පේරාදෙණිය රාජකීය උද්භිත උද්‍යානය අභිමානවත් දෙසිය වන සංවත්සරය සමරයි.

 පේරාදෙණිය උද්භිද උද්‍යානයට  වසර දෙසීයක් පිරීම සැමරීම සඳහා  සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ  සෞඛ්‍ය මාර්ගෝපදේශය අනුගමනය කරමින් අභිමානවත්  ආකාරයෙන් චාම් උත්සවයක් පවත්වනු ලැබිය.

පේරාදෙණිය උද්භිද  උද්‍යානයට වසර දෙසීයක් පිරිම නිමිත්තෙන් " දෙසිය වස් පූර්ණ නිල ලාංඡනය නිල වශයෙන් එළිදැක්වීම මෙහිදී අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අතින් සිදුකෙරුනු අතර  උද්භිද  උද්‍යානයට වසර දෙසීයක් සම්පූර්ණ වීම සිහි කිරීම සඳහා මුරුත පැළයක් සිටවීම ද මෙහිදී සිදු කරනු ලැබීය.

පේරාදෙණිය රාජකීය උද්භිත උද්‍යානය වසර  200ක් පුරා මෙරට කෘෂිකර්මාන්තයට සහ වන සංරක්ෂණයට සිදුකළ මෙහෙය විශේෂ ඇගයීමකට ලක් කෙරුණ අතර උද්භිත උද්‍යානයේ වසර දෙසීයක මෙහෙවර සම්බන්ධයෙන් පොතක් එළි දැක්වීමද සිදු කරනු ලැබීය.වසර දෙසීයක් පුරා පේරාදෙණිය උද්භිත උද්‍යානයේ සේවය කළ කීර්තිමත් උද්හිත විද්‍යාඥයන් ශ්‍රී ලංකාවේ ශාක විවිධත්වය ලෝකයට රැගෙන යාම ශ්‍රී ලංකාව ආසියාවේ මුතු ඇටය ලෙස විරුදාවලිය ලැබීමට ද හේතුවක් වූ බවද මෙහි දී සිහිපත් කෙරිණි.

රතු දත්ත පොතට ඇතුලත්ව ඇති ඇල්පෙන්සියා හොටෙන්සිස් ශාකය සංරක්ෂණය කොට පරිසරයට මුදාහැරීම මුදා හැරීමද සිදු කරනු ලැබීය.වසර දෙසීයක ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කරන  පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානය  සම්බන්ධයෙන් දේශීය මෙන්ම ජාත්‍යන්තර අවධානය  යොමු කිරීමට පියවර ගන්නා බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී සඳහන් කළේය.

 පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානය ඇතුළු අනිකුත් උද්භිත උද්‍යාන පිළිබඳව රුචිකත්වයක් දක්වන සංචාරකයින් ශ්‍රී ලංකාවට ආකර්ෂණය කර ගැනීම තුළින් මෙරට ආර්ථිකය ගොඩනැංවීම සඳහා  අවස්ථාවක් උදාවන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා -

 පේරාදෙණිය උද්භිද උද්‍යානය කියන්නේ අපේ ඓතිහාසික උරුමයක්.

මේ උද්භිත උද්‍යානය 3 වන වික්‍රමබාහු රජතුමාගේ පාලන කාලේ 1747 සිට 1780 දක්වා කාලයේ රාජකීය උද්‍යානය ලෙසයි සැලකුවේ. ඊට පස්සේ රාජාධිරාජසිංහ රජතුමා පේරාදෙණිය උද්භිද උද්‍යානයේ තාවකාලික වාසස්ථානයක් ඉදිකරගෙන සිටි බවත් 1780වේදී මෙය රාජකීය උද්‍යානය ලෙස ප්‍රකාශයට පත් කල බවත් සඳහන් වෙනවා.

රාජකීය උද්භිද උද්‍යාන කාලේ කෝපි හා තේ වගාවට තමයි මෙහි ප්‍රමුඛත්වය ලැබිලා තියෙන්නේ. අක්කර 40කින් ආරම්භ වුනු මේ උද්භිද උද්‍යානය අක්කර 147ක භූමියක් පුරා විසිරී තිබෙනවා.

 2006 දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ තමයි ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තුමේන්තුව පිහිටුවලා මෙරටේ උද්භිද උද්‍යාන සුරක්ෂිත කරන්න අවශ්‍ය පියවර ගන්නේ.

