ගුවන්තොටුපල විවෘත කර සංචාරකයන්ට රට නැවත විවෘත කිරීම පිලිබදව කඩිනම් පියවර ගැනීම සදහා සංචාරක හා සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරීන්ගෙන් සමන්විත ඒකාබද්ධ කමිටුවක් බ්‍රහස්පතින්දා (03) දිනයේ දී පත් කරන ලදි. සතියක්තුල අදාල කමිටුව රැස්වී මීට අදාල දැනටමත් සකස් කර ඇති මාර්ගෝපදේශ යාවත්කාලීන කිරීමටත් ඒ අනුව ඉදිරි පියවර ගැනීමටත් තීරණය කෙරිණි.
මේ සාකච්ඡාවට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච ,රාජ්‍ය අමාත්‍ය සුදර්ශිණි ප්‍රනානදු පුල්ලේ, සෞඛ්‍ය අධ්යක්ෂ ජෙනරාල් ඇතුලු සෞඛ්‍ය බලධාරීන් සහ සංචාරක අමාත්‍යංශයේ ලේකම්තුමා ඇතුලු ආයතන ප්‍රධානීන් සහභාගී වුහ.