මෙරට සංචාරක අයෝජන අවස්ථා පුළුල් කිරීමට විශේෂ වැඩපිළිවෙලක් සැකසේ. සංචාරක ආයෝජන වැඩි වශයෙන් දිවයිනට ගෙන්වා ගැනීම එහි අරමුණ බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඒ අනුව මෙරට සංචාරක ව්‍යාපාරයට ආයෝජනය කරනු ලබන දෙස් විදෙස් ව්‍යාපාරිකයින්ට සහන ලබා දීමටද රජය අවධානය යොමුව තිබේ.

 සංචාරක ආයෝජන අවස්ථා පුළුල් කල ද එමඟින් මෙරට පරිසර හෝ පුරාවිද්‍යා හා සංස්කෘතික ස්ථාන වලට කිසිදු ගැටළුවක් මතු නොවන පරිදි එම ආයෝජන සිදුකිරීමේ අවශ්‍යතාව ද ඇමතිවරයා අවධාරණය කරයි. ඔහු පෙන්වා දුන්නේ සංචාරකයන්ට පහසුකම් සැලසීම මෙන්ම පරිසර පුරාවිද්‍යාත්මක හා සංස්කෘතික ස්ථාන ආරක්ෂා කිරීම කෙරෙහිද රජය දැඩි අවධානයක් යොමු කරන බවයි.

 සංචාරක සංවර්ධන අධිකාරියේ ප්‍රගති සමාලෝචන රැස්වීමට සහභාගී වෙමින් ඇමතිවරයා මේ බව සඳහන් කළේය. සංචාරක හෝටල් කලමනාකරණ ආයතනයේදී ඊයේ ( 02) මෙම රැස්වීම පැවැත්විණි.

 සංචාරක කර්මාන්තය ප්‍රථම වතාවට අපනයන කර්මාන්තයක් ලෙස හඳුනාගෙන තිබේ. ඒ අනුව වැට් බදු සහනයක් ලබාදීමට ද පියවර ගැණිනි. සංචාරක ආයෝජන අනුමත කිරීමේ ක්‍රියාවලිය වඩාත් පහසුකර ඇති අතර ඒ වෙනුවෙන් සියලුම රේඛීය ආයතන ආවරණය වන පරිදි පොදු අයදුම්පතක් ද සකස් කර තිබේ. ආයෝජකයාගේ සහ ආයතන වල කාලය හා ශ්‍රමය ඉතිරි කිරීම එහි අරමුණයි. පසුගිය වසරේදී මෙරට සංචාරක කර්මාන්තය සඳහා විදේශීය ආයෝජන 150%කින් වැඩි වී ඇතැයි ද මෙම සාකච්ඡාවේදී ආවධාරණය කෙරිණි. 2019 වසරේ දී මෙරටට ඇ.ඩො.මි. 108ක  සංචාරක ආයෝජන සිදුව තිබේ. එය 2020 දී එය ඇ.ඩො.මි. 478 ක් දක්වා වර්ධනය වී ඇත. ආයෝජකයන් සඳහා විශේෂ අත්පොතක්ද  සංචාරක සංවර්ධන අධිකාරිය විසින් හඳුනා දී තිබේ. එය පූර්ව අයදුම්පත් ඉදිරිපත් කිරීමේ සිට අවසාන අනුමැතිය දක්වා සම්පූර්ණ ක්‍රියාවලියම ආවරණය කරයි.

 හරිත ගොඩනැගිලි සංකල්පයට අනුගත වෙමින් මෙරට සියලුම සංවර්ධන මාර්ගෝපදේශයන් වලට අනුකූලව ව්‍යාපෘති සැලසුම් කිරීමට ආයෝජකයන්ට උපකාර කිරීම සඳහා මාර්ගෝපදේශයන්ද සකස් කිරීමට පියවර ගෙන ඇතැයි  ඇමතිවරයා සඳහන් කරයි. මේ සඳහා නාගරික සංවර්ධන අධිකාරිය, ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ ආයතන, ඉංජිනේරු ආයතන වැනි  සියලු වෘත්තීය ආයතන වල අදහස් ලබාගැනීමට අපේක්ෂිතයි. ආයෝජකයින්ගේ කාලය හා පිරිවැය අඩුකිරීම සඳහා සංචාරක සංවර්ධන අධිකාරිය සහ ආයෝජන මණ්ඩලය අතර අවබෝධතා ගිවිසුමක් ද අත්සන් තැබිණි. මීට පෙර නාගරික සංවර්ධන අධිකාරිය වෙරළ සංරක්ෂණ දෙපාර්තුමේන්තුව සමග මේ හා සමානම ගිවිසුම් වලට එළඹ ඇතැයි ද ඇමතිවරයා මෙහිදී සඳහන් කළේය.

මෙම සාකච්ඡාව සඳහා අමාත්‍යංශ ලේකම් එස්.හෙට්ටිආරච්චි, අතිරේක ලේකම් වරුණ සමරදිවාකර , දීපා සනන්සූරිය,  සභාපතිනි කිමාලි ප්‍රනාන්දු , අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ යන මහත්ම මහත්මීහුද එක්ව සිටියහ.

සංචාරක පුවත්

Sri Lanka Convention Bureau’s Roadmap for a Knowledge-Driven MICE Sector

During the first half of 2026, the Sri Lanka Convention Bureau (SLCB), through its Research, Development & Training Division, successfully implemented a series of capacity-building initiatives aimed at strengthening Sri Lanka's Meetings, Incentiv

Continue Reading

Sri Lanka Tourism Showcases Progress Across Key Sectors – July 2026

Sri Lanka Tourism continues to strengthen its global presence through a series of impactful initiatives and achievements across wellness, marine, cultural, educational, and business tourism. The Sri Lanka Tourism Promotion Bureau (SLTPB) has recently

Continue Reading

ඉදිරි වැඩසටහන්

Exit
දිස්ත්‍රික්කය