යම් යම් හේතූන් නිසා වඳ වී යාමේ තර්ජනයට ලක්ව රතු දත්ත ලයිස්තුවට ඇතුළත් කෙරුණු ශාක පේරාදෙණිය උද්භිත උද්‍යානයේ  ආරක්ෂිතව තිබෙනවා. පහුගිය කාලයේ ආන්දෝලනයට ලක්වුණු පඩු කරඳ ගසත් මෙහි තිබෙනවා. ඊට අමතරව පිණි බෙරලිය, කළු කැන්ද, මහා කූරටිය, සුවඳ වගේ රතු දත්ත ලැයිස්තුවේ තිබෙන ශාක වර්ග රැසක් මෙහි ආරක්ෂිතයි.

පර්යේෂණාත්මක ක්‍රමවේද මගින් රතු දත්ත පොතට ඇතුලත් කළ ශාක ව්‍යාප්ත කිරීමත් මෙහි සිද්ධ වෙනවා. මල් වගාව පිලිබද පර්යේෂණ,වර්ගීකරණ කාණ්ඩ අනුව වෙන් කරගත් ශාක එකතුව පවත්වාගෙන යාමත්, එම ශාක විද්‍යාත්මක පිළිවෙලකට රෝපණය කර ප්‍රදර්ශනය කිරීමත් ,ඉපැරණි ශාක එකතුවක් පවත්වාගෙන යාමත්, විදේශීය ශාක නඩත්තු කිරීමත්, උද්භිද විද්‍යාත්මක දැනුම බෙදා දීමත් වගේ වැදගත් කර්තව්‍යයන් රැසක් පේරාදෙණිය උද්භිත උද්‍යානය හරහා සිද්ධ වෙනවා. 

ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ සංරක්ෂණය කිරීම සහ මෙරට කෘෂිකර්මාන්තය  නගා සිටුවීම මෙන්ම වර්තමානය වන විට මල් පිටරට යැවීම වැනි විශේෂ ව්‍යාපාරය ක්ෂේත්‍ර  වලටත් පේරාදෙණිය උද්භිත උද්‍යානය  ඍජු දායකත්වයක් සපයනවා.

ජාතික ශාකාගාරය ලෙස ක්‍රියාත්මක මෙහි ශාක වල නිදර්ශක එක්ලක්ෂ අසූ දහසක් පමණ තිබෙනවා.

මේ වෙනකොට ජාන තාක්ෂණ පහසුකම් සහිත නවීන විද්‍යාගාරයක් හා පර්යේෂණ මධ්‍යස්ථානයක් ඉදි කරන්න සැලසුම් අනුමත වෙලා තියෙනවා. රුපියල් මිලියන 250ක් වැයකරමින් ඉදිකරන මෙම මධ්‍යස්ථානය අනාගතයේ රටටත් ලෝකයටත් දැනුම බෙදා හරින තෝතැන්නක් බවට පත්වේවි. ඒ වගේම පේරාදෙණිය උද්භිද උද්‍යානය විවිධ කණ්ඩායම් සඳහා ජෛව විවිධත්වය අධ්‍යනය සහ සංරක්ෂණය පිලිබඳ දේශන,වැඩමුළු, සම්මන්ත්‍රණ පවත්වනවා.ජීවන නිපුණතා වැඩසටහනක් ලෙස වෘත්තිය පුහුණු අවස්ථා වර්ධනය සඳහා අප ඉදිරියේදී කටයුතු කරනවා.දැනටමත් දිවයින පුරා මල් සමිති පිහිටුවලා ඒ අයට අවශ්‍ය පහසුකම් සැලසීමේ වැඩපිලිවෙලක් අපි ආරම්භ කරලා තියෙනවා.  මේ වනවිට දිවයින පුරා මල්වගාකරුවන් 5000ක් පමණ උද්භිද උද්‍යාන දෙපාර්තුමේන්තුව සමග කටයුතු කරනවා.ඉදිරියේදී තවත් මල්වගාකරුවන් ලියාපදිංචි කර ගැනීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තුමේන්තුවේ සියලුම උද්භිද උද්‍යාන වල මල් හා පැලැටි අලෙවිසැල් ස්ථාපිත කරලා වගාකරුවන්ට මූල්‍ය හා අලෙවිකරණ පහසුකම් ලබාදීමට අපි බලාපොරොත්තු වනවා.

