වසර 06කට පසුව ප්‍රංශයේ සිට ශ්‍රි ලංකාවට පැමිණි ශ්‍රි ලංකන් පළමු ගුවන් යානය මගීන්ගෙන් පිරි යයි. ඒ අනුව ප්‍රංශයේ පැරිස් නුවර Charles De Gaulle ගුවන් තොටුපළේ සිට කටුනායක ගුවන්තොටුපළට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට අයත් UL 564 ගුවන් යානයේ ගුවන් මගීන් 200කට අධික පිරිසක් ශ්‍රි ලංකාවට පැමිණියහ. ඒ අතර සංචාරකයෝ විශාල පිරිසක් ද වූහ.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම ශ්‍රි ලංකාව හා ප්‍රංශය අතර සෘජු ගුවන් ගමන් වසර 06කට පසුව යළි ආරම්භ කළේ  ඊයේයි (31). ඊයේ අළුයම 01 ට UL 564 ගුවන් යානය එම ගුවන් තොටුපළේ සිට ශ්‍රි ලංකාව බලා පියාසර කිරිම ආරම්භ කළේ ඊයේ සවසයි. එය අද (01) අළුයම 04.25 ට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට ගොඩ බැස්සුවේය.

මෙම ගුවන් යානයෙන් මෙරටට පැමිණි බොහෝ ශ්‍රී ලාංකිකයන් දිවයිනට පැමිණියේ වසර ගණනාවකට පසුව වීම ද විශේෂත්වයකි. ඔවුන් කීවේ ප්‍රංශය හා ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් ගමන් යළි ආරම්භ වීම සතුටට කරුණක් බවය. එය ශ්‍රී ලංකාව හා ප්‍රංශය අතර ද්විපාර්ශවික සබදතා තව තවත් පුළුල් විමට හේතුවනු ඇතැයි ද ඔවුහු පෙන්වා දුන්හ.

ශ්‍රී ලංකාව හා ප්‍රංශය අතර මුලින්ම සෘජු ගුවන් ගමන් ආරම්භ කෙරුණේ 1980 වසරේදියි. අඛණ්ඩව සතිපතා ගුවන් ගමන් වාර 03 ක් ප්‍රංශය හා ශ්‍රී ලංකාව අතර ගමන් කළ අතර ඉරිදා (31) සිට ද සතිපතා ගුවන් ගමන් වාර 03 ක් ප්‍රංශය හා ශ්‍රී ලංකාව අතර සිදු කිරීමට ශ්‍රී ලංකන් ගුවන් සමාගම කටයුතු කර තිබේ. ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවසන්නේ ඉදිරි දිනවල ප්‍රංශයේ සිට පැමිණිමට නියමිත ගුවන් යානාවල ද ආසන මේ වන විට සීඝ්‍ර යෙන් වෙන් කෙරෙමින් පවතින බවයි.

ප්‍රංශය ශ්‍රී ලංකාවට සංචාරකයන් පැමිණෙන ප්‍රධාන රටවලින් එකකි. පසුගිය ඔකතෝම්බර් 01 වෙනිදා සිට 24 වන දින දක්වා පමණක් මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 16,451 කි. ඉන් 453 දෙනෙකු පැමීණ ඇත්තේ ප්‍රංශයෙනි. ශ්‍රි ලංකන් ගුවන් සමාගම නව සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීමත් සමග මෙම සංඛ්‍යාව ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. එයාර් ෆාන්ස් ගුවන් සමාගමට ද ලබන සිකුරාදා (05) සිට ශ්‍රි ලංකාවට සෘජු ගුවන් ගමන් ආරම්භ කරයි. එය ද මෙරටට සංචාරකයන් වැඩි වශයෙන් පැමීණීමට හේතු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

1e13748a 15fe 4746 a89e c11921e0e3f2

News - Tourism

Sri Lanka Convention Bureau’s Roadmap for a Knowledge-Driven MICE Sector

During the first half of 2026, the Sri Lanka Convention Bureau (SLCB), through its Research, Development & Training Division, successfully implemented a series of capacity-building initiatives aimed at strengthening Sri Lanka's Meetings, Incentiv

Continue Reading

Sri Lanka Tourism Showcases Progress Across Key Sectors – July 2026

Sri Lanka Tourism continues to strengthen its global presence through a series of impactful initiatives and achievements across wellness, marine, cultural, educational, and business tourism. The Sri Lanka Tourism Promotion Bureau (SLTPB) has recently

Continue Reading
Exit
District