සංචාරක කළාප විදුලි කප්පාදුවෙන් නිදහස් කරන්න යැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලයි. ඊයේ (21) පැවති කැබිනට් රැස්වීමේ දී විදුලි බල හා ඉන්ධන ප්‍රශ්නය සම්බන්ධයෙන් සාකච්ඡා වු අවස්ථාවේ දි ඇමතිවරයා මෙම ඉල්ලීම ඉදිරිපත් කර තිබේ.

ප්‍රසන්න රණතුංග ඇමතිවරයා මෙහිදී පෙන්වා දී ඇත්තේ කොවිඩ් වසංගතයෙන් පසුව සංචාරක ව්‍යාපාරය යළි හිස ඔසවමින් පවතින අවස්ථාවක විදුලිය කප්පාදුව නිසා සංචාරක ව්‍යාපාරයට බාධාවක් එල්ල විය හැකි බවයි. මේ වන විටත් සංචාරක ව්‍යාපාරයේ නිරතවූවත් මේ සම්බන්ධයෙන් ඉල්ලිම් ඉදිරිපත් කර ඇති බවත් මේ නිසා අඩුම තරමින් සංචාරක කළාපවත් මෙම විදුලි කප්පාදුවෙන් නිදහස් කරන්න යැයි ඇමතිවරයා පවසා තිබේ. රමේෂ් පතිරණ, බන්දුල ගුණවර්ධන, වාසුදේව නානායක්කාර, විමල් විරවංශ, මහින්ද අමරවීර යන අමාත්‍යවරැන් ද මෙම ඉල්ලීමට සහාය පළ කරමින් අදහස් පළ කර ඇත.

විදුලි කප්පාදුව සිදුවන්නේ කළාප 04කට බෙදා බවත් සංචාරක කළාප ඉන් නිදහස් කළ හැකිදැයි විදුලි බල මණ්ඩලය සමග සාකච්ඡා කර ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට විදුලිබල අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා වෙනුවට ඊයේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමට සහභාගී වු රාජ්‍ය ඇමති දුමින්ද දිසානායක මහතා එකගතාවය පළ කර තිබේ.

මේ වන විට දිවයින පුරා ගැසට් මගින් ප්‍රකාශයට පත් කළ සංචාරක කළාප සංඛ්‍යාව 16 කි. නිලාවේලි, මාදුගග හා ඒ අවට ආරුගම්බේ, ත්‍රීකුණාමලය, කල්කුඩා, පින්නවල, දේද්දුව, බෙන්තොට, කුච්චවේලි, කල්පිටිය, උණවටුණ, මීගමුව, බේරුවල, ගල්කිස්ස, යාල හා ඇල්ල එම සංචාරක කළාපයි.

News - Tourism

4th Meeting of the BIMSTEC Network of Tour Operators – July 2026

Sri Lanka successfully hosted the 4th Meeting of the BIMSTEC Network of Tour Operators on 21–22 July 2026 at the Sheraton Colombo

Continue Reading

Sri Lanka Convention Bureau’s Roadmap for a Knowledge-Driven MICE Sector

During the first half of 2026, the Sri Lanka Convention Bureau (SLCB), through its Research, Development & Training Division, successfully implemented a series of capacity-building initiatives aimed at strengthening Sri Lanka's Meetings, Incentiv

Continue Reading

Upcoming Events

Exit
District