026), held from 4–7 June 2026 at COEX, Seoul, South Korea, securing four prestigious awards that highlight the country's growing promi

Continue Reading

ඉදිරි වැඩසටහන්

Exit
දිස්ත්‍රික්කය