minister1 WhatsApp Image 2021 05 03 at 12.48.27 AM 

රුපියල් මිලියන 10ක මුදලක් වැයකරමින් වසා දමා ඇති ගම්පහ වැරැල්ලවත්ත පොලිටෙක්ස් ගාමන්ට්ස් කර්මාන්ත ශාලාව කොරෝනා රෝග ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පත්කිරීම අද (03) ආරම්භ කෙරිණි. 

සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා බස්නාහිර පළාත් සභාවේ ආණ්ඩුකාර රොෂාන් ගුණතිලක මහතාගෙන් කළ ඉල්ලීමකට අනුව මෙහි ඉදිකිරීම් සඳහා රුපියල් මිලියන 10ක මුදලක් ලබා දිමට බස්නාහිර පළාත් සභාව එකග වී ඇත.

නාවික හමුදාවේ සහායෙන් මෙම කර්මාන්ත ශාලාව ප්‍රතිකාර මධ්‍යස්ථානයක් කිරීමේ කටයුතු කඩිනම් කර ඇති අතර නාවික හමුදා නිලධාරීන් 70 දෙනෙකුගෙන් යුක්ත කණ්ඩායමක් මේ වන විටත් ඒ සඳහා සිය සේවය ලබා දෙමින් පවතියි.

එකවර රෝගීන් විශාල පිරිසකට ප්‍රතිකාර කිරීමේ හැකියාව සහිතව ගොඩනංවන මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානයේ කටයුතු තව තවත් කඩිනම් කිරීම සඳහා තරුණ සංවිධාන නියෝජිතයින්ගේ ශ්‍රම දායකත්වය ලබා දීමට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාද එකඟව තිබේ.

ඇදන් 2000ක් සහිත, ඔක්ෂිජන් සැපයීම ඇතුළු හදිසි ප්‍රතිකාර,කැසිකිලි වැසිකිලි ආදී සියලු පහසුකම් සහිත ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට මෙම කර්මාන්තශාලාව පත්කිරීමෙන් පසුව වෛද්‍යවරුන් 40ක්, හෙදියන් 50ක් හා සුළු සේවකයින් 55ක පමණ කාර්ය මණ්ඩලයක් ඊට අනුයුක්ත කර ඉතා ඉක්මනින් ප්‍රතිකාර කටයුතු ඇරඹීමට අපේක්ෂිතයි.

නව ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් නිරීක්ෂණය කිරීම සඳහා සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සහ බස්නාහිර පළාත් ආණ්ඩුකාර රොෂාන් ගුණතිලක යන මහත්වරු අද සහභාගී වූහ. නිරීක්ෂයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙසේ ද කීවේය.

"රෝග ව්‍යාප්තිය සිදුවෙන ආකාරය අනුව වැඩියෙන්ම රෝගීන් වාර්තා වෙන්නේ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලයි.  මේ තත්ත්වයට මුහුණදීම සඳහා ගම්පහ දිස්ත්‍රික්කය සූදානම් කරන්න සෞඛ්‍ය අංශ විසින් වැඩපිළිවෙළක් සකස්කර තිබෙනවා. ඊට අවශ්‍ය යටිතල පහසුකම් ලබාදීම රජයේ වගකීමක්. මේ වෙනකොට බස්නාහිර පළාත් ආණ්ඩුකාරතුමා සහ ලේකම්වරියගේ මැදිහත්වීමෙන් රුපියල් මිලියන 10ක මුදලක් වැරැල්ලවත්තේ ඉදිකෙරෙන ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙනුවෙන් වෙන්කර ගන්න පුළුවන් වුණා.

