ගුවන්තොටුපොළ  වැසීම හෝ සංචාරකයින් ගෙන්වීම සීමා කිරීම සම්බන්ධයෙන් ඉදිරි තීරණ ගනු ලබන්නේ සෞඛ්‍යය නිර්දේශ අනුව යැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේ අද (28) ගම්පහ පැවැති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

 කොවිඩ් වෛරසයේ ප්‍රභේද වෙනස් කරමින් නැවත නැවත මතුවීමේ තත්ත්වයට මුහුණ දීමට සෞඛ්‍ය අංශ ඇතුළු  රාජ්‍ය යාන්ත්‍රණය සූදානම් කර  ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

ඒ අනුව සෞඛ්‍ය නිර්දේශවලට අනුකූලව  සංචාරකයින් ගෙන්වීම සීමා කිරීම හෝ ගුවන්තොටුපොළ වැසීමට අදාළව තීරණ ගනු ලබන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

කොවිඩ් වෛරසයෙන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටින ඉන්දියාවෙන් සංචාරකයන් මෙරටට පැමිණීම සම්බන්ධයෙන් ද මෙහිදී මාධ්‍යවේදීන් අමාත්‍යවරයාගෙන් විමසීය.

"ඉන්දිය සංචාරකයින් මෙරටට පැමිණෙන්නේ සංචාරක බුබුල ක්‍රමය (travel bubble) හරහායි. මෙතන කිසිම ජාවාරමක් සිදු වෙන්නේ නැහැ.මේ වන විටත් ඉන්දියාවෙන් එන සංචාරකයින්ට විවිධ සීමා කිරීම් පනවලයි තිබෙන්නේ. ඉන්දියාවේ වත්මන් තත්ත්වය සැලකිල්ලට ගනිමින්  මෙරටට පැමිණෙන ඉන්දීය සංචාරකයන් වෙනමම හෝටල් කාමරවල නිරෝධායනයට ලක් කරනවා.  ඒ වගේම ඉන්දියාව සමග සාකච්ඡා කර මේ අවස්ථාවේ ඉන්දීය සංචාරකයන්ගේ පැමිණීම සීමා කිරීමටත් පියවර ගත්තා.

එක්වරම සංචාරකයින් පැමිණීම සීමා කර ගුවන් තොටුපළ වසා දමන්න අපට බැහැ.සංචාරකයින්ට වඩා අපේ විදෙස්ගත ශ්‍රමිකයන් තමයි වැඩිපුරම ගුවන්තොටුපොළ හරහා මෙරටට පැමිනෙමින් සිටින්නේ. විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට කිසිදු අවසරයකින් තොරව මෙරටට පැමිණීම සඳහා අවස්ථාව ලබා දීලා තිබෙනවා. ජනාධිපතිතුමා උපදෙස් දීලා තිබෙන්නේ අපේ විදෙස්ගත ශ්‍රමිකයින්ට කිසිදු බාධාවකින් තොරව මෙරටට පැමිණීමේ අවස්ථාව ලබා දෙන්න කියලයි. යම් හෙයකින් නිරෝධායන මධ්‍යස්ථානවල     ඉඩකඩ මදි වීමක් සිදු වුණොත් තමයි විදෙස්ගත්   ශ්‍රමිකයින්ගේ පැමිණීම සීමා කරන්න වෙන්නේ.

කෙසේ වෙතත් මේ වනවිට  ගුවන්තොටුපොළට සාමාන්‍ය ජනතාවට ඇතුල් වෙන්න ඉඩ දෙන්නේ නැහැ. ගුවන්තොටුපලට ඇතුල් වෙන්න පුළුවන් මගීන්ට විතරයි. "  යි ඊට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේය.

සංචාරක පුවත්

"Seeing is Believing” campaign is launched by Aitken Spence, Jetwing, Cinnamon in collaboration with Sri Lanka Tourism and SriLankan Airlines

With the objective of accelerating the tourism arrivals from India, leading hospitality and travel entities in the island including Cinnamon Hotels and Resorts, Walker's Tours, Aitken Spence Hotels, Aitken Spence Travels, Jetwing Hotels, and Jetwing

Continue Reading

The Queen of Polish Pop “DODA” visits Sri Lanka to promote the destination among the Polish Travelers

Sri Lanka Tourism hosted popular Polish celebrity, Dorota Aqualiteja Rabczewska’’ better known as ‘’Doda Queen ‘’ for a few days’ visit in Sri Lanka, in order to promote the destination and create awareness about Sri Lanka and it’s many travel and ho

Continue Reading
Exit
දිස්ත්‍රික්කය