ජාතික නාමල් උයන හා රෝස තිරිවානා කන්ද ආශ්‍රිතව කේබල් කාර් ව්‍යාපෘතියක් ඇරඹීමේ යෝජනාවට රජයේ අවධානය යොමුවෙයි. මෙම කේබල් කාර් ව්‍යාපෘතිය ජාතික නාමල් උයනේ භාරකාරීත්වය දරණ වනවාසී රාහුල හිමියන්ගේ යෝජනාවකි. මෙම යෝජනාව සම්බන්ධයෙන් මධ්‍යම සංස්කෘතික අරමුදල, වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුව , පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව, සංචාරක සංවර්ධන අධිකාරිය වැනි ආයතන සමඟ ඉදිරියේදී සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
ජාතික නාමල් උයනේ භාරකාරීත්වය දරණ වනවාසී රාහුල හිමියන් සමඟ ඊයේ (08) සංචාරක අමාත්‍යංශයේ පැවැති සාකච්ඡාවක දී ඇමතිවරයා මේ බව සඳහන් කළේය.
වනවාසී රාහුල හිමියෝ මෙම සාකච්ඡාවේදී ඇමතිවරයාට පෙන්වා දුන්නේ ජාතික නාමල් උයන හා රෝස තිරුවානා කන්ද ආශ්‍රිතව කේබල් කාර් ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සංචාරක ආකර්ෂණය ඉහල නැංවීමට හේතුවන බවයි. ජාතික නාමල් උයනේ හා රෝස තිරුවානාකන්ද ආශ්‍රිතව පරිසර පද්ධතියට හානියක් නොවන පරිදි එය සැලසුම් කලයුතු බව ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී අවධාරණය කළේය. ඔහු පෙන්වා දුන්නේ මේ සම්බන්ධයෙන් සියලු පාර්ශව සමඟ සාකච්ඡා කර කඩිනමින් පියවර ගන්නා බවයි. පාරිසරික සංචාරක කර්මාන්තය නංවාලීම නව රජයේ එක් අරමුණක් බවත් ඒ අනුව ඉදිරියේදී ජාතික නාමල් උයන වැනි ස්ථාන දෙස් විදෙස් සංචාරකයන්ගේ වැඩි ආකර්ෂණයට ලක්වන ලෙස දියුණු කිරීමට අපේක්ෂා කරන බවත් ඇමතිවරයා මෙහිදී කියා සිටියේය.
ජාතික නාමල් උයනේ භාරකාරී වනවාසී රාහුල හිමියන් මෙහිදී කියා සිටියේ ශ්‍රී ලංකාවේ වැඩිම නා ගස් සංඛ්‍යාවක් ඇති එකම ස්ථානයද මෙය බවයි.එය අක්කර 760කින් සමන්විතය.මෙරටට ආවේණික හා ආවේණික නොවෙන පක්ෂි වර්ග 18ක් එහි වෙසෙන බවත්, ශාඛා විශේෂ 72ක් හා කෘමී විශේෂ 75ක් ඇති බවත් පරීක්ෂණ මඟින් තහවුරු වී ඇතැයි රාහුල හිමියෝ මෙහිදී පෙන්වා දුන්හ.නාමල් උයනේ ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් වසර කෝටි 50ක් පැරණි යැයි සැලකෙන රෝස තිරිවානා නිධිය අක්කර 250ක භූමි භාගයක විසිරී ඇත. මෙම නිධියේ රෝස තිරිවානා ඉන්දියාවේ මෝගල් අධිරාජ්‍යා සිය පෙම්වතිය සිහි කිරීමට ඉදිකල ටජ් මහල් මන්දිරයේ ජනෙල් අලංකරණයටද යොදවා ගෙන ඇතැයි පැවසේ. පරිගණක අමතර කොටස් හා වාහන වින්ඩිස්ක්‍රීන් සඳහාද මෙම රෝස තිරිවානා යොදා ගන්නා බව පර්යේෂකයෝ පවසති.
ක්‍රි.පූ.තුන්වෙනි සියවසේ දේවානම් පියතිස්ස රජුගේ කාලය දක්වා විහිදෙන මෙම ජාතික නාමල් උයන හා රෝස තිරිවානා කන්ද පිලිබඳ පුරාවෘතය අනුව ක්‍රි.ව.924 දී මෙරට රජකල දප්පුල රජු විසින් මෙය අභයභූමියක් ලෙස නම්කර ඇති බව පුරාණ සෙල්ලිපි වල සඳහන් වන බවද වනවාසී රාහුල හිමියෝ ඇමතිවරයාට මෙහිදී පෙන්වා දුන්හ.

 

 118744879 4960036340688509 2402274725823142226 o 118765944 4960036510688492 3806955612745813617 o 
 118889474 4960036184021858 4288719445221338319 o  118905750 4960036487355161 2450197295812521659 o

සංචාරක පුවත්

Sri Lanka Tourism Showcases Progress Across Key Sectors – July 2026

Sri Lanka Tourism continues to strengthen its global presence through a series of impactful initiatives and achievements across wellness, marine, cultural, educational, and business tourism. The Sri Lanka Tourism Promotion Bureau (SLTPB) has recently

Continue Reading

Sri Lanka Recognized Among World’s Best Travel Destinations for 2026

Sri Lanka has continually proven its potential as a top travel destination, maintaining a strong global image despite challenges such as the Easter attacks, the COVID-19 pandemic, the economic crisis, and the recent Ditwah disaster. Demonstrating res

Continue Reading

ඉදිරි වැඩසටහන්

Exit
දිස්ත්‍රික්කය