විදෙස් රටවල් මත යැපීම වෙනුවට දේශීය නිෂ්පාදන නැංවීමේ වැඩපිළිවෙළක් ඉදිරි අයවැය මගින් ක්‍රියාත්මක කරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග  මහතා අවධාරණය කරයි. ඔහු පෙන්වා දෙන්නේ විදෙස් රට වලින් යැපෙන රටක් වෙනුවට දේශීය ආර්ථිකය මත සංවර්ධනය වන රටක් නිර්මාණය කිරීම වත්මන් ආණ්ඩුවේ අපේක්ෂාව බවයි.

ඇමති ප්‍රසන්න රණතුංග මහතා මේ බව සඳහන් කළේ ඊයේ (23) මිනුවන්ගොඩ නගරයේ පැවති රැස්වීමේදීයි නගර 100ක් සංවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ මිනුවන්ගොඩ නගරයේ සංචාරක ආකර්ශනීය දේශීය නිශ්පාදන අලෙවි මධ්‍යස්ථානයක් තුරු වදුල උද්‍යානයක් ඉදිකිරීම ආරම්භ කිරීම වෙනුවෙන් මෙම උත්සවය සංව්ධානය කර තිබුණි. රුපියල් මිලියන විස්සක් වැය කරමින් ඉදි කෙරෙන මෙම දේශීය නිෂ්පාදන අලෙවි මධ්‍යස්ථානය වෙළඳ කුටි 16 කින් සමන්විත අතර මෙහි ඉදිකිරීම් මෙම වර්ෂය තුළ අවසන් කිරීමටද නියමිතයි.

නාගරික සංවර්ධන අධිකාරිය යටතේ ගම්පහ දිස්ත්‍රික්කයේ තවත් මෙවැනි අලෙවි මධ්‍යස්ථාන 11ක් ඉදිකෙරෙයි. පැලියගොඩ, ඒකල, අත්තනගල්ල, මාකෙවිට, ගණේමුල්ල, මැල්ලවගෙදර, දිවුලපිටිය, ඇවරියවත්ත නගර මූලික කරගනිමින් එම මධ්‍යස්ථාන ඉදි කෙරේ. රට පුරාම මෙවැනි අලෙවි මධ්‍යස්ථාන එකසිය විස්සයික් ඉදිවෙයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සංචාරක අමාත්‍යවරයා මෙසේද පැවසීය.

නාගරික සංවර්ධන අධිකාරිය සමග එක්ව නගර සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළක් දැන් ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන් කටුනායක ගුවන් තොටුපොළට ආසන්නයේ තිබෙන නොනිදන නගරයක් බවට මිනුවන්ගොඩ නගරය පත් කරන්න අපි කටයුතු කරනවා.

ලෝක අර්බුදයට පහුගිය කාලය පුරාම අපිත් මුහුණ දුන්නා. රට විවෘත කර සාමාන්‍ය තත්ත්වයට පත්වුණාම වර්මාන ගැටලු විසදීමේ හැකියාව තිබෙනව. ඒ වගේම සියලු දෙනා සෞඛ්‍ය ආරක්ෂණ පිළිවෙත් අනුගමනය කරමින් කටයුතු කරන්න ඕනේ. පහුගිය කාලයේ විශාල මිනිස් ජීවිත ප්‍රමාණයක් අපිට අහිමි වුණා. දවසකට දෙසීයකට වැඩි මරණ වාර්තා වුණු අවස්ථාත් තිබෙනවා. උද්ඝෝෂණ කරල උවමනාවෙන් ම රට ඒ තත්ත්වයට පත් කළා කියලා මම හිතනවා. මේ අර්බුදයට එක්ක ප්‍රශ්න ඇතිවෙලා තියෙන්නේ අපේ රටේ විතරක් නෙවෙයි. අද එංගලන්තය පවා  මේ තත්ත්වයන්ට මුහුණ දෙනවා. ජර්මනිය වගේ රටවල් වලත් ප්‍රශ්න තියෙනවා.

