FO4A3547 1 FO4A3628 1 

පාකිස්ථානය හා ශ්‍රී ලංකාව අතර සංචාරක ප්‍රවර්ධනය වෙනුවෙන් ඒකාබද්ධ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරේ. ඊයේ (23) අත්සන් කළ සංචාරක සහයෝගිතාව පිළිබද අවබෝධතා ගිවිසුමට අනුව  මේ සඳහා අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමට අද (24)  දෙරටේ සංචාරක අමාත්‍යවරු එකඟතාවකට එළඹුණහ.

පාකිස්ථානු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා සමග මෙරට නිල සංචාරයට පැමිණ සිටින දූත කණ්ඩායමේ නියෝජිතයෙකු වන පාකිස්ථානූ සංචාරක අමාත්‍ය සාහේඩ් සුල්ෆිකාර් අබ්බාස් බකාරි මහතා සහ සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අතර මෙම ද්වි පාර්ශික සාකච්ඡා අද (24) සංචාරක අමාත්‍ය කාර්යාලයේ දී පැවැත්විණ.

පාකිස්ථානු සංචාරක අමාත්‍ය  සාහේඩ් සුල්ෆිකාර් අබ්බාස් බකාරි මහතා මෙහි දී කියා සිටියේ පාකිස්ථානයේ ප්‍ර දේශ ගණනාවක බෞද්ධ උරුමයන්ට අදාළ පෞරාණික නටඹුන් ඇති බවයි. ඉපැරණි ශිෂ්ඨාචාර නටඹුන් බෞද්ධ උරුමයන් නැරඹීමට ශ්‍රී ලාංකික සංචාරකයන් වැඩි උනන්දුවක් දක්වන බැවින් දෙරට අතර ඒකාබද්ධ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම දෙරටේ සංචාරක ව්‍යාපාරය නංවාලීමට හේතුවනු ඇතැයි ඔහු පෙන්වා දුන්නේය. ජූනි මාසයේ දී පාකිස්ථානු ක්‍රිකට් කණ්ඩායම දිවයිනට පැමිණිමට අපේක්ෂා කරන බැවින් එය ද මෙරට සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනයට හේතු වනු ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා කීවේය.

කොවිඩ් වසංගතය හේතුවෙන් සංචාරක බුබුළක් ලෙස දෙරටේ සංචාරකයන්ට රටවල් විවෘත කිරීම පිළිබදව මෙහි දී අවධානය යොමු කෙරිණි. සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ඒ සදහා අවශ්‍ය ඉදිරි පියවර ගැනීමට අමාත්‍යවරු තීරණය කළහ. දැනටමත් පාකිස්ථෘනයේ කරච්චි හා ලාහෝර් සිට ශ්‍රී ලංකාවට සෘජු ගුවන් ගමන් සිදුවේ. ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී සදහන් කළේ ඉස්ලාම්බාද් දක්වා ද සෘජු ගුවන් සේවා ආරම්භ කිරීම කෙරෙහි අවධානය යොමු වී ඇති බවයි. ජාතික ක්‍රිකට් තරගවලට අමතරව දෙරට අතර සංගම් ක්‍රිකට් තරගාවලි සංවිධානය කෙරෙහි ද අවධානය යොමු කළ යුතු යැයි පාකිස්ථානු සංචාරක ඇමතිවරයා මෙහි දී යෝජනා කළේය. ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කළේ ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ මහතාගේ අවධානය මේ සදහා යොමු කරන බවයි.

දෙරටේ සංචාරක සංවිධායකයන් දැනුවත් කිරීමටත් ඒ අනුව අවබෝධතා ගිවිසුමේ සදහන් කරුණු කඩිනමින් ඉටු කිරීමටත් මෙහිදී තීරණය කෙරිණී. දෙරට අතර සංචාරක ආයෝජන අවස්ථා පුළුල් කර ගැනීම සම්බන්ධයෙන්ද මෙහිදී දීර්ඝ ලෙස අදහස් හුවමාරු කර ගැනිනි.

මෙම සාකච්ඡාව සඳහා සංචාරක අමාත්‍යංශයේ ලේකම් එස්.හෙට්ටිආරච්චි,සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනි කිමාලි ප්‍රනාන්දු මහත්මිය ද එක්වූහ.

සංචාරක පුවත්

Wildlife and Nature-based Purpose-driven travel to play a pivotal role in Tourism Promotions in the UK -2025

Sri Lanka Tourism successfully promoted its renewed focus on purpose-driven travel through major event held in the United Kingdom, emphasizing the island’s rich biodiversity and unique nature-based tourism experiences. The initiative was aimed at pos

Continue Reading

British National Honored for Heroic Efforts in Ella Bus Tragedy

Colombo, Sri Lanka — September 10, 2025 A heartfelt felicitation ceremony was held at the Parliament of Sri Lanka to honor Ms. Amy Victoria Gibb, a British national, for her extraordinary humanitarian service during the tragic bus accident on Ella–Ra

Continue Reading

ඉදිරි වැඩසටහන්

Exit
දිස්ත්‍රික්කය