ශ්‍රී ලංකාවේ ආයෝජන වැඩි කිරීමට සහ ආයෝජකයින් ලංකාවට ගෙන්වා ගැනීම අරමුණු කරගනිමින් සංවිධානය කරනු ලබන "SRI LANKA EXPO" ප්‍රදර්ශනය පිළිබඳව රාජ්‍යතාන්ත්‍රිකයන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් ඊයේ පස්වරු (ජුනි 12) විදේශ අමාත්‍යාංශයේදී පැවැත්විණි. 2027 ජනවාරි 14 සිට 17 දක්වා BMICH හි පැවැත්වීමට නියමිත මෙය වසර 15කට පසුව පැවැත්වෙන අතර මෙම SRI LANKA EXPO ප්‍රදර්ශනය මින් ඉදිරියට වසර දෙකට වරක් පැවැත්වීමට අපේක්ෂා කෙරේ.

​මෙම දැනුවත් කිරීමේ වැඩසටහන විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා, කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සහ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා යන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මීට අමතරව අදාළ අමාත්‍යාංශ දෙකෙහිම ලේකම්වරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මෙන්ම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා ද මෙම අවස්ථාවට සම්බන්ධ වූහ.

​මෙම හමුව සඳහා කොළඹ පිහිටි තානාපති කාර්යාල සහ මහකොමසාරිස් කාර්යාල නියෝජනය කරමින් දූත මණ්ඩල ප්‍රධානීන් රැසක් සම්බන්ධ වූහ. මීට අමතරව නවදිල්ලිය, ඩකා සහ ඉස්ලාමාබාද් පදනම් කරගත් ශ්‍රී ලංකාවට අනුයුක්ත දූත මණ්ඩල ප්‍රධානීන් ද මාර්ගගතව මෙම වැඩසටහන සමඟ සජීවීව සම්බන්ධ වී සිටියහ.

මෙම Expo Sri Lanka ප්‍රදර්ශනය සඳහා ලොව පුරා සිටින ව්‍යාපාරිකයන් සහ ආයෝජකයන් ඇතුළු 1,500ක පමණ පිරිසක් පැමිණීමට අපේක්ෂා කරන අතර, මේ වන විටත් ඉන් සැලකිය යුතු ප්‍රමාණයකගේ සහභාගීත්වය තහවුරු කර ඇත. මෙරට ප්‍රමුඛ පෙළේ අපනයනකරුවන්ගේ කුටි මෙන්ම ජාත්‍යන්තර ප්‍රදර්ශන කුටි ඇතුළුව සමස්ත ප්‍රදර්ශන කුටි 700කට අධික ප්‍රමාණයක් මෙහිදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත. ඊයේ පැවැති මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වූයේ එම රටවලින් ව්‍යාපාරිකයන් සහ ආයෝජකයන් ගෙන්වා ගැනීම වෙනුවෙන් රාජ්‍යතාන්ත්‍රිකයන් දැනුවත් කිරීමයි.

 

News - Tourism

Sri Lanka Convention Bureau’s Roadmap for a Knowledge-Driven MICE Sector

During the first half of 2026, the Sri Lanka Convention Bureau (SLCB), through its Research, Development & Training Division, successfully implemented a series of capacity-building initiatives aimed at strengthening Sri Lanka's Meetings, Incentiv

Continue Reading

Sri Lanka Tourism Showcases Progress Across Key Sectors – July 2026

Sri Lanka Tourism continues to strengthen its global presence through a series of impactful initiatives and achievements across wellness, marine, cultural, educational, and business tourism. The Sri Lanka Tourism Promotion Bureau (SLTPB) has recently

Continue Reading
Exit
District