කොවිඩ් වසංගත තත්ත්වය යටතේ වුව ද ශ්‍රී ලංකන් ගුවන් සේවය පසුගිය කාලය තුළ දී නව ගමනාන්ත 08 ක් සදහා සෘජු ගුවන් ගමන් හදුන්වා දී ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඉදිරියේ දි යෝජිත ගමනාන්ත 05 ක් සදහා නව ගුවන් ගමන් ආරම්භ කිරිමට ශ්‍රී ලංකන් ගුවන් සමාගම අපේක්ෂා කරන බව ද ඇමතිවරයා පෙන්වා දෙයි.

සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා මේ බව සදහන් කළේ වසර 06 කට පසුව ශ්‍රී ලංකාව හා ප්‍රංශය අතර නව ගුවන් ගමන් ආරම්භ කිරිම නිමිත්තෙන් ප්‍රංශයේ පැරිස් නුවර දී පසුගිය දා පැවති විශේෂ සාකච්ඡාවක දීයි. ප්‍රංශයේ ප්‍රධාව පෙළේ සංචාරක සමාගම් රැසක  නියෝජිතයන් මේ සදහා සහභාගී වී සිටියහ.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම පසුගිය කාලයේ දි හොංකොං, කොරියාව, කෙන්යාව, ජර්මනිය, රුසියාව, ඕස්ට්‍රේලියාව, නේපාලය සහ ප්‍රංශයට නව ගුවන් ගමන් ආරම්භ කර තිබේ. ඉදිරියේ දී වියට්නාමය, ඉන්දියාව, චීනය හා ඊශ්‍රාලය සදහා නව ගුවන් ගමන් 05 ක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි ඇමතිවරයා මෙහි දී පෙන්වා දුන්නේය. ශ්‍රී ලංකන් ගුවන් යානා භාවිතා කරන ගුවන් මගීන් සංඛ්‍යාව වැඩි කිරිමටත්, භාණ්ඩ ප්‍රවාහනය වැඩි කිරීමටත් දැනටමත් විෆශ්ෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කෙරේ. නව ගමනාන්ත හදුන්වා දීමට ශ්‍රි ලංකන් ගුවන් සමාගම කටයුතු කරමින් සිටින්නේ ශ්‍රී ලංකාවේ සංචාරක ප්‍රවර්ධනය සදහායි. ඒ සදහා දිගු කාලින හා කෙටි කාලීන සැලසුම් රැසක් මේ වන විට ක්‍රියාත්මක කෙරෙමින් පවති.

පැවති කොවිඩ් වාතාවරණය තුළ ජාතික ගුවන් සේවය විශාල කාර්යභාරයක් කළ බව මෙහි දී පෙන්වා දුන් ඇමති ප්‍රසන්න රණතුංග මහතා කොවිඩ් තත්ත්වය තුළ ශ්‍රී ලංකාවට පැමිණිමට නොහැකිව සිටි ශ්‍රි ලාංකිකයන් ආරක්ෂිත ව ගෙන්වා ගැනීමට කටයුතු කළ බව පෙන්වා දුන්නේය. ශ්‍රී ලංකන් ගුවන් සමාගම එම කටයුතු සිදු කළේ කොවිඩ් තත්ත්වය තුළ ජාත්‍යන්තර දේශ සිමා මායිම් පැණවිම සහ ජාත්‍යන්තර ගුවන් තොටුපළ වසා දැමීමේ තත්ත්වයන් තුළ විම විශේෂත්වයක් බව ද ඇමතිවරයා කීවේය.

මේ වන විට ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ක්‍රමයෙන්  යථා තත්ත්වයට පත්වෙමින් තිබෙන බවත්, ලබන වසර තුළ එය සම්පුර්ණයෙන්ම යථා තත්ත්වයට පත්වෙන බවට අපේක්ෂා කරන බවත් පෙන්වා දුන් ඇමති ප්‍රසන්න රණතුංග මහතා ශ්‍රී ලංකාව යළි සංචාරකයන්ට විවෘත කිරීමෙන් පසු නොවැම්බර් 02 වෙනිදා දක්වා සංචාරකයන් 63,641 දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණ ඇතැයිද කීවේය. එම කාලය තූල ශ්‍රී ලංකාවට වැඩි වශයෙන් සංචාරකයන් පැමිණි රටවල් 10 අතර ප්‍රංශය ද සිටින බව පෙන්වා දුන් ඇමතිවරයා ඉදිරි කාලය තුළ මෙරටට ප්‍රංශ සංචාරකයන් වැඩි වශයෙන් පැමිණෙනු ඇතැයි ද විශ්වාසය පළ කළේය.

මෙම සාකච්ඡාව සදහා ඇමතිවරයා සමග ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති සහ යුනෙස්කෝ සංවිධානයේ නිත්‍ය නියෝජිත මහාචාර්ය ක්ෂණිකා හිරඹුරේගම, ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති අශෝක් පතිරගේ, ප්‍රධාන විධායක නිළධාරී විපුල ගුණතිලක, සිවිල් ගුවන් සේවා අධිකාරියේ  සභාපති උපුල් ධර්මදාස යන  මහත්ම මහත්මිහු ද සහභාගී වුහ.

250039415 447137460100765 2325606675334842211 n

 

News - Tourism

Sri Lanka Convention Bureau’s Roadmap for a Knowledge-Driven MICE Sector

During the first half of 2026, the Sri Lanka Convention Bureau (SLCB), through its Research, Development & Training Division, successfully implemented a series of capacity-building initiatives aimed at strengthening Sri Lanka's Meetings, Incentiv

Continue Reading

Sri Lanka Tourism Showcases Progress Across Key Sectors – July 2026

Sri Lanka Tourism continues to strengthen its global presence through a series of impactful initiatives and achievements across wellness, marine, cultural, educational, and business tourism. The Sri Lanka Tourism Promotion Bureau (SLTPB) has recently

Continue Reading
Exit
District