කෝවිඩ් වසංගතය පාලනය කිරීමත් සමග ශ්‍රී ලංකාව ආකර්ශණීය සංචාරක ගමනාන්තයක් ලෙස ලොව පුරා ප්‍රචලිත කිරීමට කටයුතු කරන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ දැනටමත් ඒ සදහා අවශ්‍ය ක්‍රියාකාරී වැඩ පිළිවෙල සකස් කර ඇති බවයි.
මෙරට ඔස්ට්‍රේලියාවේ මහ කොමසාරිස් ඩේවිඩ් හෝලි මහතා සමග සංචාරක අමාත්‍යංශයේ පසුගියදා (16) පැවති සාකච්ඡාවේදී ඇමතිවරයා මේ බව සදහන් කලේය.
සංචාරකයන් මිලියන 07ක් වාර්ෂිකව මෙරටට ගෙන්වා ගැනීමටත් ඉන් වාර්ෂිකව ඇමරිකානු ඩොලර් බිලියන 10ක් ජාතික ආර්ථිකයට එක් කිරීමත් රජයේ ඉලක්කය වූ බව මෙහිදී පෙන්වා දුන් ඇමති ප්‍රසන්න රණතුංග මහතා කොවිඩ් වසංගතය හමුවේ වුවද එම ඉලක්කය රජය තවමත් අතහැර නැතැයිද කීවේය. ඔහු පෙන්වා දුන්නේ කොවිඩ් හමුවේ වුවද එම ඉලක්කය සපුරා ගැනීමට අපේක්ෂා කරන බවයි.
ඕස්ට්‍රේලියානු සංචාරකයන් මෙන්ම එරට ආයෝජකයන්ද ශ්‍රී ලංකාවට පැමිණීමට හා ආයෝජනයට වැඩි කැමත්තක් දක්වන බව පැවසූ මෙරට ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයා මෙරට සංචාරක හා අයෝජන ක්ෂේත්‍ර සංවර්ධනය සදහා ඕස්ට්‍රේලියානු රජයේ පූර්ණ සහාය ලබා දෙන බවටද සහතික වූයේය.
ඕස්ට්‍රේලියානු රජයේ මැදිහත් වීමෙන් නැගෙනහිර පලාතේ මේ වන විට ක්‍රියාත්මක ව්‍යවසාය සංවර්ධන ව්‍යාපෘතිය සදහා ඉදිරි වසරේදි ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 25ක් වෙන් කිරීමට අපේක්ෂා කරන බවද මෙරට ඕස්ට්‍රේලියානු මහකොමසාරිස්වරයා මෙහිදී කීවේය. ප්‍රදේශයේ කාන්තාවන්, තරුණ තරුණියන් වෙනුවෙන් මෙමගින් විශේෂ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන බවද ඔහු කීවේය.
සංචාරක අමාත්‍යංශයේ ලේකම් එස්.හෙට්ටිආරච්චි, රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් මාධව දේවසුරේන්ද්‍ර, ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ දෙවන ලේකම් ඩැන්ලේ කැෂේන්, ජ්‍යෙෂ්ඨ ව්‍යාපෘති නිළධාරී සිවසුදාන් රමනාදන් යන මහත්වරුන් මෙම සාකච්ඡාවට එක්වූහ.

 78eff69f 28a5 4f59 a398 35ff71e2a175 d41775c9 e172 4582 a6ae 0b283c104c02 
 debc289a d89b 403b b828 3d320cd90910 ec2be648 7f84 49e6 8bff 7492173555af 

සංචාරක පුවත්

Sri Lanka Mega Roadshow 2026 Achieves Remarkable Success In Seoul, Strengthening Tourism, Cultural And Buddhist Ties Between Sri Lanka And South Korea

The Sri Lanka Tourism Promotion Bureau (SLTPB), in collaboration with the Embassy of Sri Lanka in the Republic of Korea, successfully concluded the Sri Lanka Mega Roadshow 2026 at the prestigious Lotte Hotel Seoul on 08 June 2026, further strengtheni

Continue Reading

The Embassy of Sri Lanka in the Republic of Korea hosted Pulse of Sri Lanka – A Celebration of Dance and Heritage on 5 June 2026 at the Kkumbit Theater, Seongbuk Media Culture Maru, Seoul, presenting a vibrant showcase of Sri Lanka’s cultural traditi

Continue Reading

ඉදිරි වැඩසටහන්

Exit
දිස්ත්‍රික්කය