මෙරටට පැමිණෙන ගුවන් යානා සඳහා හෙට සිට ගුවන්තොටුපොළ විවෘත වුවත් ඉන්දියානු  සහ වියට්නාම් ජාතිකයින්ට මෙරටට පැමිණිමට අවසර නොලැබෙන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. 
එමෙන්ම ඉකුත් දින 14 ක කාලය තුළ ඉන්දියාවේ සහ වියට්නාමයේ රැඳී සිටි හෝ එම රටවල ගුවන් තොටුපොළ  අතරමැදි ගුවන් තොටුපළක් ලෙස භාවිතාකල  ශ්‍රී ලාංකිකයින්ට සහ වෙනත් සංචාරකයින්ටද  මෙම තහනම බලපැවැත්වෙයි.
එම රටවල කොවිඩ්  වසංගත තත්වය  සලකා බැලීමෙන් පසුව සෞඛ්‍ය අංශ උපදෙස් පරිදි මෙම තීරණයට එළැඹ තිබේ. 
අනෙක් රටවල් සම්බන්ධයෙන් දැනට එවැනි තීරණයක් ගෙන නොමැති හෙයින් මෙරටට ඒමේ බලාපොරොත්තුවෙන් එම රටවල්වල රැඳී සිටින ශ්‍රී ලාංකිකයින්ට හා සංචාරකයින්ට සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින්  ලංකාවට පැමිණිය හැකිය.
ජනතාවගේ සෞඛ්‍යය ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මෙවැනි තීරණ ගනු ලබන බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

News - Tourism

Sri Lanka Tourism Showcases the Island’s Diverse Tourism Experiences at JATA Tourism Expo 2026 in Tokyo

Sri Lanka Tourism Showcases the Island’s Diverse Tourism Experiences at JATA Tourism Expo 2026 in Tokyo

Continue Reading

Sri Lanka Tourism Strengthens Travel Trade Partnerships Through 2026 B2B Networking Series in Australia and New Zealand

Sri Lankan delegates engage over 250 Australian and New Zealand travel agents across a landmark five-city roadshow

Continue Reading

Upcoming Events

Exit
District