සංචාරකයන්ට රට විවෘත කිරීමත් සමග ක්‍රීඩාව පදනම් කර ගත් සංචාරක කර්මාන්තය දියුණු කිරීම සදහා සංචාරක, ක්‍රීඩා හා සෞඛ්‍ය අමාත්‍යාංශ ඒකාබද්ධ වැඩ පිළිවෙලක් සැකසේ. ඒ අනුව ලබන වසර තුල සංචාරක කර්මාන්තය දියුණු කිරීම පදනම් කරගත් ක්‍රීඩා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සදහා අදාල අමාත්‍යාංශ තුනේ ලේකම්වරුන්ගෙන් සමන්විත ඉහල පෙලේ කමිටුවක්ද පත් කර ගැනින.

සංචාරක අමාත්‍යාංශයේ දී ඊයේ (14) පැවති විශේෂ සාකච්ඡාවකදි මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණ. සාකච්ඡාව පැවැත්වුයේ සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග, ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ හා සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙනි. අදාල අමාත්‍යාංශ තුනේ ඉහල බලධාරීන් සමග සංචාරක කර්මාන්තයේ නිරත හෝටල් හා සේවා සපයන්නන්ගේ සංවිධාන නියෝජිතයෝද මෙම අවස්ථාවට සහභාගී වුහ.

මේ අනුව ලබන වසර තුල සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සංචාරකයන් ආකර්ශණය කර ගැනීම සදහා දිවයින පුරා ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිඩා තරගාවලි සංවිධානය කෙරේ. ක්‍රිඩා අමාත්‍යාංශ බලධාරීන් පෙන්වා දුන්නේ පාසල් ක්‍රීඩාද ඇතුලත්ව ක්‍රීඩා උත්සව 420 ක් පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි. කොවිඩ් තත්වය පාලනය වීමත් සමග ලෝකයේ ප්‍රධාන පෙලේ ක්‍රීඩා තරගාවලි 80ක් පැවැත්වීමට නියමිත බවත් ලංකාව තුල එම තරගාවලි කීපයක් පැවැත්වීමට අවස්ථාව ලබා ගැනීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇති බවත් මෙහිදි අනාවරණය විය.

ක්‍රිකට්, ෆුට්බෝල්, රග්බි, කබඩි, බීච් වොලිබෝල් හා නෙට්බෝල් තරගාවලි මෙරට සංවිධානය කිරීමට සැලසුම් කර තිබේ. ආසියානු කුසලානයට අමතරව එංගලන්තය, බංගලාදේශ, ඉන්දියා හා දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම් මෙරට සංචාරය කිරීමට නියමිතයි.

ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ මහතා මෙහිදි කියා සිටියේ කොවිඩ් 19 වසංගත තත්වය හේතුවෙන් සංචාරක කර්මාන්තයට පසුව වැඩිම පීඩාවට පත්වූ ක්ෂේත්‍රය තරුණ හා ක්‍රීඩා ක්ෂේත්‍රය බවයි. සෞඛ්‍ය අමාත්‍යාංශ නිර්දේශ සහිතව පසුගියදා පැවති LPL තරගාවලිය තුලින් ලත් අත්දැකීම් සමග සංචාරක සෞඛ්‍ය ක්‍රීඩා අමාත්‍යාංශ එකාබද්ධ ක්‍රීඩා ක්ෂේත්‍රය පදනම් කර ගනිමින් සංචාරක කර්මාන්තය දියුණු කිරීමට අපේක්ෂා කරන බව ඔහු කීවේය. දැනටමත් වාර්ෂික ක්‍රීඩා දිනපොතක් අමාත්‍යාංශය විසින් සකස් කර ඇතැයි පැවසූ ඇමති නාමල් රාජපක්ෂ මහතා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සංචාරක අමාත්‍යාංශයේද සහයෙන් එය ක්‍රියාත්මක කරන බවද කිවේය.

ඇමති ප්‍රසන්න රණතුංග මහතා කිවේ කොවිඩ් නිසා බිද වැටුනු සංචාරක ව්‍යාපාරය නංවාලීමට මෙය ස්වර්ණමය අවස්ථාවක් බවයි. නීති රීති වලට හිර නොවි මෙම වැඩ සටහන ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය පෙන්වා දුන් ඇමතිවරයා මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමෙන් රජයේ සංචාරක ඉලක්ක ජයග්‍රහණය කළ හැකි බවද අවධාරණය කළේය. ක්‍රීඩාව පදනම් කරගත් සංචාරක ව්‍යාපාරය අද ලෝකයේ ඉතා ඉහළ ඉල්ලුමක් පවතින ක්ෂේත්‍රයක් බව පෙන්වාදුන් ඇමතිවරයා මෙරට සංචාරක ව්‍යාපාරය කොවිඩ් 19 පැතිරයාමට පෙර තිබූ තත්වයටත් වඩා දියුණු කිරීම රජයේ අපෙක්ෂාව බවද සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කිවේය මේ සදහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ පූර්ණ සහය හිමි වන බවයි.

ක්‍රීඩා, සංචාරක කර්මාන්තය දියුණු කිරීම සදහා සංචාරක, ක්‍රීඩා හා සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන්ගෙන් සමන්විත ඉහල පෙලේ කමිටුවක් මෙහිදි පත් කර ගැනුනු අතර සති 02 ක් තුල අදාල කමිටුවට මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සදහා ක්‍රියාත්මක වැඩ පිළිවෙලක් ලබා දෙන ලෙසද ඇමති ප්‍රසන්න රණතුංග මහතා උපදෙස් දුන්නේය. ඊට අමතරව මේ සම්බන්ධයෙන් ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමටද මෙහිදි තීරණය කෙරිණ.

රාජ්‍ය ඇමති ඩී. වී. චානක, අමාත්‍යාංශ ලේකම් එස්. හෙට්ටිආරච්චි, ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධන, සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනී කිමාලි ප්‍රනාන්දු, සිවිල් ගුවන්සේවා ආධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් තේමිය අබේවික්‍රම, සිවිල් ගුවන්සේවා අධිකාරිය, ගුවන්තොටුපල හා ගුවන්සේවා සමාගම් නියෝජිතයෝද මෙම අවස්ථාවට එක්ව සිටියහ.   

 66 77 
 33  99
 1313  55

සංචාරක පුවත්

The Embassy of Sri Lanka in the Republic of Korea hosted Pulse of Sri Lanka – A Celebration of Dance and Heritage on 5 June 2026 at the Kkumbit Theater, Seongbuk Media Culture Maru, Seoul, presenting a vibrant showcase of Sri Lanka’s cultural traditi

Continue Reading

Sri Lanka Tourism Wins Four Prestigious International Awards at SITF 2026 in South Korea

Sri Lanka Tourism achieved outstanding international recognition at the 41st Seoul International Travel Fair (SITF 2026), held from 4–7 June 2026 at COEX, Seoul, South Korea, securing four prestigious awards that highlight the country's growing promi

Continue Reading

ඉදිරි වැඩසටහන්

Exit
දිස්ත්‍රික්කය