කොරෝනා වෛරසය ආසාදනය වන නිදහස් වෙළඳ කලාප  සේවක සේවිකාවන් සඳහා එම වෙළඳ කලාප තුළ ම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන පිහිටුවීමට ආයෝජන මණ්ඩලය තීරණය කර ඇත.

වෛරස ව්‍යාප්තිය හා අවශ්‍යතාවය අනුව පෞද්ගලික අංශයේ ද සහය ඇතිව මෙම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන පිහිටුවීම සිදු කෙරෙයි.

එම වැඩපිළිවෙලෙහි පළමු ප්‍රතිකාර මධ්‍යස්ථානය කටුනායක වෙළෙඳ කලාපය ආශ්‍රිතව ගොඩනංවා තිබේ.

 ජාතික තරුණ සේවා සභාවේ අනුග්‍රහය ඇතිව එම ප්‍රතිකාර මධ්‍යස්ථානය සඳහා  ඇදන් 300ක් භාරදීම  සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන්  ඊයේ (25) සිදු කෙරිණි.

එහිදී අදහස් දැක්වූ සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා "   කොරෝනා වෛරස ව්‍යාප්තිය සලකා බලමින් ආයෝජන කලාප සේවක සංගම් හා නිලධාරීන් සමඟ සම්බන්ධ වෙමින් ආසාදනයට ලක්වන සේවක සේවිකාවන්ට පහසුකම් සපයන වැඩපිළිවෙළක් ආයෝජන මන්ඩලයේ නායකත්වයෙන් ආරම්භ කලා. වෛරස් ආසාදනයට ලක්වූ ආයෝජන කලාප සේවක සේවිකාවන් බොහෝ දෙනෙකු නිවෙස් වල රැඳී සිටිනවා. මේ අතරම ඇති ප්‍රතිකාර මධ්‍යස්ථානය ඇති කරන්නේ ඔවුන් සඳහායි.

සෞඛ්‍ය අංශ නිර්දේශ පිළිගනිමින් ජනාධිපතිතුමා සංචාරක සීමා පැනවීමට පියවර ගත්තා.

රට වසා දාන එක එකවරම කරන්න බැහැ. විසිතුරු මත්ස්‍ය අපනයනය යෙදෙන ව්‍යාපාරිකයින් සිටිනවා. ඔවුන්ගේ ඇනවුම් ප්‍රමාද වුණොත් කෝටා එක නැතිවෙනවා. විශාල ණය ලබා ගනිමින් කර්මාන්තශාලා ආරම්භ කර තිබෙනවා. මේ කර්මාන්ත කර්මාන්ත ශාලා වලට ඇණවුම් නිසි පරිදි භාර දීමට නොහැකි වුනොත්  ඔවුන්ගේ කොට අහිමි වෙනවා. ඒ වගේම එදිනෙදා ආදායම් ලබන අයට ඔවුන්ගේ ආදායම් අහිමි වෙනවා. කඩයක් දාගෙන ජීවත්වෙන මිනිහට ආදායම නැති වෙනවා. දෙයක් කරනකොට අනිත් පැත්තෙන් වෙන බලපෑම දෙස බලමින් ක්‍රමානුකූල වැඩපිළිවෙළක් හදන්න ඕනේ. සෞඛ්‍ය අංශ රට වහන්න ලෙස උපදෙස් දෙනකොට විද්‍යාත්මක ක්‍රමවේදයක් යටතේ සෑම අංශයකම ජනතාවට සාධාරණ වන ලෙස තීරණ ගන්න සිද්ධ වෙනවා.

දැන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රේමදාසට සිදුවුණු දේ බලන්න. සෞඛ්‍ය අංශ උපදෙස් නොතකා උද්ඝෝෂණ විරෝධතා කලා. ඔහුට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. නමුත් ඒ නිසා කී දෙනෙක් අද නිරෝධායනය වෙනවද.

සෞඛ්‍ය යුද යුධ හමුදා යුද හමුදා පොලිසිය රජයේ නිලධාරීන් කියන්නේ  රෝගීන් එක්ක වැඩ කරන අය. ඒ නිසා ඔවුන්ගේ නිවෙස් වල අය අවදානමකට මුහුණ දෙනවා. මේ කාරණය හේතු කරගෙන එන්නත් කරන වැඩපිළිවෙලේ තියේ ඔවුන්ගේ පවුල්වලට ප්‍රමුඛතාව දිය යුතු බව මම විශ්වාස කරනවා. " පැවසීය.

සංචාරක සීමා පැනවීම හේතුවෙන් ආදායම් අහිමි වන ජනතාවට සහන සැලැසීම සම්බන්ධයෙන් මෙහිදී මාධ්‍ය මාධ්‍යවේදීන් ප්‍රශ්න කළ අතර ඊට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ එළැඹෙන 31වැනිදාට පෙර සහන සැලසීමේ ක්‍රමවේදය සකස් කෙරෙන බවයි.

එහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක මහතා

සියලුම ජනතාව එකමුතුව තුන්වන කොරෝනා රැල්ලට මුහුණ දෙමින් සිටිනවා. අපනයන කලාප වල සේවක සේවිකාවන් වෛරස් ආසාදනයට ලක්වීමේ වැඩි අවදානමක් තිබෙනවා. ඒ නිසා තමයි පෞද්ගලික අංශයේ සහය ඇතිව අපනයන කලාප සේවක සේවිකාවන් සඳහා  පහසුකම් සැලසීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්නේ.

පළමු රැල්ලට වඩා දෙවැනි රැල්ලේ වෛරස ප්‍රභේදයේ ව්‍යාප්තිය වැඩි වුණා. දෙවැනි රැල්ලේ වෛරසයට වඩා තුන්වෙනි රැල්ලේ  වෛරස ව්‍යාප්තිය වැඩියි. අපිට සෞඛ්‍ය අංශ හා ආරක්ෂක අංශ විශ්වාසයි. රට ක්‍රමානුකූලව වසා දමමින් ජනතාව ආරක්ෂා කරගන්න අවශ්‍ය පියවර මේ වනවිට ක්‍රියාත්මකයි.  මේකට ජනතාවගේ සහයෝගය අවශ්‍යයි.

 

FO4A3718

News - Tourism

Sri Lanka Convention Bureau’s Roadmap for a Knowledge-Driven MICE Sector

During the first half of 2026, the Sri Lanka Convention Bureau (SLCB), through its Research, Development & Training Division, successfully implemented a series of capacity-building initiatives aimed at strengthening Sri Lanka's Meetings, Incentiv

Continue Reading

Sri Lanka Tourism Showcases Progress Across Key Sectors – July 2026

Sri Lanka Tourism continues to strengthen its global presence through a series of impactful initiatives and achievements across wellness, marine, cultural, educational, and business tourism. The Sri Lanka Tourism Promotion Bureau (SLTPB) has recently

Continue Reading

Upcoming Events

Exit
District