දශක 05 කට පසු රත්මලාන ගුවන් තොටුපළෙන් කලාපීය ජාත්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කිරිමට සුදානම් වෙයි. ලබන මස මැද වන විට රත්මලාන ගුවන් තොටුපළේ සිට පළමු කාලසටහන්ගත ගුවන් යානය මාලදිවයින දක්වා ගමන් කිරීමට නියමිතයි. ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ සහ ගුවන් තොටුපළ සංවර්ධන හා අපනයන සැකසුම් කළාප රාජ්‍ය අමාත්‍ය ඩි.වි.චානක මහතාගේ උපදෙස් මත එය ක්‍රියාත්මකයි.

රත්මලාන ජාත්‍යන්තර ගුවන් තොටුපළ 1938 දි ආරම්භ කෙරැණ අතර 1968 දී කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් ගුවන් ගමන් ආරම්භ කිරීම හේතුවෙන් කලාපීය ජාත්‍යන්තර ගුවන් ගමන් ක්‍රියාත්මක නොවිණි. රත්මලාන ගුවන් තොටුපළ තුල පවතින සම්පත් උපයෝගි කරගනිමින් නව කළාපීය ජාත්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ. ශ්‍රී ලංකාව කලාපීය ගුවන් කේන්ද්‍රස්ථානයක් ලෙසට දියුණු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ද සදහන් කර තිබිණ.

මේ අනුව ඉන්දියාව සහ මාලදිවයින කේන්ද්‍ර කරගත් කලාපීය ජාත්‍යන්තර ගුවන්තොටුපලක්  ලෙස රත්මලාන ගුවන්තොටුපල දියුණු කිරීමට ද නියමිතයි. මාලදිවයින ගුවන් සමාගම සමග මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර ඔවුන් රත්මලානයේ සිට එම ගුවන් ගමන් ආරම්භ කිරිමට ඔවුන් මේ වන විට එකගත්වය පළ කර තිබේ. මගීන් 50 ක් ගෙන යා හැකි ගුවන් යානයක් මේ අනුව මුලින්ම කොළඹ සහ මාලදිවයින අතර ගමන් කෙරෙනු ඇත. රත්මලාන ගුවන්තොටුපලේ ජාත්‍යන්තර ගුවන් ගමන් ප්‍රවර්ධනය සඳහා ගුවන්යානා නැවතුම් සහ නවතා තැබීමේ ගාස්තු වසරක කාලයක් සඳහා ඉවත් කිරීමටත් ගුවන් මගීන්ගෙන් අයකරනු ලබන ගුවන්තොටුල සේවා බද්ද වසරක කාලයක් සදහා අත්හිටුවීමටත්  රජය පසුගිය දා කටයුතු කර තිබිණි.

වත්මන් රජය බලයට පත්විමෙන් පසු රත්මලාන ජාත්‍යන්තර ගුවන්තොටුපල ප්‍රධාන කේෂ්ත්‍ර 05ක් ඔස්සේ සංවර්ධනය කිරීමට සැලසුම් කෙරිණි. දේශීය ගුවන්සේවා කේන්ද්‍රස්ථානයක්, විනෝදාස්වාද ගුවන්ගමන් මධ්‍යස්ථානයක්, ගුවන් පුහුණු මධ්‍යස්ථානයක් ලෙසත් එය සංවර්ධනය කිරිමට නියමිතය. මීට අමතරව ඉහල ආදායම් ලබන පුද්ගලයින් ඉලක්ක කරගෙන පුද්ගලික ගුවන්යානා ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම ප්‍රවර්ධනය කිරීමටත්,  පුද්ගලික ගුවන්යානා සඳහා තාක්ෂණික නැවතුම් සේවා ගුවන් යානා ඉන්ධන පිරවුම් වැනි අවශ්‍යතාවයන් ඉටුකිරීමටත් මේ යටතේ කටයුතු කෙරෙනු ඇත.

සංචාරක පුවත්

Sri Lanka Tourism Showcases the Island’s Diverse Tourism Experiences at JATA Tourism Expo 2026 in Tokyo

Sri Lanka Tourism Showcases the Island’s Diverse Tourism Experiences at JATA Tourism Expo 2026 in Tokyo

Continue Reading

Sri Lanka Tourism Strengthens Travel Trade Partnerships Through 2026 B2B Networking Series in Australia and New Zealand

Sri Lankan delegates engage over 250 Australian and New Zealand travel agents across a landmark five-city roadshow

Continue Reading

ඉදිරි වැඩසටහන්

Exit
දිස්ත්‍රික්කය