දෙස් විදෙස් අතිවිශාල සංචාරකයන් පිරිසක් පේරාදෙණිය උද්භිද උද්‍යානය නැරඹීම සඳහා වාර්ෂිකව පැමිණෙන බවට දත්ත අප සතුයි. සංචාරකයින්ගේ පැමිණීම අඩාළ වුණේ පාස්කු ප්‍රහාරයත් සමඟයි. ඊට පස්සේ කොරෝනා වසංගත තත්ත්වය නිසා ලෝකය පුරාම සංචාරක ව්‍යාපාරය බිඳ වැටුනා. අපි කෙරෝනා වසංගත තත්වය  හමුවේ වුවත් උද්භිද උද්‍යාන වලට පැමිණෙන සංචාරකයන් සඳහා පහසුකම් නංවාලීමේ වැඩපිලිවලක් ක්‍රියාත්මක කරමින් පවතිනවා.ඒ අනුව උද්‍යාන වල නව ප්‍රවේශ පත්‍ර කවුළු ඉදිකිරීම ,පවතින ඒවා දියුණු කිරීම සංචාරකයන් වෙනුවෙන් යටිතල පහසුකම් සැපයීම වැනි සංවර්ධන කටයුතු රැසක් මේ වසර තුල අප ක්‍රියාත්මක කරනවා.ඒ සඳහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 517ක්. ඉන් 177ක්ම වෙන්කර ඇත්තේ පේරාදෙණිය උද්භිද උද්‍යානය දෙස් විදෙස් සංචාරකයන්ට ආකර්ෂණිය ස්ථානයක් බවට සංවර්ධනය කිරීම සඳහායි. සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව සංචාරකයින් ශ්‍රී ලංකාව කෙරෙහි ආකර්ශනය වන ස්වභාවික ක්ෂේත්‍ර හඳුනාගෙන ජනතා සහභාගිත්වය  සහිතව පරිසර හිතකාමී සහ සංස්කෘතික හිතකාමී සංචාරක කර්මාන්තයක් ගොඩනැගීමට ප්‍රමුඛතාවය ලබා දෙනවා. ඒ සඳහා දැනටමත් දිවයින පුරා සංචාරක ආකර්ෂණීය ස්ථාන 6000ක් පමණ හඳුනා ගෙන තිබෙනවා.

උද්භිද උද්‍යානයට වසර 200ක්  සපිරීම නිමිත්තෙන් වැඩසටහන් රැසක් අපි ආරම්භ කර තිබෙනවා. මේ උද්භිද උද්‍යානය අනාගත පරපුරට දායාද කරදීම අද දවසේ අපගේ වගකීමයි. ඒ කාර්යය සාර්ථක කරගන්න නිලධාරීන් විදිහට ඔබටත් අපටත් හැකියාව තිබෙනවා.  ඔබ සියලු දෙනාගේම කැපවීම මේ අවස්ථාවේදී අගය කරනවා. ස්වභාව සෞන්දර්යය පරිසරයටත් ජෛව විවිධත්වය ආරක්ෂා කර ගැනීමටත් ප්‍රමුඛතාවය දෙමින් කටයුතු කරන ඔබගේ සේවය අපි ඇගයීමට ලක්කරනවා.සොබාව සෞන්දර්යය රැක ගැනීමට කියමින් රාජ්‍ය නොවන සංවිධාන රැසක් වල ඩොලර් වලට යට නොවී නිහඩ සේවයක නිරත ඔබට අපේ ප්‍රණාමය පුද කරනවා.

මෙම අවස්ථාවට සංචාරක අමාත්‍යංශ ලේකම් එස්, හෙට්ටිආරච්චි, මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන්, උද්භිත උද්‍යාන  දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ශෙලෝමි ක්‍රිෂ්ණ රාජා ඇතුළු මහත්ම මහත්මීන් පිරිසක් සහභාගී වූහ.

WhatsApp Image 2021 08 11 at 12.40.59 PM

 

WhatsApp Image 2021 08 11 at 12.40.59 PM 1

News - Tourism

Hon. Deputy Minister of Tourism Prof. Ruwan Ranasinghe Inaugurates Sri Lanka Pavilion at Outbound Travel Mart (OTM) Mumbai 2026

Sri Lanka Tourism Promotion Bureau, in collaboration with the Sri Lankan High Commission in India, participated at the prestigious Outbound Travel Mart (OTM), India’s leading outbound travel trade exhibition, generating strong momentum for Sri Lanka

Continue Reading

Showcasing Sri Lanka’s Extraordinary Wildlife & Nature: Visit of Belgian RTBF TV crew to Sri Lanka

Sri Lanka Embassy in Belgium in collaboration with the Sri Lanka Tourism Promotion Bureau has facilitated a special edition of Belgian wildlife documentary Le Jardin Extraordinaire (the Extraordinary Garden) to be filmed in Sri Lanka, with the object

Continue Reading
Exit
District