2022 වසර අවසාන වන විට ශ්‍රී ලංකාව ලෝකයේ  ප්‍රධානතම සංචාරක  මධ්‍යස්ථානයක් බවට පත් කරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග  මහතා පැවසීය.

ලබන අප්‍රේල් 19 ,20,21 යන දිනවල කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ දී  පැවැත්වීමට නියමිත මෙරට විශාලතම සංචාරක සමුළුව සම්බන්ධයෙන් ඊයේ  (24)කොළඹ දී මාධ්‍ය දැනුවත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය, ඉන්දියානු සංචාරක නියෝජිත සංවිධානය සහ ශ්‍රී ලංකා සංචාරක නියෝජිතයින් ගේ  සංවිධානය හවුල් වී මෙම සමුළුව පවත්වනු ලබන අතර ඉන්දියානු සංචාරක නියෝජිතයින්ගේ සංගමයේ   66 වෙනි වාර්ෂික සමුළුවට සමගාමීව මෙරට සංචාරක ක්ශේත්‍රය ප්‍රවර්ධනය කිරීම මෙම සමුළුව මගින් සිදුකරනු ලබයි.

2018 වසරේ දී ශ්‍රී ලංකාවට  ඉන්දියානු  සංචාරකයින් ලක්ෂ 5 කට ආසන්න සංඛ්‍යාවක් පැමිණ තිබේ.

එම තත්ත්වය නැවත ඇති කර ගැනීම වෙනුවෙන් අවශ්‍ය ප්‍රවර්ධන කටයුතු සිදු කිරීම මෙම සමුළුවේ අපේක්ෂාව වන අතර සමුළුවට සංචාරක නියෝජිතයින් පන්සියයක් සහ ගෝලීය වශයෙන් මෙරට සංචාරක ව්‍යාපාරය පිළිබඳව දැනුවත් කිරීම සඳහා මාධ්‍ය ආරාධිතයින් පනස් දෙනෙකු සහභාගිවීමට නියමිතය.

සමුළුවෙන් ඉන්දියාවේ සෑම ප්‍රදේශයකින්ම ශ්‍රී ලංකාව තුළට පැමිණෙන සංචාරකයින්ගේ දැවැන්ත වර්ධනයක් ඇති කර ගැනීමට  මෙන්ම මෙරට සංචාරක ක්ෂේත්‍රය කෙරෙහි ගෝලීය මාධ්‍ය අවධානය යොමු කිරීමට  අපේක්ෂා කෙරෙයි.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය  ඉන්දියානු සංචාරක නියෝජිතයින්ගේ සංවිධානය සහ ශ්‍රී ලංකා සංචාරක නියෝජිතයින් ගේ සංවිධානය මෙහිදී තෛයි පාර්ශවීය ගිවිසුමක්  අත්සන් කිරීමට බලාපොරොත්තු වේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා.

ශ්‍රී ලංකාවට ඉන්දියාව කියන්නේ ඉතා වැදගත් රටක්. සංචාරක ක්ෂේත්‍රයට අයත් විවිධ ක්ෂේත්‍රයන්හි නියෝජිතයින් පන්සියක් පමණ මෙම සමුළුවට සහභාගි වීමට නියමිතයි.  එම නියෝජිතයින් හරහා ඉන්දියාවේ මෙන්ම ලෝකය පුරා සංචාරකයින් ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය පිළිබඳව දැනුවත් කිරීමට නියමිතව තිබෙනවා.

පාස්කු ප්‍රහාරයෙන් සහ කොවිඩ්  වසංගතයෙන් ශ්‍රී ලංකාවේ වගේම ලෝකයේ සංචාරක ව්‍යාපාරය දැඩි පසුබෑමකට ලක් වුණා. අපේ රටේ සංචාරක ව්‍යාපාරය නැංවීම සඳහා සංචාරක සංවර්ධන අධිකාරිය නව සැලසුම් රැසක් ක්‍රියාත්මක කරනවා.

සෞඛ්‍යය නීතිරීති ලිහිල් කළ ඔක්තෝම්බර් මාසයේ සිට මාස 5 ක් ඇතුලත අපි සංචාරක ක්ෂේත්‍රයේ ඉතා විශාල ප්‍රවර්ධනයක් ළඟා කරගෙන තිබෙනවා.

ඔක්තෝම්බර් මාසයෙහි  සංචාරකයින් 22000 ක්,

නොවැම්බර් මාසයේ 44 000 ක්,

දෙසැම්බර් මාසයේ 86 000 ක්,

ජනවාරි මාසයේ 86000ක් වශයෙන් සංචාරකයින් ලංකාවට පැමිණ තිබෙනවා.

පෙබරවාරි මාසයේ ලක්ෂයකට ආසන්න සංචාරකයින් ශ්‍රී ලංකාවට එනු ඇතැයි අපි අපේක්ෂා  කරනවා.

