රට සංචාරකයන්ට විවෘත කිරීමත් සමග සංචාරකයන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරිම සදහා ශ්‍රීලංකා රජය ගෙන ඇති පියවර පිළිබද ජාත්‍යන්තරය දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක්  ක්‍රියාත්මක කර ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ලෝකයේ ප්‍රමුඛ පෙළේ මාධ්‍ය ආයතන, සමාජ මාධ්‍ය ක්‍රියාකාරින් මෙරටට ගෙන්වා ඔවුන්ට රටේ සැබෑ තත්ත්වය පැහැදිලි කර දෙමින් රට සංචාරකයන්ට විවෘත බව ලොව පුරා ප්‍රචාරය කිරිම එම විශේෂ වැඩසටහනයි. ඉදිරි මාස දෙකක කාලය තුළ ලෝකයේ ප්‍රමුඛ පෙළේ  මාධ්‍ය හා සමාජ මාධ්‍ය ක්‍රියාකාරින් 25 කට ආසන්න පිරිසක් මේ සදහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇතැයි ද ඇමතිවරයා පෙන්වා දෙයි.

මේ වන විටත් නෝර්වේ සහ ඉන්දියානු සංචාරක මාධ්‍ය වේදින් 10 දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ මෙහෙයවීමෙන් එය ක්‍රියාත්මකයි. ඉන්දියානු මාධ්‍ය වේදීන් සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරින් 08 දෙනෙකු මේ වන විට උතුරේ විශේෂ සංචාරයක නිරතව සිටිති. යුද්ධයෙන් පසු උතුරේ වත්මන් තත්ත්වය මෙන්ම කොවිඩ් වසංගතයත් සමග සංචාරකයන්ට රට විවෘත කිරිම සම්බන්ධයෙන් ඔවුන් අධ්‍යනයක නිරතව සිටිති.

නෝර්වේ ප්‍රධාන පෙළේ යු ටියුබ් නාළිකා දෙකක නියෝජිතයන් ද මේ වන විට මෙරටට පැමිණ තිබේ. ඔවුන් දකුණේ සංචාරයක නිරතව සිටින අතර සංචරණ සීමා ඉවත් කිරිමත් සමග රට සංචාරකයන්ට විවෘතව ඇති ආකාරය ඔවුන් අධ්‍යනයන කරමින් සිටිති. මෙම මාධ්‍ය කණ්ඩායම් දෙක කොවිඩ් වසංගතයෙන් පසු රට විවෘත කිරීමෙන් අනතුරුව මෙරටට පැමිණි පළමු මාධ්‍ය කණ්ඩායම වේ. ඉදිරි මාස දෙකක කුලය තුල රුසියාව, යුක්රේනය, එංගලන්තය, ජර්මනිය, ප්‍රංශය, ඇමෙරිකානු එක්සත් ජනපදය වැනි රටවලින් මාධ්‍ය හා සමාජ මාධ්‍ය ක්‍රියාකාරින් රැසක් මෙරටට පැමිණිමට නියමිත අතර ඔවුන් රට පුරා සංචාරය කර සංචාරකයන්ට පැමිණිමට සුදුසු රටක් ලෙස ශ්‍රී ලංකාව සිය රටවල ප්‍රචලිත කිරිමට නියමිත බව ද ඇමතිවරයා සදහන් කරයි.

ඔවුන් හරහා ලොවපුරා මිලියන 05කට අධික පිරිසකට ශ්‍රී ලංකාව පිළිබද පුළුල් ප්‍රචාරයක් පිළිබද අපේක්ෂා කෙරේ. මෙරට ඇති එරතම් ප්‍රචලිත නොමැති සංචාරක ආකර්ෂණීය ගමනාන්ත පිළිබද ව සංචාරකයන් දැනුවත් කිරිමත්, මෙරටට පැමිණෙන සංචාරකයන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරිම සදහා ශ්‍රී ලංකා රජය ගෙන ඇති පියවරයන් පිළිබද ව ජාත්‍යන්තර දැනුවත් කිරීමත් මේ අනුව සිදු කෙරෙන බව ඇමතිවරයා සදහන් කරයි. මාතලේ, නුවර, කෑගල්ල, මහියංගණය, හැටන් ආදී ප්‍ර දේශ වල මෙම පිරිස සංචාරය කිරිමට නියමිතයි. හෙළ වෙදකම් පිළිබද ව පරිසර හිතකාමී සංචාරක ව්‍යාපාරය, ත්‍රාස්‍යජනක ක්‍රීඩා, ප්‍රජා මූලක සංචාරක ව්‍යාපාරය පිළිබද ව මෙහි දී ඔවුන් දැනුවත් කෙරේ.

d1eee847 27cf 4a0b b717 8d0e60b7935b

News - Tourism

Sri Lanka Convention Bureau’s Roadmap for a Knowledge-Driven MICE Sector

During the first half of 2026, the Sri Lanka Convention Bureau (SLCB), through its Research, Development & Training Division, successfully implemented a series of capacity-building initiatives aimed at strengthening Sri Lanka's Meetings, Incentiv

Continue Reading

Sri Lanka Tourism Showcases Progress Across Key Sectors – July 2026

Sri Lanka Tourism continues to strengthen its global presence through a series of impactful initiatives and achievements across wellness, marine, cultural, educational, and business tourism. The Sri Lanka Tourism Promotion Bureau (SLTPB) has recently

Continue Reading

Upcoming Events

Exit
District