• කොවිඩ් නව සාමාන්‍ය කරණය යටතේ කටුනායක ගුවන්තොටුපලේ කටයුතු කාර්යක්ෂම කිරිමට අදාළ සියලු ආයතන වලින් සමන්විත කඩිනම් ඒකාබද්ධ වැඩපිළිවෙලක්...
  • කොවිඩ් එන්නත් කාඩ්පත අනිවාර්යය කිරීමේ සැලසුම්...
  • ගුවන් මගීන්ට සිදුවන බාධා අවම කිරීමට ගුවන් තොටුපළේ සියලු ආයතන වල ඉහළ නිළධාරින්ගෙන් සමන්විත කළමණාකරණ කමිටුවක්...

කොවිඩ් නව සාමාන්‍ය කරණය යටතේ කටුනායක ගුවන්තොටුපලේ කටයුතු කාර්යක්ෂම කිරීමට ඒකාබද්ධ වැඩපිළිවෙලක් සැකසෙයි. ගුවන් තොටුපළ හා ගුවන්සේවා සමාගම, ආගමන විගමන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව, සෞඛ්‍ය  හා සංචාරක අංශ එක්ව මෙම ඒකාබද්ධ වැඩපිලිවල වහාම ක්‍රියාත්මක කරන ලෙස සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා බළධාරීන්ට උපදෙස් දුන්නේය. කටුනායක ගුවන්තොටුපලේදි සංචාරකයන් හා විදෙස්ගත ශ්‍රි ලාංකිකයන් ඇතුළු ගුවන් මගීන්ට සිදුවන බාධාවන් අවම කිරීම මෙහි අරමුණයි.

කොවිඩ් වසංගතයත් සමග රට තුළ ක්‍රියාත්මක නව සාමාන්‍ය කරණය වැඩපිළිවෙල යටතේ කටුනායක ගුවන්තොටුපලේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් පැවැති විශේෂ සාකච්ඡාවකදී ඇමතිවරයා මේ බව සඳහන් කලේය. ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීම පැවැත්වින. මේ සඳහා සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග ගුවන්තොටුපල හා අපනයන සැකසුම් කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය  ඩී.වී.චානක විදේශ රැකියා රාජ්‍ය  අමාත්‍ය  ප්‍රියංකර ජයරත්න යන මහත්වරු සහභාගී වූ අතර ඊට අමතරව ගුවන්තොටුපල ආගමන විගමන, රේගුව,සෞඛ්‍ය  හා සංචාරක යන අංශ වල ප්‍රධානීන් එක්ව සිටියහ.

මෙහි දී අදහස් දැක්වු ඇමති ප්‍රසන්න රණතුංග මහතා කියා සිටියේ ගුවන්තොටුපළ තුළ ඇති සියලු අංශ නිසි සම්බන්ධිකරණයකින් කටයුතු කිරීමෙන් ගුවන් මගින්ට සිදුවන බාධාවන් අවම කර ගත හැකි බවයි. ඒ සදහා ගුවන් තොටුපළ සභාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අදාළ සියලු ආයතන නියෝජිතයන්ගෙන් සමන්විත ඒකාබද්ධ කළමණාකරණ කමිටුවක් රැස් ව එම ගැටළු විසදීමට කටයුතු කළ යුතු බව ඇමතිවරයා මෙහි දි පෙන්වා දුන්නේය.

කටුනායක ගුවන්තොටුපලේ ආගමන විගමන කවුළු වලදී සිදුවන ප්‍රමාදයන් සම්බන්ධයෙන් මෙහිදී මුලින්ම අවධානය යොමු විය. ගුවන්තොටුපල කාර්යබහුල අවස්ථාවන්හිදී අදාල නිළධාරීන් සංඛ්‍යාව වැඩිකිරීමට ආගමන විගමන පාලකවරයා මෙහිදී එකඟත්වය පලකලේය. සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී යෝජනා කලේ සංචාරකයන්, ආයෝජකයන්, ව්‍යාපාරිකයන් හා විදෙස්ගත ශ්‍රමිකයන් වෙනුවෙන් විශේෂ ආගමන විගමන කවුළු හඳුන්වා දියයුතු බවයි. ඊට ආගමන විගමන නිලධාරීන් ද එකඟත්වය පල කලහ. පැමිණීම් පර්යන්තයේ ආගමන කවුළු සංඛ්‍යාව 25 සිට 31 දක්වා වැඩි කිරීමට ද විගමන කවුළු සංඛ්‍යාව 18 සිට 23 දක්වා ද වැඩි කිරීමට ඒ සදහා නවීන තාක්ෂණය හදුන්වා දිමටත් පසුගිය දා කටයුතු කෙරිණ.

