මිරිස්ස තල්මසුන් නැරඹීමට යන සංචාරක යාත්‍රා හිමියන්ට  වනජිවි දෙපාර්තුමේන්තුව විසින් පණවා ඇති සීමාවන් ඉවත් කිරිමට පියවර ගන්න යැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා බළධාරින්ට උපදෙස් දෙයි. තල්මසුන් නැරඹිමට යන සංචාරකයන්ට බාධාවක් ඇති නොවන පරිදි මෙන්ම තල්මසුන්ට ද පිඩාවක් ඇති නොවන පරිදි එය සිදු කරන ලෙස ද ඇමතිවරයා බළධාරින්ට උපදෙස් දුන්නේය.

මිරිස්ස මුහුදු තීරයේ තල්මසුන් නැරඹීමට යන සංචාරක යාත්‍රාවලට වනජිවි දෙපාර්තුමේන්තුව සිමා පණවා ඇතැයි පසුගිය දා මාධ්‍ය හා සමාජ මාධ්‍ය ඔස්සේ කරුණූ අනාවරණය කර තිබිණි. ඒ අනුව ඇමති ප්‍රසන්න රණතුංග මහතා සාකච්ඡාවක් සදහා මිරිස්ස සංචාරක යාත්‍රා හිමියන්ගේ සංගමයේ නියෝජිතයන් කොළඹට කැදවා තිබු අතර ඒ සදහා වනජීවි දෙපාර්තුමේන්තු ප්‍රධානින් ද කැදවා තිබුණි. මිරිස්ස තල්මසුන් නැරඹීමට යන යාත්‍රා හිමියන් මෙහිදි සිය ගැටළු ඉදිරිපත් කළ අතර ඔවුන් පෙන්වා දුන්නේ තල්මසුන් නැරඹීම සදහා සවස 2 න් පසුව පමණක් වනජිවි නිළධාරින් අවසර ලබාදෙන බවයි. වනජිවි නිළධාරින් ඊට ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ විවිධ ගැටළුකාරි තත්ත්වයන් නිසා මෙම තීරණයට එළඹ ඇති බවයි. අවශ්‍ය නිළධාරින් නොමැති වීම ද ඊට හේතුවක් බව ඔවුහ් පෙන්වා දුන්හ. ඒ මොහෝතේ මාතර දිස්ත්‍රික් ලේකම්වරයා දුරකථනයෙන් සම්බන්ධ කරගත් ඇමති ප්‍රසන්න රණතුංග මහතා රැකියා ලක්ෂයේ වැඩපිළිවෙල යටතේ බදවා ගෙන ඇති රැකියාලාභින් දස දෙනෙකු මෙම කටයුතු සදහා අනුයුක්ත කරන්න යැයි ඉල්ලා සිටියේය. ඊට දිස්ත්‍රික් ලේකම්වරයාගේ එකගත්වය පළ විය.

තල්මසුන් නැරඹිම සදහා යන දෙස් විදෙස් සංචාරකයන් සදහා මිරිස්ස ධිවර වරායේ පහසුකම් වැඩි දියුණු කිරිම පිළිබදව ද මෙහි දි දිර්ඝ ලෙස අවධානය යොමු කෙරිණි. කංචන විජේසේකර රාජ්‍ය ඇමතිවරයා ඇමතු ඇමතිවරයා ඒ සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබදව ද සාකච්ඡා කලේය. ඒ අනුව සංචාරක, ධීවර හා වනජිවි අමාත්‍යාංශ වල අමාත්‍යවරුන්ගේ සහ නිළධාරින්ගේ රැස්වීමක් කැදවා මිරිස්ස මුහුදු තීරයේ තල්මසුන් නැරඹීම ආශ්‍රිත ගැටළුවලට කඩිනමින් විසදුම් ලබාදීමට ද තීරණය කෙරිණි. ඒ සදහා අවශ්‍ය පියවර ගන්නා ලෙස ඇමතිවරයා සංචාරක අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබා දුන්නේය.

b2406c84 3a1c 4057 ac86 7af5d36b63cd

News - Tourism

Sri Lanka Tourism Showcases the Island’s Diverse Tourism Experiences at JATA Tourism Expo 2026 in Tokyo

Sri Lanka Tourism Showcases the Island’s Diverse Tourism Experiences at JATA Tourism Expo 2026 in Tokyo

Continue Reading

Sri Lanka Tourism Strengthens Travel Trade Partnerships Through 2026 B2B Networking Series in Australia and New Zealand

Sri Lankan delegates engage over 250 Australian and New Zealand travel agents across a landmark five-city roadshow

Continue Reading

Upcoming Events

Exit
District