අපි විදේශ රටවල් මත යැපෙන රටක්. ඒ රට වලට ලාවට හෙම්බිරිස්සාවක් හැදුනොත් අපිට නිව්මෝනියාව හැදෙනවා කියලයි ඉතිහාසයේ කිව්වෙ. එවැනි තත්වයන්ට මුහුණ දීමේ ක්‍රමවේදයක් සකස් කරන්න, දේශිය නිෂ්පාදන වලට මූලිකත්වය දෙන අයවැයක් අපි 12වෙනිදාට ඉදිරිපත් කරනවා. ගමේ ආර්ථිකය නංවන ගමේ ආහාර ගමේ නිපදවෙන ජනතාවට අත්‍යාවශ්‍ය ආහාර ලබාදීමේ වැඩපිළිවෙළ අපි ආරම්භ කරනවා.මේවායේ ප්‍රතිඵල එන්න කාලයක් යයි. නමුත් ඒ ප්‍රතිළුලය රටේ අනාගතය ගොඩනගන ස්ථීරසාර වැඩපිළිවෙලක්.

සෞඛ්‍ය පිළිවෙත් අනුව කටයුතු නොකර රෝගීන් වාර්තා වීම වැඩි උනාම රට වහන්න කියනවා. ආයෙත් රට වැහුවම හරින්න කියනවා.රට විවෘත කරපු ගමන් උද්ඝෝෂණ කරනවා. ඒ හැමදේටම රජයක් විදිහට මූණ දුන්නා. අපේ අඩුපාඩු තියෙන්න පුළුවන්.ඒවා නිවැරදි කරගෙන යන වැඩ පිළිවෙලක් අපට තියෙනවා. විපක්ෂයට කිසිම විකල්පයක් නෑ .පහුගිය ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරයෙක් විදියට විදියට ඉඳලා සජිත් පේමදාස මොනවද කළේ. ඔවුන්ට වඩා හොද සැලැස්මක් ජනාධිපතිතුමාටත්, ආණ්ඩුවටත් තියෙනවා. එන්නත්කරණයෙන් අපි දෙවැනි වෙලා ඉන්නේ ඇමරිකාවට විතරයි. මේ තරම් අමාරුකම් මැද ජනතාවට නොමිලේ එන්නත් ලබා දුන්නා. අද මරණ සංඛ්‍යාව අඩු වෙලා ආසාදිතයන් අඩුවෙලා රට විවෘත කරන්න පුළුවන් තත්වෙට ඇවිත් තියෙනවා.

අපේ රටේ ආහාර හිඟයක් ඇති වෙන්නේ නැහැ. ඒකට අවශ්‍ය කටයුතු කෘෂිකර්ම අමාත්‍යාංශය කරගෙන යනවා.අපේ දරුවන්ගේ, දරුවො,ඒ දරුවන් ගේ දරුවෝ වකුගඩු රෝගයෙන් ආරක්ෂා කිරීමේ හැකියාව ඇතිවෙයි කියලා අපි විශ්වාස කරනවා.

මෙම රැස්වීම අමාත්‍ය නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා , මිනුවන්ගොඩ නගරාධිපති නීල් ජයසේකර යන මහත්වරුද කථා කළහ.

 

 

 

7d7b60ad 1841 4161 b8ee 463dc353cf22
74edfd9e 54bb 4e47 882a 96f5e0b60525
74edfd9e 54bb 4e47 882a 96f5e0b60525

News - Tourism

Sri Lanka Tourism Showcases the Island’s Diverse Tourism Experiences at JATA Tourism Expo 2026 in Tokyo

Sri Lanka Tourism Showcases the Island’s Diverse Tourism Experiences at JATA Tourism Expo 2026 in Tokyo

Continue Reading

Sri Lanka Tourism Strengthens Travel Trade Partnerships Through 2026 B2B Networking Series in Australia and New Zealand

Sri Lankan delegates engage over 250 Australian and New Zealand travel agents across a landmark five-city roadshow

Continue Reading

Upcoming Events

Exit
District