• රට තුළ උද්ගතව ඇති බලශක්ති අර්බුදය හමුවේ සංචාරක කර්මාන්තය බාධාවකින් තොරව පවත්වාගෙන යාම සදහා සුදුසු වැඩපිළිවෙලක අවශ්‍යතාව සංචාරක ඇමතිවරයා කැබිනට් මණ්ඩලයට පෙන්වා දෙයි....
  • මේ වසර අවසානයේ දි සංචාරක කර්මාන්තයෙන් අපේක්ෂිත ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 2.4 ක්..
  • රුසියානු හා යුක්රේන යුද්ධයෙන් සංචාරක ක්ෂේත්‍රයට ඇති විය හැකි බලපෑම වළක්වාලිමට ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, මැදපෙරදිග රටවල්, එක්සත් ජනපදය හා කැනඩාව ඉලක්ක කරගත් සංචාරක ප්‍රවර්ධන වැඩසටහන්....

රට තුළ උද්ගතව ඇති බලශක්ති අර්බුදය හමුවේ සංචාරක කර්මාන්තය බාධාවකින් තොරව පවත්වාගෙන යාම  සදහා සුදුසු වැඩපිළිවෙලක අවශ්‍යතාව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා කැබිනට් මණ්ඩලයට පෙන්වා දෙයි. සංචාරක කර්මාන්තයේ පුනර්ජීවනය මැයෙන් අමාත්‍ය මණ්ඩල සටහනක්  ඊයේ (28) පැවති කැබිනට් මණ්ඩල සාකච්ඡාවට ඉදිරිපත් කරමින් ඇමතිවරයා අවධාරණය කර ඇත්තේ බලශක්ති අර්බුදය හමුවේ සංචාරක කර්මාන්තයට බලපෑමක් නොවීම රජය විසින් තහවුරු කළ යුතු බවයි.

රජය ක්‍රියාත්මක කළ එන්නත්කරණ වැඩසටහන සෞඛ්‍ය මාර්ගෝපදේශ හා ඒවා ක්‍රියාත්මක කිරිම සම්බන්ධයෙන් කර්මාන්තයේ පාර්ශවකරුවන් වෙත ලබා දීමේ පුහුණුව නිවැරිදිව එම මාර්ගෝපදේශ අනුගමනය කරන හෝටල්, සංචාරක නියෝජිත ආයතන සහ සංචාරක මාර්ගෝපදේශකයන් වෙත අන්තර්ජාතික නිර්ණායකයන්ට අනුව ලබාදුන් සහතික කරණය වැනි ක්‍රියාමාර්ග මත පදනම්ව 2021 ජනවාරි මස සිට ශ්‍රී ලංකාව සංචාරකයන් සදහා යළි විවෘත කෙරිණි. රජය සංචාරක කර්මාන්තය පුනර්ජීවනය සදහා ගනු ලැබු පියවර අනුව පශ්චාත් කොවිඩ් වසංගත තත්ත්වය තුළ සංචාරක කර්මාන්තය යථා තත්ත්වයට පත්වෙමින් පවතින පළමු රටවල් කීපය අතර මේ වන විට ශ්‍රී ලංකාව ද ඇතුළත් ව ඇතැයි ඇමතිවරයා ඉදිරිපත් කළ ඇමති මණ්ඩල සටහනේ දැක්වෙයි.

මෙරටට සංචාරකයන්ගේ පැමිණීම් වල සැලකිය යුතු වර්ධනයක් මේ වන විට පෙන්නුම් කරන බව පවසන ඇමතිවරයා මේ වසරේ පෙරේදා වන විට සංචාරකයන් 274,211 දෙනෙක් මෙරටට පැමිණ ඇති බවය ද කියා සිටි. මාර්තු 1 සිට මාර්තු 27 වන දා තෙක් මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 95,377 කි. මේ වසර අවසාන වන විට සංචාරක කර්මාන්තය හරහා ඇමෙරිකානු ඩොලර් බිලියන 2.4 ක ආදායමක් අපේක්ෂා කරන බව ත් මෙම ඉලක්කය කරා ලගාවීම දැනට ශ්‍රී ලංකාව මුහුණ දෙන විදේශ විනිමය අර්බුදය ජය ගැනීමට හේතුවනු ඇති බවත් ඇමතිවරයා කැබිනට් මණ්ඩලය හමුවේ සදහන් කර තිබේ.

මෙරට සංචාරක ව්‍යාපාරයේ ප්‍රධානතම සංචාරක මුලාශ්‍ර වෙළදපල දෙකක් වන රුසියාව හා යුක්රේනය අතර උද්ගතව පවතින යුධමය තත්ත්වය හේතුවෙන් මෙරට සංචාරක පැමිණිම් කෙරෙහි ඇති විය හැකි අහිතකර බලපෑම වළක්වා ගැනීම සදහා ඉදිරි ග්‍රීෂ්ම සෘතු සංචාරක සමය ඉලක්ක කර ගනිමින් ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, මැදපෙරදිග රටවල්, එක්සත් ජනපදය සහ කැනඩාව ඉලක්ක කර ගත් සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් සැලසුම් කර ඇති බව ද ඇමතිවරයා කැබිනට් මණ්ඩලයට වැඩිදුරටත් දැනුම් දි තිබේ.

News - Tourism

Sri Lanka Tourism Showcases the Island’s Diverse Tourism Experiences at JATA Tourism Expo 2026 in Tokyo

Sri Lanka Tourism Showcases the Island’s Diverse Tourism Experiences at JATA Tourism Expo 2026 in Tokyo

Continue Reading

Sri Lanka Tourism Strengthens Travel Trade Partnerships Through 2026 B2B Networking Series in Australia and New Zealand

Sri Lankan delegates engage over 250 Australian and New Zealand travel agents across a landmark five-city roadshow

Continue Reading
Exit
District