වර්තමානයටත් අනාගතයටත් ගැලපෙන පරිදි සංචාරක හෝටල්  කළමනාකරණ ආයතනයේ පුහුණු පාඨමාලා යාවත්කාලීන කිරිම  කෙරෙහි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ අවධානය යොමුව තිබේ.

ඒ අනුව ගෝලීය වසංගතයක් බවට පත්ව ඇති කොවිඩ් වසංගතය හමුවේ සංචාරකයන් සමග කටයුතු කිරීම සම්බන්ධයෙන් ශ්‍රි ලංකා හෝටල් කළමණාකරණ ආයතනය හරහා හෝටල් ක්ෂේත්‍රයට සම්බන්ධවන නවකයින් දැනුවත් කිරීමටද  අවධානය යොමුව ඇත.

ශ්‍රී ලංකා සංචාරක හෝටල් හා කළමනාකරණ ආයතනය 2021 වසර සඳහා සිසුන් 5175ක් සිය පාඨමාලා සඳහා බඳවා ගැනීමට නියමිතය.  එය පසුගිය  වසරට සාපේක්ෂව තුන් ගුණයක වැඩිවීමකි.

2020 වසරේ දී සිසුන් 1659 ක් හෝටල් හා කළමනාකරණ ආයතනයේ පුහුණු පාඨමාලා සමඟ සම්බන්ධ වී ඇත.

1964 වසරේ ස්ථාපිත කෙරුණු ශ්‍රී ලංකා සංචාරක සහ හෝටල් කළමනාකරණ ආයතනය මගින් වෘත්තීය ආහාර පිසීම, අවන්හල් සහ බාර් සේවය, සංචාරකයින් පිළිගැනීම, හෝටල් ගෘහ පාලනය, සංචාරක මාර්ගෝපදේශය, භාෂා පුහුණුව ආදී සහතිකපත් සහ ඩිප්ලෝමා පාඨමාලා රැසක් පවත්වනු ලබයි.

කොළඹ, අනුරාධපුර, නුවර, බණ්ඩාරවෙල, රත්නපුර, කුරුණෑගල, කොග්ගල, පාසිකුඩා හා යාපනය දී මෙතෙක් මෙම පුහුණු පාඨමාලා පැවැත්වු අතර පොළොන්නරුව, පින්නවල හා යාපනය යන ප්‍රදේශවල තවත් පුහුණු පාසල් තුනක් අලුතින් ආරම්භ කිරීමට ද  ආයතනය කටයුතු යොදා ඇත.

සංචාරක පුවත්

Sri Lanka successfully host 3rd BIMSTEC working group meeting in Colombo

BIMSTEC (Bay of Bengal Initiative for Multi Sectoral, Technical and Economic Cooperation) as a regional corporation was initiated to bring together the countries in the Bay of Bengal to discuss and work in collaboration to develop major sectors in a

Continue Reading

Appointment Ceremony for Members of the Tourism Advisory Committee

Colombo, Sri Lanka – The Ministry of Foreign Affairs, Foreign Employment & Tourism proudly hosted the official appointment ceremony for the newly formed Tourism Advisory Committee under Section 32(1) of the Tourism Act No. 38 of 2005. The event,

Continue Reading
Exit
දිස්ත්‍රික්කය