• ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය යටතේ ලියාපදිංචි සංචාරක ආයතන සදහා සංචාරක සංවර්ධන බද්ද ගෙවිමට සහන කාලයක්...
  • මේ වසරේ සංචාරකයන්ගේ පැමිණිම 250,000 ඉක්මවයි...
  • මාර්තු මුල් දින 19 ට 67,898 ක්...

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය යටතේ ලියාපදිංචි කර ඇති සංචාරක ආයතන සදහා සංචාරක සංවර්ධන බද්ද ගෙවීමට සහන කාලයක් ලබාදීමට යයි. ඒ අනුව 2019 අප්‍රේල් 01 වෙනි දින සිට 2021 දෙසැම්බර් 31 දින දක්වා මාස 32 කාලයකට අධිකාරියට ගෙවිය යුතු හිග සංචාරක බදු මුදල් ගෙවිම සදහා දඩ මුදල් රහිතව වසර 02 ක සහන කාලයක් ලබාදීමට කටයුුතු කරමින් සිටින බව සංචාරක  ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඊට අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇතැයි ද ඇමතිවරයා කියයි.

2019 පාස්කු ප්‍රහාරය හා 2019 අග භාගයේ සිට ලෝකය පුරා ව්‍යාප්ත වු කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මෙරට සංචාරක ව්‍යාාපාරය පත් වු දුෂ්කර තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම තීරණයට එළඹි බව ඇමතිවරයා කියයි. පසුගිය නොවැම්බර් මාසයේ සිට මෙරට සංචාරක ව්‍යාපාරය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් තිබුණ ද එය සම්පුර්ණයෙන් ම යථාතත්ත්වයට පත්වීම සදහා ගත විය හැකි කාලය ද සැලකිල්ලට ගෙන මෙම සහන කාලය ලබාදීමට කටයුතු කළ බව ද ඇමතිවරයා කියයි.

මීට පෙර සංචාරක සංවර්ධන බද්ද අය කිරිම සදහා ලබා දි තිබු සහන කාලය ඉකුත් වි ඇති බැවින් ඒ වෙනුවට නව සැලැස්මක් හදුන්වා දෙන ලෙස සංචාරක ක්ෂේත්‍ර යේ නියුතු වුවන් දිගින් දිගටම කළ ඉල්ලීම සළකා බලා මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කෙරුණු බව ද ඇමතිවරයා පවසයි.

මේ අතර මේ වසරේ මේ දක්වා මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 250,000 ඉක්මවා ඇතැයි ද සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. මාර්තු මාසයේ මුල් දින 19 තුළ මෙරටට සංචාරකයන් 67,898 දෙනෙකු පැමිණ තිබේ. මේ වසරේ ජනවාරි මාසයේ දි මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 82,327 ක් වු අතර පෙබරවාරි මාසයේ දි සංචාරකයන් 96,507 ක් පැමිණ තිබිණි. මාර්තු මාසයේ මුල් දින 19 තුළ මෙරටට සංචාරකයන් වැඩි වශයෙන් පැමිණ ඇත්තේ ඉන්දියාවෙනි. එම සංඛ්‍යාව 14,942 කි. රුසියානු සමූහාණ්ඩුවෙන් සංචාරකයන් 7,092 ක් පැමිණ ඇති අතර එක්සත් රාජධානියෙන් සංචාරකයන් 7,055 ක් පැමිණ තිබේ. සංචාරකයන් 6,348 දෙනෙකු ජර්මනියෙන් පැමිණ ඇත. ප්‍රංශය, පෝලන්තය, කසකස්ථානය, ඇමෙරිකාව, කැනඩාව හා චෙක් රාජ්‍යය පසුගිය දින 19 මෙරටට වැඩි වශයෙන් සංචාරකයන් පැමිණි රටවල් බව ද ඇමතිවරයා කියයි.

News - Tourism

Sri Lanka Convention Bureau’s Roadmap for a Knowledge-Driven MICE Sector

During the first half of 2026, the Sri Lanka Convention Bureau (SLCB), through its Research, Development & Training Division, successfully implemented a series of capacity-building initiatives aimed at strengthening Sri Lanka's Meetings, Incentiv

Continue Reading

Sri Lanka Tourism Showcases Progress Across Key Sectors – July 2026

Sri Lanka Tourism continues to strengthen its global presence through a series of impactful initiatives and achievements across wellness, marine, cultural, educational, and business tourism. The Sri Lanka Tourism Promotion Bureau (SLTPB) has recently

Continue Reading

Upcoming Events

Exit
District