c1  c2

අගෝස්තු 01 වෙනිදා කටුනායක ගුවන් තොටුපළ සංචාරකයන් සදහා විවෘත කිරීමට සමගාමිව මත්තල ගුවන් තොටුපළේ ද ජාත්‍යන්තර ගුවන් මෙහෙයුම් ඇරඹීමට රජය සුදානම් වෙයි. කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කළේ දැනටමත් ගුවන් සේවා අධිකාරිය, ගුවන් තොටුපළ හා ගුවන් සේවා අමාත්‍යංශය මේ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගනිමින් සිටින බවයි.

අගෝස්තු 01 වෙනිදා සිට කටුනායක ගුවන් තොටුපළ සංචාරකයන් සදහා විවෘත කිරීමට අවශ්‍ය අතිනවීන සමේ උෂ්ණත්ව හදුනා ගැනීමේ කැමරා උපකරණ, නවීන සන්නිවේදන පද්ධති, අධෝරක්ත උෂ්ණත්වමාන, විශේෂිත මුහුණු ආවරණ, පි.පි.සී ආවරණ හා අත් වැසුම් වැනි උපකරණ තොගයක් ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමට ලබා දීමේ උත්සවයට එක්වෙමින් ඇමතිවරයා මේ බව සදහන් කළේය. උත්සවය අද (16) කටුනායක ගුවන් තොටුපළ පරිශ්‍රයේ දී පැවැත්විණ. රුපියල් මිලියන 45 ක් වටිනා මෙම උපකරණ තොගය කටුනායක ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමට ප්‍රදානය කළේ සංක්‍රමණිකයන් සදහා වන ජාත්‍යන්තර සංවිධානයයි. ජපානය හා ඕස්ට්‍රේලියානු රජයන් මෙම ප්‍රදානයන් අදාළ සංවිධානයට ලබා දී තිබිණි.

උපකරණ තොගය භාරගැනීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් ඇමතු ප්‍රසන්න රණතුංග මහතා පැවසුවේ විදේශගත ශ්‍රමිකයින් මවුබිමට ගෙන්වා ගැනීමේ කටයුතු ද කඩිනමින් අවසන් කරන ලෙස ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් උපදෙස් දී ඇති බවයි. ඒ නිසා අගෝස්තු 01 වෙනිදාට පෙර විදේශගත ව සිටින ශ්‍රී ලංකාවට පැමිණීමට සිටින අපේක්ෂාවෙන් සිටින සියලු දෙනා දිවයිනට ගෙන්වා ගැනීමට හැකිවනු ඇතැයි ද ඇමතිවරයා විශ්වාසය පළ කළේය.

කටුනායක ගුවන් තොටුපළට සමගාමි ව සංචාරකයන් සදහා මත්තල ගුවන් තොටුපළ ද විවෘත කරන බව පැවසු ඇමතිවරයා ගුවන් සමාගම් සමග දැනටමත් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇතැයි කීවේය. මත්තල ගුවන් තොටුපළට පැමිණෙන සියලුම ජාත්‍යන්තර ගුවන් යානා අදාළ ගුවන් තොටුපළ හා ගුවන් සේවා බද්දෙන් නිදහස් කිරීමට ද රජය තීරණය කර තිබේ. ඊට අදාළ කැබ්නට් පත්‍රිකාවට පසුගිය පෙබරවාරි මාසයේ දී අනුමැතිය හිමි විය. ඒ අනුව මත්තල ගුවන් තොටුපළේ ගුවන් මෙහෙයුම් කඩිනමින් ආරම්භ කිරීමට ගුවන් සමාගම් කීපයක් ම දැනටමත් එකගත්වය පළ කර ඇතැයි ද ඇමතිවරයා කිවේය.

දිවයිනට පැමිණෙන ඕනෑම පුද්ගලයෙකු පි.සී.ආර් පරීක්ෂණයකට ගුවන් තොටුපළේදී ම ලක් කරන බවත්, එය අනිවාර්ය බවත් පැවසු ප්‍රසන්න රණතුංග මහතා සංචාරකයන්ට දිවයිනේ සංචාරය කිරීමට හැකියාව ලැබෙන්නේ ගුවන් තොටුපළේ සිදු කරනු ලබන පි.සි.ආර් පරීක්ෂාවෙන් පසුව බව ද කීවේය. සෞඛ්‍ය අංශ උපදෙස් දැඩි ලෙස ක්‍රියාත්මක කරන ලෙස අදාළ අංශ වෙත උපදෙස් දී ඇතැයි ද ඇමතිවරයා මෙහි දී කීවේය.

මීට අමතරව නීත්‍යානුකූල නොවන මාර්ග වලින් පුද්ගලයින් රටට ඇතුළුවීම වැළැක්වීම සදහා ද රජය පියවර ගෙන තිබේ. විශේෂයෙන් ම මුහුදු මාර්ගයෙන් මෙරටට නීතිවිරෝධි සංක්‍රමණිකයින් පැමිණීම වැළැක්වීමට වෙනම මෙහෙයුමක් මේ දිනවල ක්‍රියාත්මක වන බව පැවසු ප්‍රසන්න රණතුංග මහතා මේ සියල්ල සිදු කරන්නේ මෙරටට කොවිඩ් 19 රෝගය ඇතුළුවීම වැළැක්වීම සදහා බව කීවේය.

මෙම අවස්ථාවට ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ සභාපති මේජර් ජී.ඒ. චන්ද්‍රසිරි, සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස, සංක්‍රමණිකයන් සදහා ජාත්‍යන්තර සංවිධානයේ සංක්‍රමණික හා  පාලන ප්‍රධානී ශාන්ත කුලසේකර යන මහත්වරු සහභාගී වුහ.

සංචාරක පුවත්

Sri Lanka Tourism Showcases the Island’s Diverse Tourism Experiences at JATA Tourism Expo 2026 in Tokyo

Sri Lanka Tourism Showcases the Island’s Diverse Tourism Experiences at JATA Tourism Expo 2026 in Tokyo

Continue Reading

Sri Lanka Tourism Strengthens Travel Trade Partnerships Through 2026 B2B Networking Series in Australia and New Zealand

Sri Lankan delegates engage over 250 Australian and New Zealand travel agents across a landmark five-city roadshow

Continue Reading
Exit
දිස්ත්‍රික්කය