ගෝලීය කොවිඩ් වසංගතය හේතුවෙන්  ලෝකයේ  බරපතළ ම අවධානමට ලක් වූ ක්ශේත්‍ර තමයි  සංචාරක හා ගුවන් සේවා ක්ෂේත්‍රය .කොවිඩ්  වසංගතය මධ්‍යයයේ වුණත් 2021 ජනවාරි මාසයේදී අපි සංචාරකයන්ට රට විවෘත කළේ කොවිඩ්  අභියෝගය මධ්‍යයයේ වුණත්  සංචාරක ව්‍යාපාරය යළි ගොඩනැගීමේ  අරමුණ ඇතිවයි .බොහෝ දුෂ්කරතා මැද වුණත්  අපි අද  සංචාරක කර්මාන්තය යළි නංවාලීමේ අභියෝග ජය ගනිමින් තිබෙනවා.ඉදිරි කාලය තුළ  අපේ රටේ සංචාරක ව්‍යාපාරය කඩිනමින්  යථා තත්ත්වයට පත්වනු ඇතැයි යන්න අපේ බලාපොරොත්තුවයි . ඒ සඳහා  රජයක් ලෙස  අපි පියවර රැසක්  ගත්තා . මේ වන විට  කොවිඩ්  එන්නත ලබාදීම අතින්   අපි ලෝකයේ ඉදිරියෙන්ම ඉන්නවා .අපි බූස්ටර් මාත්‍රාව ජනතාවට දෙන්න පටන් ගත්තේ ලෝකයේ බොහෝ රටවල් වලට කලින් .මේ වන විට සමස්ත ජනගහනයෙන් සියයට අනූවකට වැඩි පිරිසක්  කොවිඩ්  එන්නත ලබාගෙන තිබෙනවා .එය සංචාරක ව්‍යාපාරයටත්  ලොකු රුකුලක්. ඉන්දියාව කියන්නේ අපේ ප්‍රධාන සංචාරක වෙළඳපලක්. කොවිඩ් වසංගතය පැවැති  පසුගිය වසරේ ත් ශ්‍රී ලංකාවට වැඩි වශයෙන් ම සංචාරකයන් පැමිණ ඇත්තේ  ඉන්දියාවෙන්.

කොවිඩ් වසංගතයක් සමග  නව සාමාන්‍යකරණ වැඩ පිළිවෙල යටතේ  අපි යම් යම් සිදුවීම් මුල්කර ගත් සංචාරක ක්ෂේත්‍රයන් (event tourism )පිළිබඳව වැඩි අවධානයක් යොමුකර තිබෙනවා. ඒ අනුව ජාත්‍යන්තර මට්ටමේ සමුළු සම්මන්ත්‍රණ ගණනාවක් ඉදිරියේ දී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා .ඒ වගේම ජාත්‍යන්තර මට්ටමේ   සංස්කෘතික හා  වෙනත් උත්සව ශ්‍රී ලංකාවේ සංවිධානය කිරීමට සැලසුම් කර තිබෙනවා .ජාත්‍යන්තර සමුළු සම්මන්ත්‍රණ පවත්වන කේන්ද්‍රස්ථානයක් බවට ශ්‍රී ලංකාව පත් කිරීම අපේ ඉලක්කයයි .

ඉන්දියානු සංචාරක නියෝජිත සංවිධානයේ  (TAAI) 66 වන වාර්ෂික සමුළුව පැවැත්වීම සඳහා ශ්‍රී ලංකාව තෝරා ගැනීම මෙරට සංචාරක ව්‍යාපාරය සඳහා නව හැරවුම් ලක්ෂයක් වනු ඇතැයි අපි අපේක්ෂා කරනවා.  නව ලොවට ගැලපෙන සංචාරක ව්‍යාපාරයක් රට තුළ ස්ථාපිත කිරීම  අපේ රජයේ අපේක්ෂාව .මේ නිසා මෙම සමුළුව  පැවැත්වීම සඳහා ශ්‍රී ලංකාව තෝරා ගැනීම පිළිබඳව  එම සංගමයට මගේ ස්තුතිය පිරිනමනවා.

මෙම අවස්ථාවට සංචාරක අමාත්‍යංශ ලේකම් එස්.හෙට්ටිආරච්චි , ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති කිමාලි ප්‍රනාන්දු, ඉන්දියානු සංචාරක නියෝජිත සංගමයේ සභාපතිනී ජෝති මායාල්, ශ්‍රී ලංකා සංචාරක නියෝජිත සංගමයේ සභාපති  මහේන් කාරියවසම් යන මහත්ම මහත්මීන් සහභාගී වූහ.

 

303

News - Tourism

Sri Lanka Mega Roadshow 2026 Achieves Remarkable Success In Seoul, Strengthening Tourism, Cultural And Buddhist Ties Between Sri Lanka And South Korea

The Sri Lanka Tourism Promotion Bureau (SLTPB), in collaboration with the Embassy of Sri Lanka in the Republic of Korea, successfully concluded the Sri Lanka Mega Roadshow 2026 at the prestigious Lotte Hotel Seoul on 08 June 2026, further strengtheni

Continue Reading

The Embassy of Sri Lanka in the Republic of Korea hosted Pulse of Sri Lanka – A Celebration of Dance and Heritage on 5 June 2026 at the Kkumbit Theater, Seongbuk Media Culture Maru, Seoul, presenting a vibrant showcase of Sri Lanka’s cultural traditi

Continue Reading
Exit
District