මේ වන විට අප අතර සිටින ජේෂ්ඨතම ගුවන් නියමුවා වන කපිතාන් ෂෙල්ටන් ටෙරන්ස් ගුණවර්ධන සිය ගුවන් නියමු බලපත්‍ර සංරක්ෂණ කටයුතු සඳහා ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරියට භාරදීම පසුගිය දා සිදුකලා.

දැනට 95 වන වියේ පසුවන කපිතාන් ගුණවර්ධන, ජාතික ගුවන් සේවය වූ එයාර් සිලෝන් හි ආරම්භක ගුවන් නියමුවෙකු ලෙස කටයුතු කලේය. පසුව එක්සත් රාජධානියේ පෞද්ගලික ගුවන් සමාගම් කිහිපයක සේවය කර 1985 වසරේ සේවයෙන් විශ්‍රාම ලැබූ ඔහු පයිලට් සීයා යන අනුවර්ථ නාමයෙන් ගුවන්සේවා ලෝලීන් අතර ජනප්‍රියත්වයට පාත්‍රවී ඇත.

පනහ සහ හැට දශක වල පැවති සියළු වානිජ ගුවන්යානා මාඳිළින් පැදවීමට හැකිවන පරිදි, සිවිල් ගුවන්සේවා දෙපාර්තමේන්තුව විසින් 1949 වසරේ දී නිකුත් කරන ලද B ඝණයේ නියමු බලපත්‍රය සහ ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා සංවිධානය විසින් නිකුත් කරන ලද නියමු බලපත්‍රය සමග ඔහු විසින් සිදුකල පියසැරීන් පිළිබඳ සියළු සටහන් තැබූ ලොග් සටහන් පොත් ද මෙලෙස සංරක්ෂණ කටයුතු සඳහා ලබාදීම සිදුවූයේ සිවිල් ගුවන්සේවා අතිරේක අධ්‍යක්ෂ ජනරාල් පී. ඒ. ජයකාන්ත මහතා පසුගිය දා කපිතාන් ගුණවර්ධන මුණගැසුන අවස්ථාවේ දී ය.

ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය විසින් ගුවන්සේවා ක්ෂේත්‍රයේ ඉතිහාසගත තොරතුරු ඉදිරි පරම්පරාව වෙත දායාද කිරීමේ අරමුණින් සංරක්ෂණය කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති අතර එහි එක් පියවරක් ලෙස අතීත ගුවන්සේවා තොරතුරු සහ දත්ත රැස්කිරීමේ අරමුණින් මෙම හමුව සිදුවිය.

සියවසකට එහා ගිය, ශ්‍රී ලංකාවේ සිවිල් ගුවන්සේවා කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් උරදී කටයුතු කල කර්මාන්තකරුවන් සහ පුද්ගලයින් ඇගයීමට ලක්ක්රීම වෙනුවෙන් “සිවිල් ගුවන්සේවා සම්මාන ප්‍රධානය 2021” නමින් වැඩසටහනක් එළඹෙන දෙසැම්බර් මස දී මෙරට ගුවන්සේවා ක්ෂේත්‍රයේ පළමු වරට සංවිධානය කිරීමට සැලසුම් කරමින් පවතින අතර එහි එක් අංගයක් ලෙස මෙවැනි ජේෂ්ඨයන් ඇගයීමට ද කටයුතු සූදානම් කරමින් පවතී.

ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස, සිවිල් ගුවන්සේවා අධ්‍යක්ෂ ජනරාල් කපිතාන් තේමිය අබේවික්‍රම යන මහත්වරුන්ගේ උපදේශකත්වය මත සිවිල් ගුවන්සේවා සම්මාන ප්‍රධනය සහ ප්‍රවීණයන් ඇගයීමේ වැඩසටහන් ක්‍රියාත්මක වේ.

ගුවන්සේවාවේ නුදුටු පැතිකඩ සොයා යන රූපමය චාරිකාව වන සෑම සෙනසුරාදාවකම සවස 06 30 ට ජාතික රූපවාහිනියෙන් විකාශය වන ගුවන්සැරිසර රූපවාහිනී වැඩසටහනෙහි පටිගත කිරීමක් ද මෙයට සමගාමීව සිදුවිය.

Image 1

- සිවිල් ගුවන්සේවා අධිකාරිය

சுற்றுலா அமைச்சின் செய்திகள்

4th Meeting of the BIMSTEC Network of Tour Operators – July 2026

Sri Lanka successfully hosted the 4th Meeting of the BIMSTEC Network of Tour Operators on 21–22 July 2026 at the Sheraton Colombo

Continue Reading

Sri Lanka Convention Bureau’s Roadmap for a Knowledge-Driven MICE Sector

During the first half of 2026, the Sri Lanka Convention Bureau (SLCB), through its Research, Development & Training Division, successfully implemented a series of capacity-building initiatives aimed at strengthening Sri Lanka's Meetings, Incentiv

Continue Reading

எதிர்வரும் நிகழ்வுகள்

Exit
மாவட்டம்