ජනතා අරමුණ ඉටු කර ගැනීම  සඳහා රජයේ අණපණත් බාධාවක් නොවිය යුතු බවත් නව සංචාරක පනත් කෙටුම්පත සැකසෙන්නේ සංචාරක ක්ෂේත්‍රයේ නියුතු අයගේ අදහස් අනුව බවත් බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. ඒ අනුව නව සංචාරක පණත් කෙටුම්පත සකස් කීරීම සම්බන්ධයෙන් ක්ෂේත්‍ර යේ  නියුතු අයගේ අදහස් ලබා ගැනීම සදහා මාස 03 ක කාලයක් ලබා දී ඇතැයි ද ඇමතිවරයා පෙන්වා දෙයි. සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා මේ බව සදහන් කළේ  නව සංචාරක කෙටුම්පත සැකසීම සම්බන්ධයෙන් සංචාරක ක්ෂේත්‍ර යේ නියුතු සංවිධාන කීපයක් සමග අද (10) සිය අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවේ දීය.

2005 අංක 38 දරණ සංචාරක කටයුතු පනත අහෝසි කර නව සංචාරක කටයුතු පිළිබඳ පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. එම පණත අනුව සමස්ථ සංචාරක අංශය ප්‍රධාන ආයතන 04කට බෙදා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය, ශ්‍රී ලංකා සම්මේලන කාර්යාංශය සහ ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමණාකරණ ආයතනය ස්ථාපිත කර තිබිණි. අදාළ ආයතන සම්බන්ධිකරණය කිරීමේ දී ප්‍රමාදවීම්, සම්පත් නාස්තිය වැනි සෘණාත්මක බලපෑම් සිදුවන බැවින් එම පණත යාවත්කාලීන කළයුතු බවට යෝජනා වී තිබිණි. ඒ අනුව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා ප්‍රවර්ධන කාර්යාංශය සහ ශ්‍රී ලංකා සම්මේලන කාර්යාංශය  ඒකාබද්ධ කිරීමට යෝජනා වු අතර මේ සම්බන්ධයෙන් එම ක්ෂේත්‍ර යේ නියුතු වූවන් අතර විවිධ මතවාද ඇතිව තිබුණි.

ඇමතිවරයා මෙම සාකච්ඡාවේ දී සදහන් කළේ නව සංචාරක පණත් කෙටුම්පත සැකසීමේ දී එම ක්ෂේත්‍ර යේ නියුතු සියලු පාර්ශවයන්ගේ අදහස් ලබා ගැනීම රජයේ අපේක්ෂාව බවයි. සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව වර්ෂ 2025 වනවිට ඇමරිකානු ඩොලර් බිලියන 10ක විදේශීය ඉපැයීම් සමග සමග සංචාරකයින් මිලියන හතක් මෙරටට ගෙන්වා ගැනීමේ ඉලක්කය සපුරා ගැනීම සඳහා ඇති බාධක ඉවත්කර ගැනීමත්, සංචාරක අංශය ආයතන හතරකට බෙදා පාලනය කිරීම හරහා සිදුවන ප්‍රමාද වීම් සම්පත් නාස්තිය වැනි ඍණාත්මක බලපෑම් අවම කර ගැනීමත් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන බව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය. වඩා කාර්යක්ෂමව සහ ඵලදායිව සංචාරක කර්මාන්තය ක්‍රියාත්මක කිරීම සඳහා යල්පැනගිය ක්‍රමවේද බාධාවක් බව ද ඇමතිවරයා මෙහිදී  පෙන්වා දුන්නේය.

මේ සම්බන්ධයෙන් දැනටමත් නීති කෙටුම්පත් නිළධාරියෙකුගේ සේවය ලබා ගැනීමට සැලසුම් කර ඇතැයි කී ඇමති ප්‍රසන්න රණතුංග මහතා සංචාරක ක්ෂේත්‍ර යේ නියුතු සියලු පාර්ශවයන්ගේ අදහස් මේ සදහා ලබාගැනීමට මාස 03 ක කාලයක් ලබා දී ඇතැයි ද කීවේය.  සංචාරක ක්ෂේත්‍ර ය සදහා පෞද්ගලික අංශයේ දායකත්වය රජය කිසිසේත් අවතක්සේරු නොකරන බව ද ඇමතිවරයා කීවේය.කොවිඩ් වසංගත තත්ත්වය තුළ වුව ද සංචාරක කර්මාන්තය රැකගැනීම සදහා ඔවුන් දක්වන සහයෝගයට සිය ප්‍රසාදය පළ කළ ඇමතිවරයා නව පණත් කෙටුම්පත කඩිනමින් නීතිගත කොට සංචාරක ක්ෂේත්‍ර යේ කඩිනමින් දියුණු කිරීමට අපේක්ෂා කරන බව ද කීවේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා" නව පනතක් සකස් කරනවා කියලා තියෙන පනතේ කොටස් ඉවත් කිරීම හෝ පවතින පනතට කොටස් එකතු කිරීම සුදුසු නැහැ. හොඳම උදාහරණය 1977 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. මේ වෙනකොට විසි වතාවක් සංශෝධන ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ අතරින් දහතුන්වෙනි ව්‍යවස්ථා සංශෝධනය පළාත් සභා පිහිටුවීමට අදාලයි. පළාත් සභාව අහෝසි කරන්න තීරණය කළොත් 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ සිට සිට විසි වෙනි ව්‍යවස්ථා සංශෝධනය දක්වා වූ යෝජනා වලට මොකද කරන්නේ. සංචාරක පනත  සම්බන්ධයෙන් එවැනි අවිනිශ්චිත තත්ත්වයක් ඇති වෙන්න බැහැ. මේ වෙනකොට අපි නීති කෙටුම්පත් සම්පාදක වරයෙකුගේ සහාය ලබා ගනිමින් සිටිනවා. සංචාරක ක්ෂේත්‍රයේ සියලු දෙනාගේ යෝජනා ඔහුට ඉදිරිපත් කරලා තමයි මේ පනත් කෙටුම්පත නිර්මාණය කෙරෙන්නේ. මේ සඳහා ඔබ සියලු දෙනාගේ සහාය අපි බලාපොරොත්තු වෙනවා" යි පැවසීය.

මෙම අවස්ථාවට අමාත්‍යංශ ලේකම් එස්.හෙට්ටිආරච්චි, සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිණි කිමාලි ප්‍රනාන්දු, සංචාරක ව්‍යාපාරය නියෝජනය කරන ප්‍රධාන සංවිධාන කීපයක නියෝජිතයන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

news 00

News - Tourism

Sri Lanka Mega Roadshow 2026 Achieves Remarkable Success In Seoul, Strengthening Tourism, Cultural And Buddhist Ties Between Sri Lanka And South Korea

The Sri Lanka Tourism Promotion Bureau (SLTPB), in collaboration with the Embassy of Sri Lanka in the Republic of Korea, successfully concluded the Sri Lanka Mega Roadshow 2026 at the prestigious Lotte Hotel Seoul on 08 June 2026, further strengtheni

Continue Reading

The Embassy of Sri Lanka in the Republic of Korea hosted Pulse of Sri Lanka – A Celebration of Dance and Heritage on 5 June 2026 at the Kkumbit Theater, Seongbuk Media Culture Maru, Seoul, presenting a vibrant showcase of Sri Lanka’s cultural traditi

Continue Reading
Exit
District