• සෑම පුරවැසියෙකුටම ඩිජිටල් පසුම්බියක්....
  • මේ වසරේ නගර සභා සහ ප්‍රාදේශිය සභා 100 ක් ඩිජිටල්කරණයට....
  • 2025 වන විට රජයේ සියලු කාර්යාල ඩිජිටල්කරණය කෙරේ...
  • සංචාරක ව්‍යාපාරයටත් LANKA QR කේතය හදුන්වා දීමට සැලසුම්...

ඩිජිටල් ජාතික හැදුනුම්පත නිකුත් කිරිමෙන් පසු සෑම පුරවැසියෙකුටම ඩිජිටල් පසුම්බියක් හදුන්වා දීමට අපේක්ෂා කරන බව අපේක්ෂා කරන බව ක්‍රීඩා, යෞවන කටයුතු අමාත්‍ය හා ඩිජිටල් යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි. විදේශ ගමන් බලපත්‍රය, උප්පැන්න සහතිකය, විවාහ සහතිකය, විභාග සහතික ඇතුළු තමන්ගේ අත්‍යවශ්‍යය පෞද්ගලික ලිපි ලේඛණ තමන්ගේ ජංගම දුරකථනයේ “ඩිජිටල් පසුම්බියක” තබාගෙන අවශ්‍ය මොහොතක ඉදිරිපත් කිරීමට එමගින් හැකියාව ලැබෙන බව ඔහු කියා සිටි. ඇමතිවරයා පෙන්වා දෙන්නේ මාස 30 ක කාලයක් තුළ එම ව්‍යාපෘතිය අවස්න කිරීමට අපේක්ෂා කරන බවයි.

ජංගම දුරකථනය මගින් මුදල් ගෙවීම සදහා මහ බැංකුව විසින් හදුන්වා දෙන LANKA QR කේතය ගම්පහ ජනගත කිරිමේ අවස්ථාවට  එක්වෙමින් ඇමතිවරයා මේ බව සදහන් කළේය. ගම්පහ නගර සභා ක්‍රීඩාංගණයේ දි ගම්පහ සියලුම රාජ්‍ය හා පුද්ගලික බැංකු සහභාගීත්වයෙන් මෙම වැඩසටහන පැවැත්විණ.

මේ වන විට දිවයිනේ ප්‍රධාන නගර 13 ක මෙම LANKA QR කේතය හරහා මුදල් ගෙවිමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ. බැංකු හා බැංකු නොවන ප්‍රධාන මූල්‍ය ආයතන 20 ක් පමණ මේ සදහා දැනට ඇතුළත්ව තිබෙන අතර දිවයින පුරා 290,000 කට ආසන්න ව්‍යාපාරික පිරිසක් මේ සදහා සම්බන්ධ වි සිටිති.

ඇමති නාමල් රාජපක්ෂ මහතා මෙහි දි වැඩිදුරටත් කියා සිටියේ මේ වසර තුළ නගර සභා හා ප්‍රා දේශීය සභා 100 ක් ඩිජිටල්කරණයට ලක් කරන බවයි. කඩකුලි, බිම්කුලි, පොදු බදු එකතු කිරිම, වීථි රේඛා ගෙවීම් ඩිජිටල් තාක්ෂණයෙන් සිදු කිරිමටත් එම ගෙවිම් සදහා LANKA QR කේතය හදුන්වා දීමට පියවර ගැනේ. 2025 වන විට ග්‍රාම නිළධාරි කාර්යාලයේ සිට පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තුමේන්තුව දක්වා රජයේ සියලුම ආයතන ඩිජිටල්කරණයට ලක් කරන බවත් රටතුළ ඩිජිටල් තාක්ෂණ විප්ලවයක් සිදු කරන බවත් නාමල් රාජපක්ෂ ඇමතිවරයා වැඩිදුරටත් කීවේය.

