රුසියාවේ පැවති එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානයේ (UNWTO) මහා සභා රැස්වීමේදී UNWTO මහලේකම් සූරාබ් පොලොලිකෂ්විලි සමඟ සංචාරක සංවර්ධන, වනජීවී හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මැතිතුමා
2019 වර්ෂයේ සිට 2021 වර්ෂය දක්වා කාලපරිච්ජේදය සඳහා එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානයේ (UNWTO) දකුණු ආසියානු කොමිෂන් සභාවේ උප සභාපතිවරුන් දෙදෙනෙකුගෙන් එක් අයෙකු ලෙස ශ්‍රී ලංකාව පත් කර ඇතග 2019 වර්ෂයේ සිට 2023 වර්ෂය දක්වා කාලපරිච්ජේදය සඳහා එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානයේ (UNWTO) වැඩසටහන් සහ අයවැය කමිටුව පිළිබඳ කොමිෂන් සභාවේ නියෝජිතයා ලෙස ද ශ්‍රී ලංකාව ඒ හා සමගාමීව තෝරාගෙන තිබේ.
“2019 වර්ෂයේ සිට 2023 වර්ෂය දක්වා කොමිෂන් සභාවේ උප සභාපතිවරු දෙදෙනාගෙන් එක් අයෙකු ලෙස සේවය කිරීම සඳහා කොමිෂන් සභාවේ දකුණු ආසියානු සාමාජික රටවල් විසින් ශ්‍රී ලංකාව කෙරෙහි තබා ඇති විශ්වාසය පිළිබඳව මාගේ උණුසුම් සුබ පැතුම් ඔබට පිරිනමමි. 2019 වර්ෂයේ සිට 2023 වර්ෂය දක්වා කාලපරිච්ජේදය සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වැඩ සටහන් සහ අයවැය කමිටුව පිළිබඳ කොමිෂන් සභාවේ නියෝජිතයා ලෙස ද ශ්‍රී ලංකාව තේරී පත්වීම පිළිබඳවද ඔබට සුබ පතමි ” යැයි UNWTO හි මහලේකම් විසින් අමාත්‍ය ජෝන් අමරතුංග මැතිතුමා වෙත එවන ලද සිය සුබ පැතුම් ලිපියේ සඳහන් කර ඇත.
එම පුවත සම්බන්ධයෙන් අමාත්‍ය ජෝන් අමරතුංග මැතිතුමා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව මේ වන විට ගෝලීය සංචාරක ක්ෂේත්රයේ වැදගත් ක්‍රියාකාරිකයකු වන අතර මෙම පත්වීම් තවදුරටත් රට ශක්තිමත් කර ගැනීමට ඉවහල් වන බවයි. “මෙම වැදගත් පත්වීම්වලින් පෙනී යන්නේ පසුගිය අවුරුදු කිහිපය තුළ ගෝලීය සංචාරක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව ලබා ඇති පිළිගැනීමය. ලෝක සංචාරක න්‍යාය පත්‍රයට අර්ථවත් ආකාරයකින් දායක වීමටත්, ජාත්‍යන්තර තලයේ ඉහළම ක්‍රියාකාරිකයකු ලෙස සිය ස්ථාවරය තවදුරටත් තහවුරු කර ගැනීමටත් එය ශ්‍රී ලංකාවට උපකාරී වනු ඇත. මෑත අතීතයේ දී මුහුණ පාන ලද සියලු අභියෝග සාර්ථකව ජයගත් ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරයට මෙන්ම පුද්ගලිකව මට ද එය ඉමහත් ගෞරවයක් ”යැයි අමාත්‍ය ජෝන් අමරතුංග මැතිතුමා පැවසීය.
මෙම වසරේ ජුනි මාසයේදී භූතානයේ තිම්පු නුවර පැවති කොමිෂන් සභාවේ 57 වන සමුළු රැස්වීම අතරතුර එම තනතුරු සඳහා ඡන්ද විමසීම සිදු වූ අතර පසුගිය මාසයේ රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් හි පැවති 23 වන UNWTO හි මහා සභා රැස්වීමේදී එය අනුමත විය. මෙම මහා සභා රැස්වීම සඳහා අමාත්‍ය ජෝන් අමරතුංග මැතිතුමා ශ්‍රී ලංකාව නියෝජනය කළේය.
“සංවිධානයේ අනුබද්ධ ආයතනවල මෙම ප්‍රධාන තනතුරු දැරීමෙන් ශ්‍රී ලංකාව UNWTO හි ප්‍රමුඛතා කාර්යයන් සාක්ෂාත් කර ගැනීමට මෙන්ම සමස්තයක් ලෙස කලාපය සහ සංවිධානය සඳහා වැඩ සටහන් ක්‍රියාත්මක කිරීමට බෙහෙවින් දායක වනු ඇති බව මාගේ විශ්වාසයි” යැයි UNWTO හි මහලේකම් සූරාබ් පොලොලිකෂ්විලි පසුගිය සතියේ එවන ලද සිය ලිපියේ සඳහන් කර ඇත.
අමාත්‍ය ජෝන් අමරතුංග මැතිතුමා මීට පෙර 2017 වර්ෂයේ සිට 2019 වර්ෂයේ සැප්තැම්බර් දක්වා කාලය තුළ එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානයේ දකුණු ආසියාව පිළිබඳ කමිටුවේ උප සභාපති ලෙස කටයුතු කළේය.