FO4A3295  FO4A3292

 

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර "සංචාරක ගුවන් බුබුළ (AIR TRAVEL BUBBLE)" ඉතා ඉක්මණින් ආරම්භ කිරිමට තීරණය කෙරේ. මෙරට ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා සහ සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අතර ඊයේ (24) පැවති සාකච්ඡාවක දී මෙම තීරණයට එළඹිණ. හමුව සංචාරක අමාත්‍යාංශයේ දී පැවැත්විණ.

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර සංචාරක ගුවන් බුබුළක් ආරම්භ කිරීම ඉන්දියානු රජයේ යෝජනාවකි. මෙම යෝජනාව ඉන්දියානු මහා කොමසාරිස්වරයා විසින් මෙරට විදේශ කටයුතු ඇමතිවරයා වෙත ඉදිරිපත් කර තිබු අතර ඒ සදහා ඉදිරි පියවර ගැන සාකච්ඡා කිරීම මෙම හමුවේ අරමුණ විය.

ඒ අනුව මෙම සංචාරක ගුවන් බුබුළ යටතේ දෙරට අතර නැවත ගුවන් මෙහෙයුම් ආරම්භ කිරීමටත් දෙරටේ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සංචාරකයන්ට රට විවෘත කිරීම පිළිබදවත් දීර්ඝ ලෙස අදහස් හුවමාරු කර ගැණින. කොවිඩ් නිසා නතර වු පළාලි ගුවන් තොටුපළ සංවර්ධනය හා එහි මෙහෙයුම් යළි ආරම්භ කිරීම සම්බන්ධයෙන් ද මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු විය.

ඉන්දියාව මෙරට සංචාරක ව්‍යාපාරය වෙනුවෙන් ලබාදෙන සහාය පිළිබදව සිය විශේෂ ස්තූතිය ඉන්දීය මහ කොමසාරිස්වරයාට පළ කළ ඇමති ප්‍රසන්න රණතුංග මහතා කීවේ සංචාරක හා ගුවන් සේවා ක්ෂේත්‍ර සම්බන්ධයෙන් දෙරට අතර ද්විපාර්ශවික සබදතා පුළුල් කිරීමට මෙම වැඩසටහන හේතුවනු ඇති බවයි.

රාජ්‍ය ඇමති ඩී.වි.චානක, අමාත්‍යාංශ ලේකම් එස්.හෙට්ටිආරච්චි, රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් මාධව දේවසුරේන්ද්‍ර යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක් වූහ.

සංචාරක පුවත්

Launch of the National Tourism Strategic Planning Consultancy (2026–2031) and Global Promotional Campaign Road Map Consultancy 31 August 2026

Sri Lanka today marked a major milestone in its tourism development agenda with the official launch of two nationally significant consultancy assignments supported under the World Bank’s Grant Facility for Project Preparation (GFPP). The event was of

Continue Reading

4th Meeting of the BIMSTEC Network of Tour Operators – July 2026

Sri Lanka successfully hosted the 4th Meeting of the BIMSTEC Network of Tour Operators on 21–22 July 2026 at the Sheraton Colombo

Continue Reading

ඉදිරි වැඩසටහන්

Exit
දිස්ත්‍රික්කය