මෙහි දි අදහස් දැක්වු සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කළේ LANKA QR කේතය සංචාරක කර්මාන්තයට ද හදුන්වා දීමට අවධානය යොමුව ඇති බවයි. ඒ සම්බන්ධයෙන් අදාළ අංශ සමග සාකච්ඡා කර ඉදිරි පියවර ගැනීමට නියමිතයි. ලෝකයේ බොහෝවල රටවල විවිධ ක්ෂේත්‍ර වලට ඩිජිටල් තාක්ෂණය හදුන්වා දිමට කටයුතු කරමින් සිටි. කොව්ඩ් වසංගතයත් සමග මෙවැනි නවින ක්‍රම වේදයන්හි අවශ්‍යතාවයන් වැඩි වශයෙන් පැන නැගී ඇති බව පෙන්වා දුන් ඇමතිවරයා නවීන තාක්ෂණය උපයෝගි කරගනිමින් රට ඉදිරියට ගෙන යාම සදහා වත්මන් රජය කටයුතු කරමින් සිටින බව ද කීවේය. ඩිජිටල්කරණ වැඩපිළිවෙල සාර්ථක කර ගැනිම සදහා මේ වන විටත් පියවර රැසක් රජය ගෙන තිබේ. ඉදිරියේ දි නව අණපණත් කීපයක් ද හදුන්වා දීමට ද රජය  අපේක්ෂා කරන බව රණතුංග මහතා කීවේය.

රාජ්‍ය ආයතන ඩිජිටල්කරණයට ලක් කිරීමෙන් අභියෝගය මුලින්ම භාර ගත්තේ තමන් බව පෙන්වා දුන් ඇමති ප්‍රසන්න රණතුංග මහතා කටුනායක ගුවන් තොටුපළට ඩිජිටල් තාක්ෂණය හදුන්වා දීම මේ වන විට සිදු කෙරෙමින් තිබෙන බව ද කීවේය. මේ වසර මැද වන විට පළමු අදියර අවසන් කිරීමට අපේක්ෂිතයි. ඒ අනුව ගුවන් මගියෙකු ගුවන් තොටුපළට පැමිණ ගුවන් යානයේ අසුන් ගන්නා අවස්ථාව දක්වාත් මෙරටට පැමිණෙන ගුවන් මගියෙකු ගුවන් යානයෙන් බැස ගුවන් තොටුපළින් පිටතට පැමිණෙන අවස්ථාව දක්වා සියලු කාර්යයන් ඩිජිටල් තාක්ෂණය උපයෝගී කර ගනිමින් කඩිනම් කිරිමට කටයුතු යොදා ඇතැයි ද රණතුංග මහතා කීවේය. ලබන වසර තුළ අවසන් කිරීමට නියමිත කටුනායක ගුවන් තොටුපළ නව මගී පර්යන්තය ද සම්පුර්ණයෙන් ම ඩිජිටල්කරණයට ලක්කරන බව ද ඔහු කීවේය.

මෙම අවස්ථාවට මහ බැංකුවේ සහකාර අධිපති ධර්ම ශ්‍රි කුමාරතුංග, ගම්පහ නගරාධිපති එරංග සේනානායක, ගම්පහ ප්‍රා දේශිය ලේකම්, ගම්පහ සියලු බැංකු ප්‍රධානීන් සහභාගී වුහ.

 

news281

News - Tourism

Sri Lanka Tourism Showcases the Island’s Diverse Tourism Experiences at JATA Tourism Expo 2026 in Tokyo

Sri Lanka Tourism Showcases the Island’s Diverse Tourism Experiences at JATA Tourism Expo 2026 in Tokyo

Continue Reading

Sri Lanka Tourism Strengthens Travel Trade Partnerships Through 2026 B2B Networking Series in Australia and New Zealand

Sri Lankan delegates engage over 250 Australian and New Zealand travel agents across a landmark five-city roadshow

Continue Reading

Upcoming Events

Exit
District