කටුනායක ගුවන්තොටුපලේ දෛනික මෙහෙයුම් වලදී ඇතිවන ප්‍රමාදයන් පිලිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කල අතර ශ්‍රී ලංකන් සභාපති අශෝක් පතිරණ මහතා අවධාරණය කලේ කොවිඩ් වසංගත තත්වය නිසා ඇතිව තිබෙන නව සාමාන්‍ය කරණ වැඩපිලිවෙල නිසා මෙම ගැටලු මතුව ඇති බවයි. එම ගැටලු කඩිනමින් විසඳීමට ද සභාපතිවරයා එකඟත්වය පලකලේය. විදේශ රැකියා රාජ්‍ය  අමාත්‍ය  ප්‍රියංකර ජයරත්න මහතා විදේශ රැකියා සඳහා පිටත්ව යන හා විදේශ රැකියා වලට ගොස් ආපසු පැමිණෙන අයට ගුවන්තොටුපලේ කටයුතු බාධාවකින් තොරව සිදුකර ගැනීම සඳහා විශේෂ වැඩපිලිවෙලක් සකස් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කලේය. ගුවන්තොටුපල බලධාරීන් සඳහන් කලේ ඒ සඳහා අවශ්‍ය  ඉඩකඩ ලබාදිය හැකි බවයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි කටුනායක ගුවන්තොටුපලේ සෞඛ්‍ය  ප්‍රකාශ එකතු කිරීමේ වැඩපිලිවෙල කඩිනම් කිරීමට පසුගිය සතියේ පියවර ගැනුන අතර එහි ප්‍රගතිය ද මෙහිදී විමසා බැලුනි. සෞඛ්‍ය  හා ගුවන්තොටුපල බලධාරීන් පැවසුවේ මෙහි පැවැති ප්‍රමාදයන් ඉවත්කිරීමට කටයුතු කර ඇති බවයි. අවශ්‍ය  තරම් නිලදාරීන් ඒ සඳහා යොදවා ඇතැයි මෙහිදී අවධාරණය කෙරිනි.

මෙහිදී අදහස් දැක්වූ ඇමති නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කලේ මේ වන විට කොවිඩ් එන්නත්කරණ කාඩ්පත සියලු කටයුතු සදහා අනිවාර්ය කිරිම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව ඇති බවයි. ඊට අදාළ වැඩපිළිවෙල සකස් කර ඇති බවත් දෞඛ්‍ය අංශ ඒ සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ක්‍රියාත්මක කළ යුතු බවත් මේ සම්බන්ධයෙන් නිතිපතිවරයා පැහැදිලි කිරිමක් කර ඇති බවත් ඇමතිවරයා මෙහි දි කීවේය.

කොවිඩ් වසංගත තත්ත්වයෙන් පසු සංචරණ සිමා ලිහිල් විමත් සමග මේ වන විට දෛනිකව සිදුවන ගුවන් මගී මෙහෙයුම් සංඛ්‍යාව ඉහළ ගොස් තිබේ. දෛනිකව ගුවන් තොටුපළේ සිදුවන මගී මෙහෙයුම් සංඛ්‍යාව 12,000 ඉක්මවයි.

FO4A0030 3

News - Tourism

Sri Lanka Tourism Showcases the Island’s Diverse Tourism Experiences at JATA Tourism Expo 2026 in Tokyo

Sri Lanka Tourism Showcases the Island’s Diverse Tourism Experiences at JATA Tourism Expo 2026 in Tokyo

Continue Reading

Sri Lanka Tourism Strengthens Travel Trade Partnerships Through 2026 B2B Networking Series in Australia and New Zealand

Sri Lankan delegates engage over 250 Australian and New Zealand travel agents across a landmark five-city roadshow

Continue Reading
Exit
District