නාවික හමුදාව මෙහි ඉදිකිරීම් කටයුතු කරල දෙනවා. ඒ අයට ඉදිකිරීම් සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ලබා ගැනීම සඳහායි මේ මුදල වෙන් කෙරුණේ.  මෙතන තවත් ගොඩනැගිලි දෙකක් තිබෙනවා. අවශ්‍යතාවය අනුව ඒ ගොඩනැගිලි දෙකත් ප්‍රතිකාර මධ්‍යස්ථාන බවට පත් කරනවා. පළමුවෙන් වැඩ ඇරඹූ ගොඩනැඟිල්ලේ මීටරයේ පරතරයෙන් ඇඳවල් දහසක් තියන්න පුළුවන්. ගම්පහ දිස්ත්‍රික්කයේ රෝහල් සම්බන්ධයෙන් මැදිහත්ව කටයුතු කරන්නේ නාවික හමුදාවයි. ලෝකේ අනිත් රටවල් දෙස බලනකොට කොවිඩ් වෛරසය පාලනය කිරීම සම්බන්ධයෙන් අපේ රට ගොඩක් ඉදිරියෙන් සිටිනවා. සෞඛ්‍ය අංශ, ත්‍රිවිද හමුදාව, පොලීසිය හා රාජ්‍ය සේවකයින් එකතුවෙලා කොරෝනා වෛරසය පාලනය කරන්න පියවර අරන් තියෙනවා.

මේ වසංගතය ව්‍යාප්ත වෙන ආකාරය කාටවත් කියන්න බෑ. හරියට විපක්ෂය වගේ. විපක්ෂය කොවිඩ් රෝගීන් වැඩි වෙන තරමට කැමැතියි. ඒ ගොල්ලන්ට ඕනේ මේකෙන් දේශපාලන වාසි ගන්න. විපක්ෂය මොන විදියේ කතා කිව්වත් ඒවා ගැන හිතනවා වෙනුවට මේ වෙලාවේ රජයක් ලෙස අපි වගකීමෙන් කටයුතු කළ යුතුයි.

ඉන්දියාවේ වත්මන් තත්ත්වය සැලකිල්ලට ගනිමින් ‍සංචාරක බුබුල ක්‍රමවේදය මෙරටට පැමිණෙන ඉන්දියානුවන් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරලා තියෙනවා. ඉන්දියාවත් සමග පවත්වා ගෙන සංචාරක බුබුල නිල වශයෙන් නතර කරලා නැහැ. වැඩ පිළිවෙලක් සකස් කරන තෙක් එම ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම ප්‍රමාද කළා. යම් ඉන්දීය ජාතිකයෙක් ලංකාවට පැමිණ නිරෝධායනය වීමෙන් අනතුරුව මැදපෙරදිග රටකට යනවා නම් ඒ අය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වුනේ වෙනමම ක්‍රමවේදයක්. නමුත් ඉන්දීය ආයෝජකයින් එන එක නවත්වන්න අපි කටයුතු කරන්නේ නැහැ. සෞඛ්‍ය අංශ උපදෙස් දීලා ඒ සඳහා අවශ්‍ය ක්‍රමවේදය හඳුන්වා දීලා තියෙනවා " 

 රැස්වීම් පැවැත්වීම තහනම් කර ඇති අවස්ථාවක පාර්ලිමේන්තුව රැස්වීම සුදුසුදැයි මෙහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ රටේ පරිපාලනය සඳහා අවශ්‍ය මුදල් පනත් ක්‍රියාත්මක කිරීමේදී පාර්ලිමේන්තුව රැස්වීම අවශ්‍ය බවයි. මේ නිසා සෞඛ්‍ය උපදෙස් පරිදි සේවක සංඛ්‍යාව අඩු කරමින් පාර්ලිමේන්තුව රැස්කිරීමට කතානායකවරයා පියවර ගෙන ඇති බවත් එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය

පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප්, ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත්, ගම්පහ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ හා ගම්පහ ප්‍රාදේශීය ඉංජිනේරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක් වූහ

 

News - Tourism

Sri Lanka Convention Bureau’s Roadmap for a Knowledge-Driven MICE Sector

During the first half of 2026, the Sri Lanka Convention Bureau (SLCB), through its Research, Development & Training Division, successfully implemented a series of capacity-building initiatives aimed at strengthening Sri Lanka's Meetings, Incentiv

Continue Reading

Sri Lanka Tourism Showcases Progress Across Key Sectors – July 2026

Sri Lanka Tourism continues to strengthen its global presence through a series of impactful initiatives and achievements across wellness, marine, cultural, educational, and business tourism. The Sri Lanka Tourism Promotion Bureau (SLTPB) has recently

Continue Reading

Upcoming Events

Exit
District