මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ විදේශීය සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කෙරේ. ඒ සදහා ජාත්‍යන්තර ගුවන් සමාගම් මෙන්ම ව්‍යාපාරික ජෙට් යානා ආකර්ෂණය කර ගැනීමේ විශේෂ වැඩසටහනක් ආරම්භ කර ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

මත්තල ගුවන් තොටුපළට ජාත්‍යන්තර ගුවන් සේවා ආකර්ෂණය කර ගැනීම සදහා සහන රැසක් ලබා දී තිබේ. ගුවන් තොටුපළ අපනයන බද්ද වන ඇමෙරිකානු ඩොලර් 60 ක මුදල වසර දෙකක් සදහා ලබා ගැනීම අත්හිටුවා ඇති අතර ගොඩබෑමේ හා නැවතුම් ගාස්තු වලින් ද ගුවන් සමාගම් නිදහස් කර තිබේ. ඉතා ධනවත් ව්‍යාපාරික පුද්ගලයන් ආකර්ෂණය කර ගැනීම මගින් ව්‍යාපාරික ජෙට් යානා ගෙන්වා ගැනීම සදහා ද සාකච්ඡා වට ගණනාවක් පවත්වා ඇතැයි ඇමතිවරයා කියයි.

සංචාරකයන්ගේ  පහසුව සදහා තීරු බදු රහිත සාප්පු සංකීර්ණයක් පවත්වාගෙන යාමට සැලසුම් කර ඇති අතර සන්නිවේදන සේවා හා බැංකු කවුන්ටර් පවත්වාගෙන යාම සදහා ද මේ වන විට අවසර දි තිබේ.

දැනටමත් මත්තල රාජපක්ෂ ගුවන් තොටුපළට මාලදිවයින, කටාර්, එයාර් ඒෂියා යන ගුවන් සේවා සෘජු ගුවන් ගමන් සිදුකරයි. තවත් ජාත්‍යන්තර ගුවන් සේවා රැසක් ම ලබන වසරේ දි මත්තල නව ගුවන් මෙහෙයුම් ආරම්භ කිරීමට කැමැත්ත පළ කර තිබේ. ඔවුන් සමග මේ වන විට සාකච්ඡා සිදු කෙරෙන බව ඇමතිවරයා කියයි. සලාම් එයාර් ගුවන් සමාගම සිය භාණ්ඩ මෙහෙයුම් ආරම්භ කර ඇති අතර එමිරේට්ස් ගුවන් සමාගම ද ඉතා නුදුරේ දිම සිය භාණ්ඩ මෙහෙයුම් මත්තල ගුවන් තොටුපළ තුළ ආරම්භ කිරිමට සැලසුම් කර තිබේ. මිට අමතරය මුහුදු නාවික කාර්යය මණ්ඩල මාරු විම සදහා කේන්ද්‍රස්ථානයක් ලෙස ද මත්තල ගුවන් තොටුපළ දියුණු කිරීමට පියවර ගෙන තිබේ. කටාර් ගුවන් සමාගම හා එයාර් ඒෂියා ගුවන් සමාගම දැනටමත් සිය මෙහෙයුම් මත්තලට ක්‍රියාත්මක කරයි. 2020 පෙබරවාරි මාසයේ සිට ඉන්දියානු කළාපය වසා දැමීම නිසා මුහුදු කාර්යය මණ්ඩල මාරු වීම සදහා මෙම මෙහෙයුම් ආරම්භ කළ බවත් ඇමතිවරයා කියයි.

මේ අතර මත්තල ගුවන් තොටුපළේ ගුවන් යානා නඩත්තු හා අලුත්වැඩියා කිරීම් පහසුකම් ස්ථාපිත කිරීමෙ කෙරෙහි ද රජය විශේෂ අවධානයක් යොමු කර තිබේ. ඒ අනුව විදේශ ආයෝජනයක් මගින් හෝ ශ්‍රී ලංකා සමාගම සමග ඒකාබද්ධ ව්‍යාපාරායක් ලෙස එය ආරම්භ කිරිමට අපේක්ෂා කරන බවත් ඒ සම්බන්ධයෙන් ඉදිරි පියවර රැසක් ගෙන ඇති බවත් ඇමතිවරයා සදහන් කරයි.

මත්තල ගුවන්තොටුපළ මේ වසරේ මුල් මාස 09 ක කාලය තුළ ගුවන් යානා 518 ක මෙහෙයුම් සිදු කර තිබේ. මගීන් 27,859 කට පහසුකම් සලසා ඇත. හසුරුවා ඇති ගුවන් භාණ්ඩ සංඛ්‍යාව මෙට්‍රික් ටොන් 21.5 කි. පෙර වසරේ මුල් මාස 09ට සාපේක්ෂව මගි මෙහෙයුම් 52% ක වැඩිවිමකි. භාණ්ඩ මෙහෙයුම් 106% ක වැඩිවීමක් බව ද ඇමති ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දෙයි.

News - Tourism

Sri Lanka Convention Bureau’s Roadmap for a Knowledge-Driven MICE Sector

During the first half of 2026, the Sri Lanka Convention Bureau (SLCB), through its Research, Development & Training Division, successfully implemented a series of capacity-building initiatives aimed at strengthening Sri Lanka's Meetings, Incentiv

Continue Reading

Sri Lanka Tourism Showcases Progress Across Key Sectors – July 2026

Sri Lanka Tourism continues to strengthen its global presence through a series of impactful initiatives and achievements across wellness, marine, cultural, educational, and business tourism. The Sri Lanka Tourism Promotion Bureau (SLTPB) has recently

Continue Reading
Exit
District