කොවිඩ් 19 හේතුවෙන් බිඳ වැටුණු මෙරට සංචාරක ව්‍යාපාරය නංවාලීම සඳහා යූරෝ මිලියන 4.9ක ප්‍රදානයක් ලබාදීමට යුරෝපා සංගමය තීරණය කරයි. මෙම යූරෝ 49ක ප්‍රධානය ඉතා කඩිනමින් ශ්‍රී ලංකාවට ලබාදෙන බවට ද යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා තානාපති ඩෙනිස් චායිබි මහතා සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතාට සහතික වෙයි.
යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා තානාපති ඩෙනිස් චායිබි මහතා සහ සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අතර ඊයේ (07) සංචාරක අමාත්‍යංශයේ දී පැවැති සාකච්ඡාවේදී තානාපතිවරයා මේ බව සඳහන් කළේය. මෙරට සංචාරක ව්‍යාපාරය නංවාලීම සඳහා ගතයුතු පියවර සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මෙම හමුව පැවැත්විණ.
යුරෝපා සංගම් තානාපතිවරයා මෙහිදී කියා සිටියේ සංචාරක කේෂ්ත්‍රයේ සංවර්ධනය සඳහා ප්‍රධාන කේෂ්ත්‍ර 07ක් සඳහා මෙම ප්‍රදානය ලබාදීමට අපේක්ෂා කරන බවයි. සංචාරක මාර්ගෝපදේශ සංග්‍රහයක් සැකසීම, ශරීර සුවතා සංචරණය, සංචාරක කේෂ්ත්‍රයේ නිරත සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට සහාය දීම, කේෂ්ත්‍රයේ නියුතු ද වූවන්ගේ සෞඛ්‍ය හා පුහුණු කටයුතු, සමාජ ආරක්ෂණ වැඩසටහන් හා ප්‍රජා පාදක සංචාරක කර්මාන්තය නංවාලීම වෙනුවෙන් මෙම ප්‍රදානය හිමිවීමට නියමිතය. ඒ අනුව සංචාරක කේෂ්ත්‍රයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් පවත්වාගෙන යන හෝටල් 54ක් සඳහා ආධාර ලබාදීමට නියමිතයි. ලෝක කම්කරු සංවිධානය සමඟ ක්‍රියාත්මක කරන සමාජ ආරක්ෂණ ව්‍යාපෘතිය සඳහා යූරෝ ලක්ෂ 2ක් ලබාදීමටද තීරණය කර තිබේ. මධ්‍යම හා ඌව පලාත් කේන්ද්‍ර කරගත් ප්‍රජා පාදක සංචාරක ව්‍යාපාරය උදෙසා යූරෝ මිලියනයක් වෙන් කිරීමට කටයුතු ද යොදා ඇත.
යුරෝපා සංගම් තානාපතිවරයා මෙහිදී කියා සිටියේ කොවිඩ් 19 පාලනය කෙරුණු හොඳම රට ශ්‍රී ලංකාව බවයි. එය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ වත්මන් රජය ලබාගත් සුවිශේෂී ජයග්‍රහණයක් බව පැවසූ තානාපතිවරයා මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට, අග්‍රාමාත්‍යවරයාට හා ආණ්ඩුවට සිය ප්‍රශංසාව හිමිවන බවද කීවේය. එමෙන්ම ශ්‍රී ලංකාවේ ශක්තිමත් ස්ථාවර රජයක් බිහිවීම පිලිබඳ සිය ප්‍රසාදය පලකරන බව පැවසූ තානාපතිවරයා මෙරට සංචාරක, ආයෝජන කේෂ්ත්‍ර සංවර්ධනය සඳහා සහාය පලකිරීමට යුරෝපා සංගමය ඉතා කැමැත්තෙන් ඉදිරිපත් වන බවද කීවේය.
යුරෝපා සංගමය ශ්‍රී ලංකාවේ සංචාරක කේෂ්ත්‍රයේ උන්නතිය සඳහා දක්වන නිරන්තර දායකත්වයට සිය ස්තූතිය පුද කල ඇමති ප්‍රසන්න රණතුංග මහතා කොවිඩ් වසංගතයෙන් මෙරට ජනතාව ආරක්ෂා කර ගැනීම රජයේ ප්‍රමුඛ කාර්යය ලෙස සලකා ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ ආණ්ඩුව කටයුතු කරන බව කීවේය.මෙම සාකච්ඡා සඳහා ග්‍රවන්සේවා හා අපනයන සැකසුම් කලාප රාජ්‍ය ඇමති ඩී.වී.චානක , යුරෝපා සංගමයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෙළඳ හා සන්නිවේදන ප්‍රධානි තර්ස්ටන් බාග්ෆ්‍රෙඩ් , සංචාරක අමාත්‍යංශයේ ලේකම් එස්.හෙට්ටිආරච්චි, රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් මාධව දේවසුරේන්ද්‍ර යන මහත්වරුද සහභාගී වූහ.

 180fd1ef 7b51 49fe 94e7 05d0f5773a79 136fcad9 8771 4150 8ef0 d1fa9435698c 
 92618b3f 18d0 4fb6 bd65 bb56684637bf  cb0715eb 2961 4fcd aaf0 d0907087cdf4
 1b3a8a66 be91 4820 afab ec16c1ad3f93  fbc46a88 6ef2 415e 8b84 780f0e3d9835

සංචාරක පුවත්

Sri Lanka Tourism Showcases Progress Across Key Sectors – July 2026

Sri Lanka Tourism continues to strengthen its global presence through a series of impactful initiatives and achievements across wellness, marine, cultural, educational, and business tourism. The Sri Lanka Tourism Promotion Bureau (SLTPB) has recently

Continue Reading

Sri Lanka Recognized Among World’s Best Travel Destinations for 2026

Sri Lanka has continually proven its potential as a top travel destination, maintaining a strong global image despite challenges such as the Easter attacks, the COVID-19 pandemic, the economic crisis, and the recent Ditwah disaster. Demonstrating res

Continue Reading

ඉදිරි වැඩසටහන්

Exit
දිස්ත්‍රික්කය