සංචාරක සහ ගුවන් සේවා අමාත්‍යාංශය
අංක 2153/12දරන අති විශේෂ ගැසට් පත්‍රය යටතේ 2019 දෙසැම්බර් 10 වන දිනසංචාරක හා ගුවන් සේවා අමාත්යාංශයස්ථාපිත කරන ලදී. සංචාරක සහ ගුවන් සේවා අංශය භාරව කැපවූ අමාත්‍යාංශයක් ස්ථාපිත කිරීමේ ප්‍රධාන අරමුණු අතර නිසි ප්‍රතිපත්තියක් හා නියාමන රාමුවක් සකස් කිරීම, දැවැන්තයටිතල පහසුකම් සංවර්ධනයහා ගුවන් සේවා සහතික කිරීම,සංචාරක ගමනාන්තයක් ලෙසශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීම සහ අමාත්‍යාංශය යටතේ ගැසට් පත්‍රයේ පළ කරන ලද ආයතන පිළිබඳපරිපාලනමය හා මූල්‍යමය දළ විශ්ලේෂණයන් සිදු කිරීම අයත් වේ.
දැක්ම (සංචාරක)
මතකයේ රැඳෙන, අව්‍යාජ සහ විවිධත්ව අත්දැකීම් සඳහා ලොවවිශිෂ්ටතමදූපත ලෙස හඳුනාගැනීම
මෙහෙවර (සංචාරක)
ශ්‍රී ලංකාවේ ස්වාභාවික හා සංස්කෘතික උරුමය පිළිබිඹු කරනු ලබන,සමාජමය වශයෙන් පිළිගන්නා,පරිසරයට වගකියනු ලබන සහ ප්‍රජාවන්ට සහ රටට ආර්ථික ප්රතිලාභ අත්පත් කර දෙන, අති විශේෂඅත්දැකීම් ලබා දෙන ඉහළ වටිනාකමක් සහිත ගමනාන්තයක් බවට පත්වීම
කාර්යයන් හා කර්තව්‍යයන් (අති විශේෂ ගැසට් පත්‍ර අංක 2153/12 - දෙසැම්බර් 10,අඟහරුවාදා, 2019)
1. සංචාරක සහ ගුවන් සේවා විෂයයට සහ දෙපාර්තමේන්තු හා ව්‍යවස්ථාපිත ආයතනයන්හි විෂයයන්ට හා නීති හා අණ පණත් වලට අදාළප්රතිපත්ති, වැඩසටහන් සහ ව්‍යාපෘති සම්පාදනය කිරීම, ක්‍රියාත්මක කිරීම, පසු විපරම් කිරීම සහ ඇගයීම
2. ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය මතු කරමින් ජාතික ප්‍රතිපත්තියට අනුකූලව සංචාරක කර්මාන්තයසංවර්ධනය කිරීම සහ ප්රමිතීන් ප්‍රවර්ධනය කිරීම
3. සංචාරක නියෝජිතායතන ලියාපදිංචි කිරීම සහ නියාමන කටයුතු
4. ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වය, ප්‍රෞඩ ඓතිහාසිකඋරුමයයන්, පරිසරය, දේශගුණික විවිධත්වය, සයුරු වෙරළ සම්පත් ආදිය මතු කරමින් සුවිශේෂිත සංචාරක දිවයිනක් ලෙස සංචාරකයින්ගේ නිවාඩුනිකේතනයන් හා විනෝදාත්මක පහසුකම් සැපයීමට අදාළජාත්යන්තරව පිළිගත් හෝටල් පහසුකම්, ගුවන් හා මුහුදු ගමන් පහසුකම් ප්‍රවර්ධනය කිරීම
5. ජාත්‍යන්තර හා දේශීය ගුවන් තොටුපලවල් සංවර්ධනය කිරීම හා නියාමන කටයුතු සිදු කිරීම
6. ගුවන් තොටුපලවල මඟින් සැලසෙන සේවාවන්වල ප්‍රගතිය, ගාස්තු සහ ගුණාත්මක භාවය නියාමනය කිරීම
7. ජාත්‍යන්තර ගුවන් ගමන් පුළුල් කිරීම සඳහාඅනෙකුත් රටවල් සමඟ ගිවිසුම්වලට එළඹීම ඇතුළුවඅනෙකුත්අවශ්ය පියවර ගැනීම
8. ශ්‍රී ලංකාවේ ගුවන්තොටුපල විදේශ රටවල් විසින් භාවිතා කිරීමට අදාල ප්‍රවර්ධනය හා නියාමනය
9. දේශීය ගුවන් ගමන් ප්‍රවර්ධනය කිරීම
10. පුද්ගලික ගුවන් ගමන් සේවා අධීක්ෂණය සහ නියාමනය
11. ගුවන් යානා ලියාපදිංචි කිරීම
12. දෙවන තීරුවෙහිදැක්වෙන සියලුම ආයතනයන් අධීක්ෂණය කිරීම සහ අනෙකුත් සියලුම විෂයයන්ට අදාළ කටයුතු

